ප්‍රියන්ත කොඩිප්පිලිගේ අලුත්ම කවි පොත “කොඩි” (කවි වගේ ජාතියක්) ජූලි 31 වැනිදා සවස 3 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී ජනගත කිරීමට නියමිත යි.
ඒ “කොඩි” ගැන කපිල එම්. ගමගේ මෙසේ කියයි,
“උපහාසාත්මක ගේය කාව්‍ය රචනයේ කප්පිත්තා ප්‍රේම් ය. නැත්නම් ප්‍රේමකීර්ති ද අල්විස් ය. ඔහු ප්‍රෙඩී සිල්වාට ලියූ උපහාසාත්මක ගී ගොන්න ගීතරචනා ශානරයේ වෙනම ගෙන හැදෑරිය යුතු දෙයකි. (ඔය විශ්ව විද්‍යාලයක ඉගෙනගන්නා මානව මානවිකාවකට කරනවානම් ඔන්න වැඩය.)
කවිය උපහාසාත්මක භාවිතයක යොදමින් සියුම් හාස්‍යයක් මෙන්ම තියුණු විවේචනයක් එක් කරන සිව් පද කවිකාරයෙක් දැන් අපිට සිටී. ඒ කොඩි යාය. කොඩියා විවිධ පුද්ගල චරිත අරඹයා උන්ගේ ගතිලක්ෂණ හා චර්යාවන් සියුම් උපහාසයක් සමග කවි පද හතරකට ගොනු කරන්නේ අපූර්වත්වයක් අපතුල ජනිත කරමින් හීනී මන්දහාසයක් අපේ මුවට එක්කරමිනි.
එහෙම ලියූ කවි එකතුකර ඔහු "කොඩි" නමින් පොතක් කර එය කියවන්නට අපට අඬගසයි. නොගිය හොත් අපටද උපහාසාත්මක සිව්පද කවියක් ලියැවෙන්නට බැරි නැත.
එනිසා ජූලි 31 දා, අඟහරුවාදා සවස 3 ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයට යායුතුය. එදාට කවුරු කවුරුත් කොඩියා හෙවත් අප මිත්‍ර ප්‍රියන්ත කොඩිප්පිලි ට "කයි පද බඳින්නේ" නම් මැනවි.”