“ඉලන්දාරි” 100 වැනි දර්ශනවාරය එල්ෆින්ස්ටන් රඟහලට
සුනිල් ශ්‍රීගේ වේදිකා නාට්‍ය නිර්මාණයක් වන “ඉලන්දාරි” හි සියවන දර්ශනවාරය රංගගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව මෙම වේදිකා නාට්‍යයේ දර්ශන හතරක් එළඹෙන 28 සහ 29 දෙදින සවස 3.30ට සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
ලසන්ත උඩුකුඹුර, සුසිලා කෝට්ටගේ, රජිත හිරාන්, නන්දන හෙට්ටිආරච්ච්, ධනංජි තාරුකා, ධනුක සිල්වා, රොමේෂ් සංජේ, රංග සම්පත් සමඟ සුනිල් ශ්‍රී “ඉලන්දාරි” සඳහා රංගනයෙන් දායක වෙති. එහි සංගීතය කමල් ඩයස්, අංග රචනය ගාමිණී කොස්තා, පසුතල නිර්මාණය තිස්ස වීරවර්ධන, ශබ්ද පරිපාලනය රුක්ෂාන් ප්‍රනාන්දු විසිනි.