ෆිල්ම් වලට ගොඩ ආස කරන අපේ අලුත් පරම්පරාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දෙනෙකුට black & white ෆිල්ම් පේන්න බෑ . පරණ කළු සුදු ෆිල්ම් එකක් දැක්කම අප්පිරිය කරනවා අම්බානක . මේක මාරම වැරද්දක්. අපේ love එක තියෙන්නේ සිනමාවට නම් ඒකෙ කාල භේදයක් හොයන එක ගොන් කමක් . පරණ ෆිල්ම් එකක් කියන්නේ එක්තරා විදියක සමාජ කියවීමක් . නැද්ද ?
කට්ටිය පරණ ෆිල්ම් පිළිකුල් කරනවා නම් , බලන්නේ නැත්තම් ඒ සෙට් එකට කියන්න තියෙන්නේ ඔබලාට සිනමාවේ හොදම හරිය මිස් වෙන බවයි. ඒකෙ එහෙමම තමයි ආයේ . සමහර නාබර කට්ටිය හිතනවා ඇති මූ පිස්සු කියවනවා කියල. මමත් කාලයක් එහෙම හිතුවා . නමුත් පරණ ෆිල්ම් බැලුවම ඒකෙ තියන ගතිය , අද තියන බොහොමයක නෑ . අවංකවම අද hollywood කියල තියෙන්නේ බොරුමවා පෑමක් . එතන ඇති සිනමාවක් නෑ .
පරණ කතන්දරේ පැත්තකින් තිබ්බොත් , Ingmar Bergman කියන්නේ ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච සුපිරිම ගණයේ සිනමා කරුවෙක්. කලාත්මක සිනමාව ගැන කතා බොරු Bergman නැතුව. ඒත් සමහරුන්ට Bergman ගේ මේ සිනමා භාවිතය අල්ලලා යන්නේ නෑ . අධික ලෙස සංකේත සහ සංකීර්ණ තේමාවන් එක්ක යන Bergman ගේ ෆිල්ම් සිනමාවට ආධුනික කෙනෙකුට බලන් ඉන්න බෑ .
නමුත් bergman ගේ ෆිල්ම් බලන්න ආස කෙනෙකුට ආරම්භයක් විදියට බලන්න පුළුවන් එකක් තමයි Summer with monika කියන්නේ .මේක බොහොම සරල සීන් එකක් Bergman ගේ පස්සේ පස්සේ ආපුව එක්ක බලනකොට. මොලේ කුරුවල් වෙන ගතියක් මේකේ නෑ . මුල අග පැහැදිලිව තියන සරල කතාවක් මේකේ තියෙන්නේ.
තරුණ කාලෙ කෙල්ලෙක් සෙට් වුණාම හිතෙනවා ලෝකෙම හම්බවුණා කියල. ඉන්නේ පොලවේ නෙමෙයි සුරංගනා ලෝකේ. ඉතිං ඔහොම ඉදල මොන මොනවහරි සෙල්ලම් දාල වැරදිලා ඉතිං බදින්න සිද්ධවෙනවා . අඩු වයසින් බැදීම කියන්නේ අම්බ ගොං වැඩක් . අඩුවයසින්ම බබෙක් සෙට් වුනොත් එලම කිරි. සුරංගනා ලෝකේ හොම්බෙන් තමයි යන්නේ ඊට පස්සේ . ඔක්කොම love කොහේ ගියාද කියල හොයන්නත් බෑ ඊට පස්සේ . ඉතිං ටික දවසක් යනකොට ප්රශ්න . ඊට පස්සේ කොටු පැනිලි . ගහමරා නොගත්තොත් වාසනාවක් .
summer with Monika එකේ Bergman පෙන්නන්නේ මෙන්න මේ ෆුල් ශෝචනීය ඉරණම. ජීවිතේ විදින්න , fun ගන්න . නොතේරෙන වගකීම් පොඩි වයස්වල කරගහගෙන charter කරගන්න එපා මචන්ලා ජීවිතේම.
ආදරේට break නෑ , නමුත් ජීවිතේට Reverse නෑ . එල !