Flowers Of War (2011)
ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා අවුරුදු 30ක් පිරෙන දවසෙම , ඒකියන්නේ ජූලි 29වැනිදා ලංකා ආණ්ඩුව හම්බන්තොට වරාය චීනෙට අවුරුදු 99කට බදු දුන්නා . රටක ජාතික සම්පත් එක එකාගේ හිතුමනාපෙට විකුණද්දී පවා ඇස් කන් පියාගෙන පාට පක්ෂ වලට බෙදිලා බුකියේ වාද කරගන්නා ජනතාවක් සිටීම දේශපාලකයන්ට කොච්චර සහනයක් වෙන්න ඇද්ද ? වැඩක් නෑ මෙව්වා කියල
ඉතිං මේ චීන ගිවිසුමත් එක්ක හිතුණා සමරන්නත් එක්ක චීන චිත්‍රපටයක් ගැන කතා කලොත් හොදයි කාලෝචිතයි කියල . (දුක තුනී වෙන්නත් එක්ක ). Flowers of war හදන්නේ Zhang Yimou . ඔහු චීන සිනමාවේ සලකුණ ලෝක සිනමාවේ සටහන් කිරීමට විශාල දායකත්වයක් සපයන්නෙක්. මේ ලගදී ආපු Great wall ෆිල්ම් එකත් ඔහුගේ .
Zhang Yimou අයිති වෙන්නේ 5th generation චීන සිනමා අධ්යක්ෂවරුන් කුලකයට . ඒ කියන්නේ ඉතාම ම්ලේඡ්ච Chinese Cultural revolution (1967-1977) එකෙන් පස්සේ Beijing Film Academy එකෙන් පිටවුණු පලවෙනි සමුහය විදියට . ඔවුන් , ඒ කියන්නේ 5th generation සිනමා කරුවන් තමයි විවිධ බාධක , මර්දනයන් තහනම් කිරීම් වලින් නොසැලී චීන සිනමාව ලෝකයට ගෙනියන්නේ . මේ සමුහයෙන් ප්‍රධානම 3න් දෙනා තමයි zhang yimou , Kaige Chen සහ Tian Zhuangzhuang. මේ අතරිනුත් අනන්‍ය සිනමා භාවිතාවක් එක්ක ඉදිරියෙන්ම ඉන්නේ zhnag yimou .
zhang yimou ගේ චිත්‍රපට වල frames ඇතැම් විට සිහිකරන්නේ Akira Kurosawa . ඔහු එතරම්ම රූපරාමුව සංවිධානය පිළිබද සැළකිලිමත් . අනික් ප්‍රධානතම කාරණාව සිනමා කෘතියක වර්ණ භාවිතාව . ඉතා නොබියව වර්ණ භාවිතා කරන Yimou ඒ තුළින් විවිධ අර්ථ නිරූපනයන් රූපරාමුවට ලබාදෙනවා . Hero චිත්‍රපටය වර්ණ භාවිතාවට උදාහරණ ලෙස ගතහැකි ලෝක සිනමාවේ සුවිශේෂී චිත්‍රපටයක් ලෙස විචාරකයන් අවිවාදයෙන් පිලිගන්නවා .
Flowers of War චිත්‍රපටය ජපානය විසින් චීනය ආක්‍රමණය කළ නවසිය තිස් ගණන් නිරුපණය කරණ චිත්‍රපටයක් . ජපාන ආක්‍රමණයෙන් දිවි ගලවා ගැනීමට කන්‍යාරාමයක සිසුවියන් පිරිසක් දේවස්ථානයක ආරක්ෂාව ලබනවා . නගරයේ ගණිකාවන් පිරිසක් රැකවරණය පතා පැමිණෙන්නේත් මේ දේවස්ථානයට . ඔවුන්ගේ ආරක්ෂාවට ඉන්නේ පුජකයෙක් පමණයි. වියරු ජපාන සෙබළුන් ගෙන් ගණිකාවන් සහ කන්‍යාවන් ආරක්ෂා වේවිද ?
වචනයෙන් බොහොම සරලව එහෙම කිව්වත් . Zhang Yimou අපිට ඉතාමත් හැගීම්බර රූපරචනයක් ඉදිරිපත් කරනවා . යුද්ධයේ ඇති ම්ලේච්ඡ තිරිසන් ස්වභාවය සහ කොතරම් මරණීය නිමේෂයන් වලදී පවා ආත්මාර්ථය පසෙකලා පරාර්ථය වෙනුවෙන් කැපවෙන මිනිසුන් yimou ඉදිරිපත් කරනවා .
Zhnag Yimou තම චිත්‍රපටයේ ප්‍රධාන කතා පාර්ශව 2 කරගන්නේ එක් පසකින් කන්‍යාවන් සහ අනික් පසින් වෙශ්යාවන් . සංකේතාත්මකව මේ දෙපිරිස සමාජය සලකන්නේ අන්ත දෙකක් විදියට . කන්‍යාව නොකිලිටි බවේ සංකේතය වන්නා සේම වෛශ්‍යාව කිලිටි දුෂිත බවේ සංකේතයක් ලෙස සමාජය සලකනවා . නමුත් සියලු සමාජ දෘෂ්ටින් සහ සිවිල් නීති කීතු කීතු වෙලා ගිය නිමේෂයන් වලදී ඉතිරි වෙන්නේ ජිවත් වීමේ ආසාව සහ බලාපොරොත්තුව විතරයි . මේ බෙදීම ඇදුම් ආයිත්තම් වල හැඩයේ පාටේ ඉදල yimou මතුකරනවා . කන්‍යාව උතුම් උසස් දෙයක් ලෙස පවතින සමාජ මතය zhang yimou ප්‍රශ්ණ කරන්නේ ඔවුන් ලග නැති මනුස්සකම වෛශ්‍යාවන් තුළින් මතුකර පෙන්වීමෙන්.
කොච්චර වචන වලින් කිව්වත් කියන්න බැරි සෞන්දර්යක් මේ චිත්‍රපටයේ තියනවා . දෘෂ්‍ය කලා කෘතියක් වචනයෙන් විස්තර කළ හැකි සීමාවක් තියනවා . Flowers of war ඒ වගේ කතා කරන වර්ණ හැඩතල සහ රූපරාමු හදවතේ ජනිත කරන හැගීම වචනවලට ගන්න බෑ .
චීනෙට ජයවේවා , මතු මතුවටත් චීන සල්ලි සහ ආශීර්වාදය ආරක්ෂාව අපේ රටට ලැබේවා කියල නවතින්නම් !