lan englan tam

විශේෂාංග

R.A.T අපරාධකරු කවුද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘රැට්’ (RAT) ටෙලි නාට්‍යයේ හතලිස් පස් වන කොටස නිමාවට පත්වුනා. තව ඉතිරිව තියෙන්නේ කොටස් හතරයි.

හතලිස් නවවන කොටසින් රැට් ටෙලි නාට්‍යය නිමාවට පත්වනවා. ඒ කියන්නේ තව සති දෙකකින් නාට්‍යය ඉවරවෙනවා. රැට් ආරම්භයේදී අපිට තිබුණු බලාපොරොත්තු අතර, එක ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි, වැඩි දෙනෙකුගේ අවධානයෙන් ගිලිහිලා තියෙන නමුත් කාලීනව වැදගත්ම මාතෘකාව වෙච්ච සයිබර් ආරක්ෂාව පිළිබඳව ප්‍රේක්ෂකයන්ට යම් මතක් කිරීමක් කරන්න.

පෞද්ගලිකව මට ලැබිලා තියන අත්දැකීම් එක්ක අපේ රටේ සයිබර් ආරක්ෂාව පිළිබඳව සමාජය දැනුවත් කරන්න තියන ලොකුම බාධාව තමයි, සයිබර් ක්‍රයිම් වගේ දෙයක් තමන්ට සිදුවන්නේ නෑ ඒවා සිදුවන්නේ විදේශීය රටවල පමණයි, "අපිව හැක් කරලා මොනවා ගන්නද" වගේ අදහස් සමාජය පුරාම පැතිරිලා තිබිම, ඒ නිසාම රැට් හරහා අපි උත්සාහ කළේ සයිබර් ක්‍රයිම් කියන්නේ ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න පුළුවන්, අත්දැකීමක් බව සහ ඒ නිසාම අවධානයෙන් සහ දැනුවත්කමින් සිටිය යුතු බව ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්නට,

ඒ හේතුව නිසාම තමයි රැට් හි ඔබ දැකපු බොහෝ චරිත, සාම්ප්‍රදායික සයිබර් ක්‍රයිම් කතාවකින් බැහැරව අපි දන්නා කියන එදිනෙදා අපි දකින ගණුදෙන කරන විදියේ චරිත බවට පත්වෙලා තියෙන්නේ.

කතාව මුල දී බොහෝ දෙනා සිතුවේ මේක කළු කුමාරයා සම්බන්ධ හොල්මන් කතාවක් කියලා. කළු කුමාරයා වැනි මිත්‍යා මත ප්‍රවර්ධනය කරනවා කියලා අපිට බැනුම් අහන්න වෙච්ච අවස්ථාත් නොතිබුනාම නෙවේ. ඒ වගේම බය නිසා කතාව නොබලන කාන්තා පාර්ශවයේ බොහෝ දෙනෙකුත් සිටියා. කොහොම උනත් අපිට කියන්න ඕනකම තිබුණේ බොහෝ දෙනෙක් අතීතයේ පමණක් නෙවේ විද්‍යාව සෑහෙන්න දියුණු අද වගේ කාලයක පවා තමන්ට විස්තර කරගැනීමට නොහැකි ඕනෑම දෙයක් බාර දෙන්නේ අද්භූත බලවේග නැතිනම් අදෘශ්‍යමාන බලවේග වලට කියලා.

ඊළඟට මේ හොල්මන් කතාව සෙමෙන් සෙමෙන් වියකිලා ගිහිල්ලා මේක අපරාධයක්, මේකට වගකිවයුතු අපරාධකරුවෙක් ඉන්නවා කියන තැනට කතාව පත්වෙනවා. එතැනදී පොලිසිය මේකට සම්බන්ද වෙනවා. සාම්ප්‍රදායික විදියට ප්‍රශ්ණයට මැදිහත්වෙන පොලිසිය ප්‍රශ්ණය විසඳනවා වෙනුවට සිදුවන්නේ තව තවත් පඹ ගාලක පැටලීම,

ආචාර්ය ධනුක රාජනායක කතාවට එන්නේ මෙන්න මේ වගේ පොලිසිය පඹ ගාලක පැටලී සිටින අවස්ථාවක. ඒ සමඟම මෙතෙක් අද්භූත ලෙස පෙනුනු සිදුවීම් සැබවින්ම අද්භූත සිදුවීම් නෙවෙයි සයිබර් අපරාධයක ප්‍රතිඵළ බව ප්‍රේක්ශයාට අවබෝධවීමට පටන් ගන්නවා.

