ප්‍රියන්ත ලියනගේගෙන් “කොට තුවක්කුව”
දවස - ජූලි 15 :: තැන - මහවැලි කේන්ද්‍රය
ඔහු ප්‍රියන්ත ලියනගේ ය.
පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසත්, සරුව පිත්තල පත්තර ලෝකයේ ගිනියම් යකඩයක් ලෙසත් ඔහුව හඳුනාගත හැකිය.
ඔහුගේ ගිනියම එළියට පනින්නේ ආදරය, වේදනාව ආදී වූ හැඟීම් එකතු කරගෙන ය. ඒ නිසාම ඔහු කලබලකාරයෙකු නොවේ.
අවුරුදු 55 ක් තිස්සේ සමාජයෙන් උගත් අයෙක්, ඒ අත්දැකීම් සමාජයට මුදාහැරීම යනු ඉවසිලිවන්තයකුගේ සම්ප්රාප්තියකි.
සියල්ලටමත් වඩා වැදගත් වන්නේ හුඟ දෙනෙක් දැන-දැනම නොකියන, එහෙත් ඔහු කියන මේ කතාවයි.
‘‘සිංහල ජාතියයි, සිංහල බුද්ධාගමයි අධිතක්සේරු වූ සමාජයක අපි ජීවත්වෙන්නෙ. අද මේ නෙළන්නෙ අපි හැමෝම දායක වෙලා වපුරපු බීජ වල අස්වැන්න. මොකද මේ වර්තමානය කියන්නෙ අඩු වැඩි වශයෙන් අතීතයේදි අපිම දායක වෙලා ගත් වැරදි තීන්දු වල ප්‍රතිඵල. ඊට අද ගොදුරු වෙලා තියෙන ශක්තිකට පවා ඒක හොඳින්ම වැටහෙනවා ඇති. ඒක අපි හැමෝම එකතු වෙලා නිවැරදි කර ගත යුතු වරදක්. ඒ නිසා බෝලෙ එක එක්කෙනාට පාස් නොකර සමස්ත සමාජය මේක නිවැරදි කරන්න මැදිහත් විය යුතුයි. ..........
........ හැබැයි අපි අමතක නොකළ යුතු දේ තමයි, නිදහස සම්පූර්ණයෙන්ම අහිමි වෙමින් යන රටක ප්‍රකාශන නිදහස විතරක් හුදෙකලාව ආරක්ෂා වෙන්නෙ නෑ කියන එක.‘‘
'කොට තුවක්කුවෙන්' එළියට බහින ඔබට ජය !
( සිත්තම් අයිතිය - මොල සෙනෙවිරත්න )
සටහන: ශාලික විමලසේන