‘යෙන්’ (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්රකලා ප්‍රදර්ශනයක් 2017 ජුනි මස 2 දින පවස්වරු 5.00 ට කොළඹ 07, ලයනල් වෙන්ට් කලා මධ්‍යස්ථානයේ පිහිටි හැරල්ඞ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ.
එම ප්‍රදර්ශනය කසුන් දර්ශන හා ඉන්ද්‍රචාපා රුහුනගේ විසින් අවුරුදු තුනක පමණ කාලයක් තුළ සිදුකරණ ලද පර්යේෂණ ව්‍යාපෘතියක ප්රතිඵලයකි. මෙම ප්‍රදර්ශනය ජූනි 3 සහ 4 යන දිනයන්හි දී පෙ.ව. 9.00 සිට ප.ව.7.00 දක්වා විවෘත්තව පවතී.
කසුන් හා ඉන්ද්‍රචාපා ‘නිර්ණාමික පිවිසුම’ යන නවක කලා කවය නියෝජනය කරයි. මෙය එම කලාකවය මගින් සංවිධානය කරනු ලබන තෙවන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය යි. ශ්‍රී ලාංකීය දෘශ්‍ය කලා ඉතිහාසයට සවිඥානිකව දායකවෙමින් නව දැනුම නිෂ්පාදනය කිරීම මෙම සංවිධානයේ මූලික අරමුණය යි.
නිර්මාණකරුවන් දෙදෙනා පොදු තේමාවක් යටතේ (Yen - යෙන්) චිත්රකලා මාධ්‍ය දෙකක් (තෙල් සයාම් හා ඇක්රලික්) භාවිත කරමින් විෂය පථ දෙකක් යටතේ සිතුවම් ඉදිරිපත් කරයි.
වර්තමාන කාන්තාවන් සිය පියයුරු සුවපහසු ලෙස තබා ගැනීමට තදබල ආශාවෙන් (Yen) යුක්තව විලාසිතාමය වශයෙන් හා කායිකව සිදුකරනු ලබන වෙනස්කම් මෙන්ම එහි මනෝමය තත්ත්ව ඉන්ද්‍රචාපා ගේ සිතුවම් තුළ අවධානය යොමුකෙරෙන ප්‍රධාන විෂය ක්ෂෙත්රය යි.
කසුන් ගේ සිතුවම් තුළ ඔහු නිරූපණය කිරීමට උත්සාහ කරන්නේ තදබල ආශාවන්ගෙන් පිරී ඉතිරි ගිය මිනිසුන් ඒ තුළ ගිලෙමින් ලෞකික අපේක්ෂාවන් තෘප්තිමත් කරගත නොහැකිව තමාගෙන් දුරස්ථව හුදකලා වන ආකාරය යි.