රාජ්‍ය ළමා නාට්‍ය උළලවලදී ඇගයීමට ලක්වූ ළමා නාට්‍ය ත්‍රිත්වයක්
මහල්වරාව බේකරියේ දී ජනවාරි 12 වැනිදා සවස 7 ට වේදිකා ගත කිරීමට නියමිත ය.
2018 රාජ්‍ය ළමා නාට්‍ය උළලේ හොඳම නිෂ්පාදනය තෙවැනි ස්ථානය, හොඳම රචනය තෙවැනි ස්ථානය, හොඳම සහය නළුවා සහ සහය නිළිය, හොඳම රංගවස්ත්‍ර නිර්මාණය සහ හොඳම අංගරචනය දිනූ උපාලි ටෙනිසන්ගේ කිංග් ක්වින්.
2016 රාජ්‍ය ළමා නාට්‍ය උළලේ විවෘත අංශයේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය දෙවැනි ස්ථානය, හොඳම නළුවා, හොඳම ආලෝකකරණය, හොඳම වේදිකා පරිපාලනය දිනූ සුභාෂ් කුරුගලගේ ඇහැළ මලයි පිට්ටනියයි.
2016 රාජ්‍ය ළමා නාට්‍ය උළලේ සීමිත අංශයේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම රංගවස්ත්‍ර නිර්මාණය, හොඳම අංග රචනය, හොඳම ආලෝකකරණය, හොඳම වේදිකා පරිපාලනය දිනූ සුභාෂ් කුරුගලගේ වැට අද්දර වේදිකාව.
යන වේදිකා නාට්‍ය නිර්මාණ එහිදී රංගගත කෙරේ.