lan englan tam

අතන මෙතන

වසර 33 පසු ‘චෙකොව් සන්ධ්‍යාව’ යළිත් කරළියට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇන්ටන් චෙකෝව්ගේ 166 වන ජන්ම දින සංවත්සරය (2026 ජනවාරි 29) හා චෙකෝව් සන්ධ්‍යාව නිර්මාතෘ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ 88 වන ජන්ම දිනය (2026 ජනවාරි 28) එකම දිනයක සමරමින්,

සුනන්ද මහේන්ද්‍රයන් විසින් සන්නිවේදනාත්මක රංග අධ්‍යයනයක් ලෙස 1991 දී මුල්වරට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ "චෙකොව් සන්ධ්‍යාව" නාට්‍යය වසර 33කට පසු යළිත් නව නිෂ්පාදනයක් ලෙස, 

2026 ජනවාරි 29 වන බ්‍රහස්පතින්දා,

බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් රංග ශාලාවේදී,

පස්වරු 3.30 ට සහ 6.30 ට වේදිකාගත වන්නට නියමිතයි.

චෙකෝව් සහ ඔහුගේ රංග කළමනාකරු අතර සිදුවන සංවාදයක් මධ්‍යස්ථ කරගනිමින්, චෙකොව්ගේ ප්‍රකට හා අප්‍රකට කෙටි නාට්‍ය කිහිපයක් එකම වේදිකාවක රංගගත කිරිම මෙම නිර්මාණයේ සුවිශේෂී රංග පටිපාටියයි. එම කෙටි නාට්‍ය කිහිපයට ‘දුම්කොළ (On Harmful Effects of Tobacco), කුරිරු විහිළුවක් (based on “Nincompoop” short story), ගමේ ගිම්හානය, (A Summer in Country), ‘දායාදය’ (The Proposal), සහ ‘හංස ගීතය’ (Swan Song) ඇතුලත් වෙයි .

වෙකෝව් සන්ධ්‍යාව නව නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රවිඳු මහේන්ද්‍ර විසින් වන අතර, රවිඳු මහේන්ද්‍ර, ප්‍රසන්නජිත් අබේසූරිය, වසන්ත මොරගොඩ, සෙනෙවිරත්න රුද්‍රිගු, ජයනි සරත්චන්ද්‍ර, ඉන්දික ජයසිංහ සහ අජිත් සිරිමාන්න මීට රංගනයෙන් දායක වෙනවා.

සංගීතය ගයාන් ගණකධාර ගෙනි. වෙස් නිමැවුම ජගත් පද්මසිරිගෙනි.

මෙදිනට චෙකෝව් සන්ධ්‍යාව නාට්‍ය කෘතියේ නව මුද්‍රණය ද සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීමට නියමිත යි.

 

ප්‍රවේශපත්‍ර විමසීම් - 071 - 3100411

 

 

kemadasa

shungara

Back to top
Go to bottom