lan englan tam

අතන මෙතන

දෝහා කටාර් වෙසෙන ලාංකිකයන්ට අවුරුදු උළෙලක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හා විවිධ විදෙස්‌ ජාතිකයින් සහභාගී කරවාගෙන හෙට 13 වැනි (සිකුරාදා) සවස 6.30 සිට දෝහා නගරයේ "සµdරි මෝල්" වෙළෙඳ සංකීර්ණයේදී "අවුරුදු උළෙලක්‌" උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කටාර් හි ශ්‍රී ලංකා තානාපති ඒ. එස්‌. පී. ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවුරුදු උළෙලේ විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය සහ ප්‍රවීණ මාධ්‍යවේදී ආරියසිරි විතානගේ සහභාගීවීමට නියමිතය.

සංගීතාංග ඇතුළු ශ්‍රී ලාංකික සංස්‌කෘතික විශේෂාංගයන්ගෙන් සමන්විත මෙම අවුරුදු උළෙලේ දී ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදෙස්‌ ජාතිකයින්ටත් "සµdරි මෝල්" වෙළෙඳ සංකීර්ණයේදී විශේෂ මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය දෑ මිල දී ගැනීමට කටයුතු සැළසීම මෙහි ද විශේෂත්වයකි.

Back to top
Go to bottom

Popular News