එතැන් පටන් සිදුවන දේ පැහැදිළි වුනත් කවුරුත් කුතුහලයෙන් බලාගෙන සිටියේ මේ අපරාධය කරන්නේ කවුද කියලා,

එහෙම නැතිනම් මේ කතාවේ විදියට කවුද මේ සියළු අපරාධවලට වගකිව යුතු කළු යකා” කියලා. සති ගානක් තිස්සේ කතාව බලපු අයගේ තිබුණු මේ කුතුහලය නිමා කරමින් ලබන සෙනසුරාදාට මේ අපරාධවලට වගකිව යුතු කළුයකා කවුද කියලා ප්‍රේක්ෂකයාට බලාගන්න පුළුවන් වෙනවා. එතැනින් එහාට බලාගන්න පුළුවන් වෙන්නේ මේ අපරාධකරුවාගේ කතාව.

ලංකාවේ අපිට සයිබර් අපරාධ තරමක් නුහුරු මාතෘකාවක් වුනත් ලෝකයේ සයිබර් අපරාධ කියන්නේ ඉතා සුලබ කාරණාවක්. සැබවින්ම ලංකාව තුල වුවත් සයිබර් අපරාධයක් ලෙස නොදැනුවත් කම නිසා හඳුනානොගත්තත් සයිබර් අපරාධ වල අඩුවක් දැක ගන්න නෑ. මේ නිසාම මේ කතාව බොහෝ දුරට පාදක වෙන්නේ ලොව වටාම සිදුවූ සත්‍ය සිදුවීම් පාදක කොටගෙන.

ලොව වටාම මරණ රාශියකට වගකිවයුතු වූ, එක්තරා සයිබර් අපරාධයක චූදියකු ව අත් අඩංගුවට පත්වූ අපරාධකරු පාපොච්ඡාරණය කරමින් කියා සිටින කතාව ඕනෑම පුද්ගලයකුගේ ඇඟ කිළිපොලා යන කතාවක්. මේ සිදුවීම අපිට වැදගත් වන්නේ ඔහු අත් අඩංගුවට පත්වුනත්, ඔහුගේ අදහස් දරණ නොයෙක් දෙනා සමාජයේ දැකගත හැකිවීම සහ එවන් ආකාරයේ සයිබර් අපරාධ දිනෙන් දිනම ඉහල යමින් තිබීම හේතුකොටගෙන. ලංකාව පිළිබඳව සිතුවත් එවැනි ආකාරයේ සයිබර් අපරාධයකට අපේ තරුණ හා ළමා පරපුර ගොදුරු වන්නට ඇතියැයි සැක සිතිය හැකි ඕනෑතරම් හේතු සාධක දිනපතා ප්‍රවෘත්ති තුලින් පවා අපහසුවකින් තොරවම සොයාගත හැකියි.

එසේ නම් මින් ආරක්ෂා වන්නේ කෙසේද? දැනුවත්වීම සහ අවධානයෙන් සිටීම හැර අන් කිසිදු ක්‍රමයක් නැහැ.

ඒ නිසාම ආරාධනා කරනවා ඊළඟ සෙනසුරාදා රෑ 8.30 සිට ස්වාධීන රූපවාහිනියෙන් අපරාධකරුවකුගේ පාපොච්ඡාරණය අහන්න, දැනුවත් වෙන්න ඔබ සහ ඔබගේ පවුල ඔබේ සමීපතමයින් කෙතරම් දුරට මේ ඩිජිටල් ලෝකය තුල ආරක්ෂිතදැයි නැවත වරක් සිතා බලන්න.

rat images
 
සටහන - සුනෙත් කොග්ගලහේවා
(R.A.T සම තිර රචක)
 

kemadasa

shungara

Back to top
Go to bottom