lan englan tam

අතන මෙතන

ඌව වෙල්ලස්ස වීර අන්දරය කරළියට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඌව වෙල්ලස්ස අරගලය ඇතුළු නිදහස් සටන්වලට දායකත්වය ලබාදීම හේතුවෙන් එවක අධිරාජ්‍යවාදීන් ලෙස දේශද්‍රොහීන් ලෙස නම් කළ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික කර්තව්‍යය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මඟ පෙන්වී ම පරිදි මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

එම ජාතික වැඩසටහන හා සමගාමීව 1818 ඌව වෙල්ලස්ස පළමු නිදහස් අරගය පසුබිම් කරගෙන නිර්මාණය කරන ලද “උත්තමාභිවන්දනා -රංග පෙළහර“ වේදිකා ප්‍රසංගය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 3 වැනි දින පස්වරු 7.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වේ. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබේ.

“උත්තමාභිවන්දනා රංග පෙළහර“ නිර්මාණය ප්‍රවීන කලා ශිල්පී ගයාරම්‍ය අල්විස්ගේ අධ්‍යක්ෂණයකි. එහි නර්තන වින්‍යාසය හා රංග උපදේශකත්වය රවිබන්දු විද්‍යාපති විසින් මෙහෙය වන අතර සංගීත අධ්‍යක්ෂණය සමන් ලෙලින් ගෙනි. නිශ්ශංක දිද්දෙණිය, සනත් විමලසිරි, මාධනී මල්වත්තගේ, චන්දන ඉරුගල්බණ්ඩාර, රංග වීරකෝන්, මොහොමඩ් සෆ්රාස් ඇතුළු ප්‍රවීන කලා ශිල්පීහු රැසක් මෙම වේදිකා ප්‍රසංගයට රංගන දායකත්වය ලබා දෙති.

මහාසංඝරත්නය, අමාත්‍යවරුන්. මන්ත්‍රීවරුන්. රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් හා කාලාශිල්පීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

17358528 1610261022336280 4035303101989485061 o

Back to top
Go to bottom

Popular News