ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහයන්ගේ සාහිත්‍ය හා සමාජ මෙහෙවර ඇගයීම පිණිස උපහාර උළෙලක් 21 වැනි අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.
මෙම උළෙල එදින සවස 2ට කුලියාපිටිය නගර ශාලාවේදී පැවැත්වෙනු ඇත.
ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහයන්ගේ සාහිත්‍ය මෙහෙවර ඇගයීම සදහා චන්ද්‍රසිරි සෙනෙවිරත්න හා උදේනි සරච්චන්ද්‍ර විසින් සංස්කරණය කරන ලද අභය මුද්‍රාව, සහ දීපචන්ද්රි අබේසිංහ හා සුමුදු චතුරාණි ජයවර්ධනය සංස්කරණය කරන ලද ,ආනන්දයෙන් ප්‍රඥාවට කෘතිය මෙහිදී විශේෂ ඇගයීමකට ලක්කිරීමට සුදානම් වේ.
මහාචාර්ය ඊ.එම්.පි. ඒකනායක එදින මුලසුන හොබවන අතර ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර හා ප්‍රවීන මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර දෙසුම් පවත්වනු ලැබේ.