“ඔෆීෂියල් සීක්රට්ස්” 27 වැනිදා ශ්රී ලංකා පුවත්පත් ආයතනයට
ශ්රී ලංකා පුවත්පත් ආයතනය විසින් මාසිකව සංවිධාන කරනු ලබන සිනමා දැක්ම සහ සංවාදයේ නොවැම්බර් කලාපය එළඹෙන 27 වැනිදා පැවැත්වීමට නියමිත ය.
කොළඹ, කිරුළ පාරේ පිහිටි පුවත්පත් ආයතනයේ දී වැඩසටහන ආරම්භ කෙරෙන්නේ එදින සවස 3ට යි.
ගෙවින් හුඩ්ගේ අධ්යක්ෂණයක් වන “ඔෆීෂියල් සීක්රට්ස්” එහිදී ප්රදර්ශනය කෙරේ. කියාරා නයිට්ලි, මැට් ස්මිත්, මැතිව් ගූඩ් ඇතුළු නළු, නිළියන් රැසක් රංගනයෙන් එක්වූ මෙම සිනමාපටය 2019 මුල දී තිරගත විය.
උදිත දේවප්රිය සිනමා සංවාදය මෙහෙයවන අතර එදින ඇතුල්වීම නොමිලේ.