ප්‍රවීණ ලේඛක සේන තෝරදෙනියගේ නවතම විචාර ග්‍රන්ථය ‘විචාර විලෝචන’ අද දින එනම් ජූලි 17 වෙනිදා උදැසන 10ට එළිදැක්වීමට නියමිත ය.
ඒ මරදාන පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේදී ය.
සාහිත්යික උපභාෂා, සම්භාව්‍ය යුගයේ සිට වර්තමානය දක්වා චීන සාහිත්‍යය, අද්‍යතන සිංහල සාහිත්‍ය විචාරයේ ගැටලු හා සාහිත්‍ය විචාරයේ දුර්භාවිත ආදී වශයෙන් සේන තෝරදෙනිය විසින් ශාස්ත්‍රීය හා උපහාර ග්රන්ථ කීපයකට ලියන ලද ලිපි එකොළහක්ද, මීට පෙර පළ නොවූ එක් ලිපියක්ද මෙම කෘතියට ඇතුළත් වේ.
‘විචාර විලෝචන’ දයාවංශ ජයකොඩි සමාගමේ ප්රකාශනයකි.