ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ මැයි ප්‍රදර්ශනය සඳහා ඩි.බී. නිහාල්සිංහයන්ගේ සිනමා කාව්‍යයක් වන “වැලිකතර” තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනුයේ මැයි මස 2 වැනිදා සවස 6 ට කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ය.
එහි සිනමා සංවාදය මෙහෙයවීම අනෝමා රාජකරුණා විසිනි.
තිස්ස අබේසේකරයන්ගේ තිරරචනයකට අනුව 1971 වසරේ දී නිර්මාණය කරන ලද “වැලි කතර” මෙරට ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපට වේ.