lan englan tam

විශේෂාංග

ආයු සිනමාත්මක විඳීමකි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Iresha Hemamali-

අඳුරු සිනමා ශාලාවක වාඩි වී පුලුල් තිරයක් මතින් විහිදෙන සුදු පැහැති ආලෝක ගංඟාවකින් ප්‍රක්ශේපනය වූ චලන රූපාවලියක් පැය එකයි මිනිත්තු පනස් හයක් තුළ දුලබ මානව අත්දැකීමක් බියෙන් ,පුදුමයෙන් සංවේදනාත්මකව ගල් ගැසී කම්මැලි නැතුව වින්දෙමි.මේ එම විඳීමයි.

 

ආයු සිනමාත්මක විදීමකි

 

 

'ආයු' චිත්‍රපටය මගින් පෙන්වන්නේ කාන්තාවකගේ මනෝභාවය පිළිබඳ දෘශ්‍ය සංවාදයකි.

"ගැහැනියක් යනු බලාපොරොත්තු සමඟ හුස්ම ගන්නා ජීවියෙක්” යන අදහස, නිශ්මිගේ චරිතය තුළ ඉතා හොඳින් පෙන්වා දී ඇත. නිශ්මි, බිඳුණු නමුත් ,

බුද්ධිමත් විවේචනයකින් යුත් ගැහැනියක් ලෙස පීඩිත ලෝකයෙන් නව අරුතක් සොයා නව මාර්ගයක ගමන් කරන්නියකි.නැවත ජීවිතයක් සොයන මනසක් අතර ගමනක දෘශ්‍යමය සංවාදයකි.චිත්‍රපටය සිදුවීම්වලට වඩා අවධානය යොමු කරන්නේ, චරිතයන්ගේ අභ්‍යන්තර සංවේදන හා මනෝභාවික විලාසය වෙත ය.

 

රූපමය භාෂාව

 

ayu 668578665 large

 

ආරම්භක මුහුදු දර්ශනය ආයු ,හුළං පෙත්තක් අතේ ගෙන වෙරළේ ඇවිදින මොහොත සම්පූර්ණ චිත්‍රපටයේ මූලික සංකේතයක් ලෙස හදුනාගත හැකිය. කතාවේ නිරූපණය සහ රූපමය භාෂාව ගත්විට චිත්‍රපටිය nonlinear narrative එකකින් ගොඩනැගෙයි. කාලානුක්‍රමික අනුපිළිවෙළකට නොමැතිව සිදුවීම් flashback ෆ්ලෑෂ්බැක් හා flashforward ෆ්ලෑෂ්ෆෝර්වර්ඩ් ක්‍රම වලින් ඉදිරිපත්වීම නිශ්මිගේ මනෝභාවය තුළ ගලා යන හැඟීම්, මතක සහ සිතිවිලි වල සංකීර්ණත්වය හදුනාගත හැක.Film conflict එක එමගින් තවත් තීව්‍ර වූ බවක් පෙනෙයි.

 

සංකේත හා අරුත් විවරණයක්

"ආයු” යනු ඇත්ත වශයෙන්ම චරිතයක් ලෙස නොව, නිශ්මිගේ මනස තුළ සතුට හා බලාපොරොත්තුව නැවත සොයාගන්නා ආත්මීය පරිනාමය සංකේතයක් ලෙස නිරූපණය වේ.

 

ayu 913807973 large

 

සංකේත මඟින් ලබා දෙන අර්ථ විවරණය ගත්විට,

මුහුද අතීතය හා වර්තමානය එකට බැඳෙන අසීමාන්තික සංකේතයක් බෝට්ටුව ජීවිත ගමනක් ලෙසත් නැවත උපතක් වෙත ගමන් කිරීමක් ලෙසත් හුළං පෙත්ත කෙටි හා දුර්වල අනිත්‍ය ජීවිතයක රූපකයක් ලෙසත් පෙනේ.

