සේමිණි ඉද්දමල්ගොඩ යනු තමන් නියෝජනය කරන පරපුරේ මෙන්ම වත්මන් පරපුර අතරද තරඟකාරී රංගන ශිල්පිනියකි.
ඇගේ රංගනයට අභියෝග කරන සිදුවීම් මෙන්ම ඇය ඒවාට මුහුණ දෙන ආකාරය ගැන ඇය 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වෙමින් ප්‍රකාශ කළාය.
සිය විවාහ ජීවිතය, පොලිස් නිලධාරියකු වන සැමියා සම්ග ගෙවූ වසර 30ක කාලය, ආදරය වැනි මාතෘකා පිළිබඳව ඉතා රසවත්ව සහ බැරෑරුම් ලෙස ඇය සංවාදයේදී හෙළි කරන්නීය.