"හෘද සාක්ෂිය මරන්නේ නැතිව මෙතන ජීවීතයක් නෑ"
මේක තමයි අපි ජීවත් වෙන සමාජයේ යථාර්ථය. මේ සමාජයේ අපිට හැම තිස්සේම කියන්නේ හෘද සාක්ෂිය මරල ජීවත්වෙන්න කියලා. මොකද ඒක ලේසි නිසා.
වේදිකා නාට්‍යයක් You Tube මාධ්‍ය හරහා නරඹනවා කියන්නේ කිසිසේත්ම productive feeling එකක් ගන්න පුලුවන් අත් දැකීමක් නෙවෙයි වුනත් Gladiator ප්‍රේමය නාට්‍යය නරඹන්න පුලුවන් එකම මාධ්‍යත් ඒක විතරයි. මේ නාට්‍යය කතා කරනේ ප්‍රේමය. මනුෂ්‍ය ජීවීත වල ප්‍රේමය. මනුෂ්‍ය ජීවීත ජීවත් වෙන්නේ ප්‍රේමයෙන්. නාට්‍ය එකිනෙකට සම්බන්ධ නොවන කොටස් හතරක් එකම දර්ශන තලයක දිග හැරලා තියෙනවා. මේ දර්ශන තලය වෙන්නේ තානායමක කාමරයක්. මේ කොටස් හතරම එකට සම්බන්ධ වෙන්නේ නාට්‍යයට ගැටගහලා තියෙන මායාකාරී කතාවයි ඒක කියන වේටර්වරයාගේ චරිතයයි කියල මතුපිටින් පෙනුනට මේ මුලු කතාවම ගැටගැහිලා තියෙන්නේ අපි ජීවත් වෙන සමාජ දේශපාලන වටපිටාවත් එක්ක. සමාජ පන්ති අතර ඇති අර්බුදය, මිනිස්සු ආදරය විග්රහ කරගන්න විදිය වගේ සියුම් තැන් පවා මේ නාට්‍යය ඇතුලේ ගොනු කරගන්න ඒකේ පිටපත සමත් වෙලා තියෙනවා.
මේ නාට්‍යයේ මුලු කතාවම හරියට නාට්‍යයේ එක තැනක කියවෙනව වගේ ඉතිහාසය වර්තමානය එකට කැළබෙන මොහොතක් වගේ. මොකද ඉතිහාසය මග හැරලා අපිට වර්තමානයේ ජීවත්වෙන්න බැරි නිසා. අපේ සමාජය ඇතුලේ නඩත්තු කරන එක් මිත්‍යා වලින් එකක් තමා නිසි අධ්‍යාපනයක් ලබා ගත්තට පස්සේ කුල හා සමාජ පන්ති ප්‍රශ්නවලින් මිදෙන්න පුලුවන් කියලා. ඒක හැබැයි මේ මහපොළවේ යතාර්ථය නෙවෙයි කියලා මේ නාට්‍යයේ කීප තැනකදි කියවෙනවා. නාට්‍යයයේ දෙවන කොටසෙදි මධුසමය ගත කරන්න එන තරුණ යුවල අතර ඇතිවන අර්බුදයට හේතුව වෙන්නේ සමාජ පන්ති අර්බුදය. එකම අධ්‍යාපනයක් ලබන ඔවුන් දෙදෙනාගෙන් උසස් යැයි සමාජ සම්මත පන්තියට අයත් තරුණයා ඇයට අවසානයේ මතක් කර දෙන්නේ ඇයගේ සමාජ පන්තියට හිමිතැනය. නාට්‍යයයේ අවසාන කොටසේ බෙර වාදන ශිලිපියා තම වැඩිමහල් පුතා පිළිබදව කරන ප්‍රකාශය ඒ පිලිබඳව එන හොදම නිදර්ශනයයි.
" ඌ මගෙන් අහනවා තේරුමක් නෑ කියල දැන දැන ඇයි එච්චර ඉගැන්නුවේ කියලා.
මේ ලෝකෙට ගැලපෙන විදියට හදන්න බැරි නම් ඉපදුන ගමන් බෙල්ල මිරිකුවේ නැත්තෙ ඇයි අහනවා."
කෝටි දෙකක් හොරු තක්කඩි මැද්දේ උන්ට ඔරොත්තු දෙන්න පුළුවන් විදියේ මිනියෙක් හැදුවෙ නැත්තේ ඇයි අහනව.
එහෙම හැදුවා නම් ඌට මීට වඩා සතුටින් ජීවත් වෙන්න තිබ්බලු"
නාට්‍යය අවසන් වන දෙබස නාට්‍යය නරඹන්නාට නාට්‍යය හරහා දිග හැරුනු සමාජ යථාර්ථය පිළිබදව නරඹන්නාට ඇති වූ පීඩනය නැවත මතක් කර දෙන ඉතා විශිෂ්ඨ වැකියකි.
" දරාගන්න අමාරුයි කියල හිතෙනවානම් මං හොල්මනක් කියල හිතන්න සර්, නැත්තං මට පිස්සු කියල හිතන්න ඒක ලේසියි. නැත්තං දිගටම නිදාගන්න. ඒක තමයි ලේසිම"
-අකුරු කළ සිතුවිලි -