වෙඩිවර්ධනගෙන් අලුත් පොතක්?
මංජුල වෙඩිවර්ධනගේ අලුත්ම නවකතාව නුදුරේදීම නිකුත් කිරීමට සුදානම් බව වාර්තා වනවා.
“පැරිස් වලාකුළු” ලෙසින් මෙම කෘතිය නම් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ අනුව එළඹෙන දෙසැම්බර් 29 වැනිදා කළුබෝවිල, සුනන්දාරාම පාරේ පිහිටි විදර්ශන කාර්යාලයේ දී නවකතාව ජනගත කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
“පැරිස් වලාකුළු” විදර්ශන ප්රකාශනයක් ලෙසින් එළිදකින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.