lan englan tam

අතන මෙතන

රෑ ඉර පාන මාර්තු 10 වැනිදා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රෑ ඉර පාන මාර්තු 10 වැනිදා

“රෑ ඉර පාන අභිමංගල ප්‍රසංගය පැවැත්වූනේ 2017 මාර්තු 10 වෙනිදා මගේ උපන්දිනේ දවසෙ....
ඒ නෙලුම් පොකුණ රඟහලේදී. 
ඉන් පසුව 2017 නොවැම්බර් 11 වැනිදා මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලේදී එය නින්නාද වුණා ...
ඒ රෑ ඉර පාන ට පෙම් බැඳි කන්ද උඩරට තරුණ ඡායාරුප ශිල්පීන් -“VISION WONDERS”ගී සහෘද එකමුතුවෙන් .
මෙවර යලිත් මගේ උපන්දිනේ දවසේ රෑ ඉර පාන ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ රැව් දෙනවා ...
ඒ 2019 මාර්තු 10 ඉරිදා දවසේ සවස 6.30ට ...
මෙවර දක්ෂිණ ලංකා විදලිත තොල හා තල්ල නිවාරන සංගමය ශික්ෂණ රෝහල කරාපිටිය කියන සද් සංවිධානයයි රෑ ඉරපානෙ ජීවය , විශේෂඥ වෛද්‍ය ඩී කේ ඩයස් , වෛද්‍ය දම්මින්ද මණ්ඩාවල ඇතුළු පිරිස වෙහෙස වෙනවා. මාධ්‍ය ආවරණය දෙරණ සහ ලංකාදීප.

දොස්තර මහත්තුරු තෝරගත්තු මගේ පින්තූරේ නම් 2002 සිනාතොටක් ප්‍රසංගෙට අතුල මහවලගේ මිතුර ගාලු කොටුවෙ ගත්තු එකක්. 
ඒ නිසා ඔය පින්තුරෙ ඉන්න මට වඩා දැන් මම අව්රුදු 16ක් වයසයි නොකිය ” පරිණතයි “ කියමු නේද ???
ඉතින් ප්‍රචාරක කටයුතු දැන් තමයි පටන් ගෙන තියෙන්නේ...
කාර්යබහුල වෘත්තිමය පුද්ගලයෝ නේ ...
තවත් මේ වගේ යාවත් කිරීම් 10 වෙනිදා දක්වා කරන්නම් ..තොල් සහ තල්ලේ වගේම මුහුණේ ඇති වන විකල් තත්වයන්ට ප්‍රතිකාර වියදම් දරාගන්න බැරි දිළිඳු ජනතාවටයි මේ සංගමය මෙහෙවර කරන්නේ 
රෑ ඉර පානේ ඔවුන් ලබන සියල්ල ඒ සත්කාරයට පූජාවක් වේවා !!!”

-බන්දුල නානායක්කාරවසම්-

 

53022833 2173543589391030 6037471360899350528 n

 

 

Back to top
Go to bottom

Popular News