විරාජිනී තෙන්නකෝන් විසින් රචිත පළමු කෙටිකතා සංග්රහය වන “අච්චාරු සහ තවත් කතා” පිළිබඳව කතාබහක් එළැඹෙන 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඒ එදින සවස 3 ට කොළඹ ශ්රීමත් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ ගුරු මැදුර ශාලාවේදීය.
නිවහල් වෙබ් අඩවිය ප්රධානත්වයෙන් සිදු කෙරෙන චුල කතිකාව වැඩසටහනේ දෙවැනි පියවර ලෙස මෙය සංවිධානය කෙරේ.
කතිකා ප්රවේශයන් ශානක ඉරෝෂණ පීරිස්, පැතුම් පුංචි හේවා, වසන්ත ප්රදීප් හෙට්ටිආරච්චි විසිනි.