මෛත්රී පනාගොඩ විසින් රචිත “හද මුමුණන හඬ” කවි එකතුව සහ “මහමෙර සේ”, “ළා හිරු රැස්” යන ගී සංකල්පනා සංයුක්ත තැටි හැඳින්වීමේ උළෙල ජූලි 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඒ එදින සවස 4 ට ශ්රී ලංකා පදනම් ආයතන ශ්රවනාගාරයේදී ය.
එදින වැඩසටහන් මෙහෙයවීම සමන් අතාවුදහෙට්ටි විසිනි.
දෙසුම් තිලකරත්න කුරුවිටබණ්ඩාර සහ සුනිල් සරත් පෙරේරා විසින් සිදු කෙරේ.
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද ජගත් වික්රමසිංහ, රෝහණ සිරිවර්ධන, චාමික සිරිමාන්න, සචින්ත පනාගොඩ එදින ගායනයෙන් සහභාගී වනු ඇත.