lan englan tam

අතන මෙතන

සුනිල් මිහිඳුකුල ඇගයුම් උලෙළක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුරා සිව් දශකයකට අධික කාලයක් තිස්සේ සිංහල සිනමා සාහිත්‍යයට හා විචාර කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ සුනිල් මිහිඳුකුල ප්‍රවීණ සාහිත්‍යවේදියාණන්ගේ සේවය ඇගයීමේ උත්සවයක් මැයි මස 04 වැනිදා, බෘහස්පතින්දා පස්වරු 3.30 ට, කොළඹ 05, පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මහාචාර්ය සමන්ත හේරත් හා බුද්ධදාස ගලප්පත්ති විසින් සංස්කරණය කරන ලද සුනිල් මිහිඳුකුල සිනමා සාහිත්‍ය සම්ප්‍රසාදන නමැති ග්‍රන්ථය මෙදින එළිදැක්වීමට නියමිත ය. මෙම ග්‍රන්ථයෙහි ලා මෙරට ප්‍රවීණ සිනමා විචාරකයන් හා කලාකරුවන් විසින් රචිත ලේඛන මාලාවක් සංග්‍රහ කොට තිබේ. 

මිහිඳුකුල සිනමා සාහිත්‍යවේදියාණන්ගේ සේවාව අගයමින් ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර හා සම්මානනීය සිනමා නළු සනත් ගුණතිලක මෙම ඇගයුම් උලෙළේදී සංක‍ෂිප්ත දේශන පවත්වති. මුලසුන හොබවන්නේ සම්මානනීය සිනමාවේදිනි සුමිත්‍රා පීරිස් මහත්මියයි. 

පසුගියදා පැවැති ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී සිනමා සාහිත්‍යය උදෙසා කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් සුනිල් මිහිඳුකුල පුරෝගාමී සිනමා සම්මානයෙන් පිදුම් ලැබී ය. මෙම ඇගයුම් උලෙළ ස`දහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අනුග්‍රහය දක්වයි.

kemadasa

shungara

Back to top
Go to bottom