lan englan tam

C Chatඑක

මම දෙන්නේ අනුරට; අනිත් අයට දීලා දීලා ඇති වෙලා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මම නම් දෙන්නේ අනුරට; අනිත් අයට දීලා දීලා ඇති වෙලා තියෙන්නේ." මෙසේ පවසනු ලබන්නේ ජනප්‍රිය ගීත ගණනාවක පද රචක වන චන්ද්‍රසේන තලංගම විසිනි.

දේශපාලන උණුසුම වැඩි වන සමයක බොහෝ කලාකරුවන්ද දේශපාලන මතය ප්‍රසිද්ධියේ කීම ආරම්භ කර ඇති අති අතරද චන්ද්‍රසේන තලංගමද මෙසේ සිය දේශපාලන තෝරාගැනීම ප්‍රකාශ කළේ ගැමුණු වන්නිආරච්චි විසින් මෙහෙයවනු ලබන මේ සතියේ 'මතක පද' වැඩසටහනේදීය.
චරිත අතලගේ සංගීත නිර්මාණය කරන ලද 'කුවේණියේ' ගීතය, රාධාවණී, නාඩගමේ යනාදී ගීත ගණනාවක් ලියන ලද චන්ද්‍රසේනයන් 'කුවේණියේ' ලියනු ලැබ ඇත්තේ 1980දී වන බවද සංවාදයේදී පවසන අතර සිය ජනප්‍රිය ගීතවලට පදනම වැටුණු ආකාරයද ඔහු එහිදී හෙළි කරයි.
ඊයේ (23) සවස 04ට 'මතක පද' යූටියුබ් නාලිකාවෙන් මෙම වැඩසටහන විකාශය විය.
එම සම්පූර්ණ සංවාදය පහතින් පළ කෙරේ.

Back to top
Go to bottom

Popular News