ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්රචණ්ඩත්වය වළක්වා සංවේදී පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය කලාව යොදාගැනීමේ කතිකාවතක් ගොඩනැගීම පිණිස සංවිධාන කෙරෙන Genderless Jungle නම් අද්‍යතන කලා ප්‍රදර්ශනය හෙට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව මෙම ප්‍රදර්ශනය ජූනි 9 සහ 10 දෙදින උදැසන 10 සිට රාත්‍රී 9 දක්වා කොළඹ දෘශ්‍ය කලා පිඨයේ ජේ.ඩි.ඒ. පෙරේරා ගැලරියේ පැවැත්වෙනු ඇත.
දෙස් විදෙස් කලාකරුවන් ගේ නිර්මාණ ඇතුළත් Genderless Jungle නූතන චිත්‍ර, මූර්ති, නර්තන, චිත්‍රපට, නාට්‍ය හා සංගීතාත්මක අංග වලින් ද සමන්විතය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානය හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ මාර්ගෝපදේශනය යටතේ මෙරට කලාකරුවන්ගේ එකතුවක් වන Voices of Humans ස්වේච්ඡා සංවිධානය මගින් මෙය සංවිධාන කෙරේ.