ඉනෝකා සත්‍යංගනී කිර්තිනන්ද ගේ සිනමා නිර්මාණයක් වන “සුළං කිරිල්ලි” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවිධානයෙන් පැවැත්වෙන සිනමා කතිකාවේ 2018 වසර පළමු පියවර ලෙස පෙබරවාරි 15 වැනිදා සවස 2 ට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයත්, සංවාදයත් සිදු කෙරෙනු ඇත.
සංවාද මණ්ඩපයේ දේශකයන් ලෙස භූපති නලින් සහ විදර්ශන කන්නන්ගර සහභාගී වීමට නියමිතය.
දමිතා අබේරත්න සහ ලින්ටන් සේමගේ ප්‍රධාන චරිත නිරුපනය කරන “සුළං කිරිල්ලි” ජාත්‍යන්තර සම්මාන 9 ක් සහ දේශීය වශයෙන් සම්මාන 25 ක් දිනා ගැනීමට සමත් විය.
නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ මේ සිනමාපටයට චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් සහ රවින්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් දායක වී තිබේ.