“දැකල පුරුදු කෙනෙක්” ප්‍රදර්ශනය සහ සංවාදය නොවැම්බර් 14
මලිත් හෑගොඩගේ සිනමා අධ්‍යක්ෂණයක් වන “දැකල පුරුදු කෙනෙක්” නොවැම්බර් 14 වැනිදා පස්වරු 1ට ටවර් හෝල් රඟහල පදනම් පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය කෙරේ.
චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සිනමා සංවාදය අධ්යක්ෂ, තිරරචක ඇතුළු රංගන ශිල්පින්, ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
භූපති නලින් තිර රචනයකට අනුව නිර්මාණය කළ දැකල පුරුදු කෙනෙක් සඳහා බිමල් ජයකොඩි, සමාධි ලක්සිරි, දයාදේව එදිරිසිංහ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞශල්‍යා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයා තිබේ.
ලන්ඩන් චිත්‍රපට උලෙළ, මොන්ට්‍රියල් චිත්‍රපට උලෙළ,ජෝග්ජා චිත්‍රපට උලෙළ වැනි ජාත්‍යන්තර සිනමා උලෙළ කිහිපයක්ම නියෝජනය කර ඇගයුම් ලැබූ මෙම නිර්මාණය 2015 යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම ප්‍රථම චිත්‍රපටයට හිමි සම්මානය, 2018 සරසවි සම්මාන උලෙළේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය, 2016 දෙරණ සිනමා උලෙළේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්යක්ෂ සම්මානය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනා ගන්නා ලදී.