lan englan tam

අතන මෙතන

ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? විමසුමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් පැවැත්වෙන විද්වත් කතිකාවක් ජනවාරි 16 අඟහරුවාදා පස්වරු 04.00 ට කොළඹ 08 කොටාරෝඩ් හි ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.  

දියකඩුවේ සෝමානන්ද හිමි, තාරුකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග, ගුප්ත විශ්වාස ගවේෂක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මෙහිදී කෙටි දෙසුම් පවත්වනු ඇත.  

තිලක් සේනාසිංහ විසින් රචිත මනරංජන මිථ්‍යා කථා කෘතියේ යාවත්කාලීන සංස්කරණය එළි දැක්වීමද මෙහිදී සිදුකෙරෙනු ඇත.  

මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකි මෙම විද්වත් කතිකාව සංවිධානය කරනුයේ ශ්‍රී ලංකා හේතුවාදී සංගමය විසිනි.

Back to top
Go to bottom

Popular News