අවසානයේ නිශ්මිට නැවත ආයු හමුවීම බෝට්ටුවේ නැගී ආයු සමඟ පිටත් වීමෙන් සහ පසුව ආයු නොමැතිව නිශ්මි පමණක් බෝට්ටුවේ පෙන්වීම ඇයගේ අවසන් ආදරණීය ප්‍රාර්ථනාවද විසුණු වීම පෙන්වයි.

 

චිත්‍රපටය ගොඩනැගීම ,කැමරා භාවිතය සහ කලා අධ්‍යක්ෂණය

කුතුහලය පෙරළිය අනපේක්ෂිත twist කිරීම සමස්ත කතාව පුරාම බලගතු ලෙස ප්‍රේක්ෂකයා බැඳ තබා ගැනීමට හේතුවකි.Scene designing සහ framing ඉහළ තත්ත්වයක පවතින අතර, after-climax වුවත් short length කෙටි සංවේදනාත්මක හැඟිමකින් නිමවීම චිත්‍රපටයේ තවත් සාර්ථක ලක්ෂණයකි.

 

 

කැමරා අධ්‍යක්ෂකවරයාගේ lighting, framing සහ camera angles මඟින් නිශ්මිගේ අභ්‍යන්තර සංකීර්ණතාව ප්‍රේක්ෂකයාට දැනෙන ලෙස ඉතා නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කර ඇත.

නමුත් ,ඇතැම් දර්ශනවලට රූපීය විචිත්‍රත්වය අත්‍යවශ්‍ය නොවන බවද දැනුණි.මුල්ම දර්ශන කිහිපයෙන් නිශ්මි, සචින් සහ ආයු යන චරිතයන්ගේ ස්වභාවයන් නිවැරදිව උපනය කිරීම අධ්‍යක්ෂවරයාට සාර්ථකව සිදු කර ඇත. එය චිත්‍රපටයට ඉතා ප්‍රබල පිවිසීමක් බවක් පෙනේ. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය බිමල් දුශ්මන්තගේ ය.ඔහුගෙන් චිත්‍රපටයට ලැබී ඇති දායකත්වය අති මහත්ය. චිත්‍රපටය පුරාම කලා අධ්‍යක්ෂණය සාර්ථකය.

 

රංගනය

කලාතුරකින් හමුවන තරමක් දුර්ලභ සුන්දර මතකයේ රැඳෙන කාන්තා හැඩ රුවක් ලෙස සැන්ඩ්‍රා මැක්ගේ රුව නෙත් හිත් බැඳ ගනී. ඇගේ රංගනය අගය කළ යුතුම පුළුල් පරාසයක ගලා යන්නකි.

 

ayu 206856571 large

 

නිශ්මි යනු බලාපොරොත්තු විනාශ වී, නොකළ වරදකට ජීවිතයෙන් වන්දියක් ගෙවන ගැහැනියකි. ඒ සංවේදී හැඟමඇය ඉතා සියුම්, භාවාත්මක රංගනයකින් ඉදිරිපත් කරයි.

ඇයගේ ,ඇයටම ආවේනික මුහුණ , ප්‍රසන්න සිනහව හා නිශ්ශබ්දව සංවේදනයන් මුදාහැරීම කැමරා අධ්‍යක්ෂවරයා වන කාලිංග දේශප්‍රිය විවිධ කැමරා කෝණ භාවිතය මඟින් චිත්‍රපටයට සම්පූර්ණයෙන් ගැළපෙන ලෙස රූපගත කර ඇත.ඒ නිසා නිශ්මිගේ චරිතය නරඹන්නාගේ මනසට තදින් බැඳ තබාගනියි.සැන්ඩ්‍රාගේ වෘත්තීය ප්‍රවීණත්වය හා facts & imagination තොරතුරු සම පරිකල්පනය මිශ්‍ර කර ගැනීමේ power talantශිල්පීය කුසලතාවය ඇයව සාර්ථක රංගනයකට රැගෙන යන්නට ඇත.

ජගත් මනුවර්ණ 'සචින්' ලෙස සාර්ථක ස්වභාවික රංගනය යෙදෙන අතර දිගු කාලීන රංගන අත්දැකීම් චරිතයේ ගැඹුර වැඩි දියුණු කර ගැනීමට ඉවහල් වී ඇති බව පෙනේ නලින් ලුසේනා සමඟ වැල්ලේ සිදුවන සටන් ජවනිකාව තාත්වික බවින් ඉහළය.

