lan englan tam

අතන මෙතන

'මී මැස්සා' රඟපෑම් අවසන් වෙද්දී කැටිපෙට වූ අහම්බයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඩිල්ශාන් පතිරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන 'මී මැස්සා' ටෙලි නාට්‍යයේ පුවත්පත් කර්තෘ හෙක්ටර්ගේ චරිතය රඟපාන මාධ්‍යවේදියෙකු ගී පද රචකයකු මෙන්ම නිර්මාණකරුවකුද වන විමල් කැටිපේආරච්චි මීට වසර 22කට පෙර ඔහු සම්බන්ධ වූ විකාශය නොවූ නිර්මාණයක අහඹු සිදුවීමක් පවසමින් ඡායාරූපයක් බෙදාගෙන තිබිණි.

එම ඡායාරූපයත් සමග වර්තමානයේ 'මී මැස්සා' නාට්‍යයේද වේශ නිරූපණය කරන ආකාරය පෙන්වන එකම ඉරියව්වේ ඡායාරූපයකුත් ඔහු පළ කරමින් තමන්ට මුහුණ දීමට සිදු වූ අහඹුව ඒ සමග ඔහු පවසා තිබිණි.
ඒ නම් වත්මන් නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පියා වන වසන්ත පූර්ණවංශ වසර 22කට පෙර තමන් පෙනී සිටි නිර්මාණයේද වේශ නිරූපණ ශිල්පියා වීමය. ඒ බව දෙදෙනාම නොදැන සිටි නමුත්, එකිනෙකා එක්ව සිටින ඡායාරූප දෙකකින් ඒ බව හඳුනා ගැනීමට දෙදෙනාටම අවස්ථාව උදා වී තිබිණි.
මී මැස්සා නාට්‍යයේ විමල් හොබවන චරිතයේ රූගත කිරීම් අවසන් වන තුරු මේ දෙදෙනාම ඒ බව නොදැන සිටීම මෙහි විශේෂත්වයයි.

"ඩිල්ෂාන් පතිරත්න අධ්‍යක්ෂණය කරන මී මැස්සා ටෙලි නාට්‍යයේ, හෙක්ටර් චරිතයට අදාල රූ ගත කිරීම් ඊයේ අවසන් වුණා. මී මැස්සා අංග රචනය කළේ, වසන්ත පූර්ණවංශ සොයුරා. උඩ පින්තූරයේ ඉන්නේ මී මැස්සා හි අපි දෙන්නා.
ඊයේ උදෑසන WhatsApp හරහා සමන්ප්‍රිය මාරසිංහ සොයුරා, ඔහු අධ්‍යක්ෂණය කළ නමුත් තිරයට නො ආ, ඩොක්ටර්ස් පැරඩයිස් චිත්‍රපටයේ තිරයෙන් පිටුපස පින්තූරයක් එවා තිබුණා.
ලියුම්කරු, කාර්මික ශිල්පියකු ලෙස වැඩකරන කාලයේ, හදිසි අවශ්‍යතාවකට තත්පර කීපයක (මුහුණ නොපෙනෙන) දර්ශනයකට වෙස් ගැන්වීමක් කරන ආකාරය එහි තිබුණා. යට පින්තූරයේ ඉන්නේ, වසර විසි දෙකකට විතර පෙර භවයක, අපි දෙන්නා.
"යකෝ එදා එතන ඒ හිටියෙ උඹ ද ?" දෙන්නාම එකිනෙකාගෙන් ඇහුවා. ජීවිතය චාරිකාවක්.! පොඩි පොඩි දේවල්වලින් සතුටු වෙන. චින්න චින්න ආසෛ..!
(අතීත පින්තූරය ගත්තේ Upul Nishantha සොයුරා)" විමල් එසේ සටහන් කර තිබිණි.

 

Wimal ke

Back to top
Go to bottom

Popular News