ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ පූර්ණ සැමරුම මේ මස 29 දා සවස 3.00 ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.
"ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බරය, ජාතික ගැටලුව හා ගම්ලත්" යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහනේදී සම්භාව්‍ය සිංහල සාහිත්‍ය සේවනය හා ගම්ලත් (පණ්ඩිත සිරි තිලකසිරි), ජාතික ගැටලුව පිළිබඳ ගම්ලතුන්ගේ දෘෂ්ටිය (කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ), බුද්ධිමතා හා දේශපාලන ක්‍රියාධරයා (මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි) යන මාතෘකා ඔස්සේ දේශන පැවැත්වේ.