 

ayu 819084535 large

 

අශාන් ඩයස් සුපුරුදු රංගන කාර්ය වගකීමෙන් සිදුකර ඇත. චිත්‍රපටයේ මාලනි ෆොන්සේකාගේ ප්‍රවීනත්වයේ සෙවනැල්ල සැන්ඩ්‍රාගේ කුළුදුල් ගමනට ශක්තිමත් අත්වැලක් වේ.තුමිදු දොඩංතැන්න, ප්‍රියන්ත සිරිකුමාර නලින් ලුසේනා ඇතුලු රංගන ශිල්පීන්ද කෙටි කාල පරාසයක වුවත් සාර්ථක රංගන දායකත්වයක් ලබා දී තිබේ

 

චිත්‍රපට සංගීතය

චිත්‍රපටය තුළ වරින් වර ඇසෙන චතුරිකා නිර්මාණිගේ හඬින් ගයන, චින්තන ධර්මදාස පද රචනා කළ, මිලින්ද තෙන්නකෝන් සංගීතවත් කළ “රැළි රැළි හැපි හැපි විසිරී හිරිකඩ" ගීතය චිත්‍රපටයට සංවේදී අරුත්මය පරිසරයක් නිර්මාණය කරයි.

 

 

චතුරිකාගේ අපූරු මධුරමය ගායනය නිශ්මිගේ අභ්‍යන්තර හැලහැප්පීම සංවේදනය බලාපොරොත්තුවේ ප්‍රාර්ථනාව මනාව ඉස්මතු කරයි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය චිත්‍රපටය විසින් ඉල්ලා සිටින සංගීතයමය.

අඩුපාඩුවක් ලෙස මා දුටුවේ සචින් භාවිත කරන භාෂාව මූදු අශ්‍රිත වැල්ලේ භාෂාවට නොගැළපීමයි.

නමුත් එය චිත්‍රපටය විඳීමට බාධාවක් නොවේ.

අවසානයේ, චත්‍ර වීරමන්ගේ දෙවන අධ්‍යක්ෂණය වන ආයු සංවේදනාත්මක සිනමා අත්දැකීමක් ලෙස සාර්ථකව වී ඇත.එය සම්ප්‍රදායික රූපාවකරණයකට වඩා, ජීවිතය හා මනුෂ්‍ය ආත්මය පිළිබඳ අභ්‍යන්තර සංවාදයකි.

ආයු යනු බලන චිත්‍රපටයක් නොව, අත්දකින චිත්‍රපටයක් බවට පත්වෙයි.

නිශ්මි හුස්ම ගන්නා විට, අපිත් එම හුස්මට එකතුවන බවක් හැඟෙයි.

පසුගිය වකවානුවේ රාණි සමඟ ආරම්භ වූ සිනමා වසන්තයේ ,මා සසල කිරීමට සමත් වූ එකම චිත්‍රපටය ආයු බව සනිටුහන් කරමි. ජීවිතය නැවත පසක්කරන ආත්මීය චිත්‍රපට අත්දැකීමක් ලෙස, ආයු නරඹන්නාගේ මනසෙහි දිගටම රැඳෙන චිත්‍රපටයකි.

චිත්‍රපට නිෂ්පාදක ජෙනරල් දයා රත්නායක, චත්‍ර වීරමන් ඇතුළු කණ්ඩායමටම සුබපතමි.

අවසන සනිටුහන් කරමි,

චිත්‍රපටය නරඹා දින කිහිපයක් ගෙවුණ ද,

නිශ්මි ඔබේ ඉනාවක් බඳු සිනහව මාගේ මනසින් අකා මකා දැමීමට මම තවම වෙහෙස වෙමි.

 

469444958 1289498348709355 19123160744115403 n 1

 

සටහන - ඉරේෂා හේමමාලි 

(මෙම සටහන 'Iresha Hemamali' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

 

 

kemadasa

Back to top
Go to bottom