මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ Sunday Leeder පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සහ ඒ හා බැදුණු මිග් -27 ගනුදෙනුව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ගවේශනාත්මක කෘතිය “Who is Lasantha” ජනගත කිරීම,
2026 ජනවාරි 27 අගහරුවාදා, පස්වරු 3.00 ට, කොළඹ 07 මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී සිදුවෙනවා.
මෙහිදී ආචාර්ය දීපිකා උඩගම, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමීර් නික්සන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ ප්‍රධාන අදහස් දැක්වීම් සිදු කරන්නට නියමිතයි.
උළෙල මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුමාර අලගියවන්න විසිනි.
එදිනට මෙම අවස්ථාවට එක්වන මෙන් ඔබ සැමට සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනාවක් කොට සිටිනවා.
සංවිධානය - ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය













