ලාංකේය සිනමාව පෝෂණය කිරීම උදෙසා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධාන කෙරෙන සිනමා කතිකාවේ 2017 වසරේ දෙවැනි අදියර එළැඹෙන 29 වැනි බදාදා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
“පශ්චාත් යුද සිනමාව” යන මාතෘකාව යටතේ පවත්වන මෙවර කතිකාව එදින පස්වරු 2.30 ට චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී ආරම්භ වීමට නියමිතය.
දේශනා සහභාගිත්වය ප්‍රවීන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක සහ සිනමා විචාරක චින්තන ධර්මදාස විසිනි.
විමසීම්, ශ්‍රීලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික අංශය. දුරකතන: 0112-585721