රන්වල බලකායේ “ගම අවුලඤ්ඤං” ප්‍රසංගයේ 999 වැනි දර්ශන වාරය අද දින එනම් මාර්තු 30 වැනිදා සවස 6.30 ට පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ඒ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී ය.
ලයනල් රන්වලයන්ගේ සමයේ මෙන්ම “ගම අවුලඤ්ඤං”ප්‍රසංගයට අතීතයේදී දායක වුනු ජේෂ්ඨ ශිල්පින් ගේ සහභාගිත්වයෙන් පැරණි ප්‍රසංග අංගයන් පමණක් එක්කාසු කරගනිමින් මෙවර දර්ශන වාරය පැවැත්වීම විශේෂත්වයකි.