අපි සිනමාව ගැන කතා කරනවා. රජය සිනමාව කර්මාන්තයක් ලෙස අමතක කරනවා. සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංවිධානයක් තියෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දෙක තුනක් කරනවා. ඉන් පසු අද වෙනකම් ඒවා ගැන කව්රුත් කතා කරන්නෙ නැහැ.
ඉන්දියාව කලු සල්ලි දාලා බොලිවුඩ් චිත්‍රපට කරලා ලෝකයක් සිනමාවෙන් අල්ලගෙන ඉන්නවා. හොලිවුඩ් සිනමාවටත් ආයෝජනය කරන්නෙ කලු සල්ලි නෙමෙයි කියලා කාටද හරියටම කියන්න පුළුවන්. ලෝකෙ කොහෙත් කලු සල්ලි සිදු වෙන්නේ සිනමාව සහ වෙනත් දේවල් හරයා තමයි. ඒ හින්දා පහුගිය කාලෙ මහා පරිමාන ඇස්තමේනත්වලින් චිත්‍රපට කරපු අධක්ෂවරු හිටියා.හැබැයි ඒ කරපු සේරම ෆේල්. ආදායමවත් හොයා ගන්න බැරිවුනා.
තවත් අය චිත්‍රපට කෙරුවෙ තමන්ගෙ ගැම්මට... සිනමාවට තිබෙන ආදරේට. වියදම් කෙරුවෙ අමාරුවෙන්. මේ දවස්වල දුවන චිත්‍රපට වල ඇත්තටම ගත යුත්තක් නැහැ. කොපිකරලා හදපු ධර්මයුද්ධෙ පේ්රක්ෂකයො අතරට ගෙනිච්චද කොහෙද. ප්‍රියන්තගෙ අලුත් ෆිල්ම් එකත් වැඩක් නැහැ කියලා සමහරු කිව්වා. මම තාම බැලුවෙ නැහැ. කොහොමවුනත් ලංකාවෙ සිනමාව ට පේ්රක්ෂකයො ඉන්නවා. නැහැ කියනවනම් ඒක බොරුවක්. ලංකාවෙ අද චිත්‍රපට ශාලාවකට ගියහම එක එක වෙලාවට එක එක චිත්‍රපට පෙන්වන්නේ. බලන්න ඔිනෙ කියලා හිතාගෙන යන චිත්‍රපටිය නෙමේ ඒ වෙලාවට තියෙන්නෙ. මිනිස්සු ආපහු හැරිලා යන්නේ නැතුවාම නෙමේනෙ.
ඒ අතරට මේ දූපතෙන් එහාට ගෙනියන අපේ චිත්‍රපට වලට විවිධ සම්මාන උත්සව වල සම්මාන හම්බවෙනකොට අධ්‍යක්ෂවරයයි ඒවයෙ රගපාන නිළියකුයි සමාජ ජාලා ඔස්සේ එකිනෙකාට ඇගිලි දික්කරනවා. මේ වගේ වටපිටාවක බොලිවුඩය සහ හොලිවුඩය ඇතුලු තවත් සිනමාවට ආදරේ අය විසින් ලෝක සිනමාවට අලුත් අලුත් නිර්මාණ ගේනවා. අපේ අය එකම තැන හිරවෙලා.... එකම මාතෘකා අතර දෝලනය වෙමින් ඉන්නවා. අනුන්ගෙ දේවල් කොපි කරලා චිත්‍රපට හදනවා. මේ මහපොළවේ කොයිතරම් හොඳ වස්තු බීජ තියෙනවද? ගාමිනී ෆොන්සේකා ඒ කාලේ 'සාගරයක් මැද්දෙ' ෆිල්ම් එක හැදුවෙ කාලීන දේශපාලන වාතාවරණය මුල් කරගෙන. ප්‍රසන්න විතානගේ, හඳයා, විමුක්ති වැනි අයත් ඒ වගේ වෙනස්ම විදිහට තමන්ගෙ කතා ව තෝරගන්නවා.
හැමෝටම එහෙම බැරිවුනත් රසය උපද්දන්න කර්මාන්තයක් හැටියට වර්ධනය කරන්න පුළුවන් මෝඩ ජෝක් නැති චිත්‍රපට හදන්න බැරි කමක් ලංකාවෙ අයට නැහැ.
අපේ සිනමා වෙ අය පණ්ඩිතයි. කතා කරන්න ගියහම අපේ ලංකාවෙ අයට ලෝකයෙ වෙන කව්රුත් සම කරන්න බැරි තරම්. හැබැයි ආපහු හැරිලා බලන්න, මේ ඉවර වෙන්නේ තවත් අවරුද්දක්. සිනමාවෙ මොකද්ද ඉදිරියට ගලායාම... නව ප්රවනතා මොනවද?යල් පැනගිය කතා ..සාකච්ජා... මේ රටට වෙන රටකින් එක සිනමා අධ්යක්ෂවරයෙක් ඇවිත් අඩුගානෙ අසල්වැසි ඉන්දියාවෙන් වත් ඇවිත් සාකච්ජාවක් සම්මන්ත්‍රණයක් තිබ්බද? අවුරුද්දකට එකපාරක් හරි මේ වගේ දේවල් මේ රටේ වෙනවද?
අනෝමා රාජකරුණා තරුණ සිනමා කරුවන් හා කෙටි චිත්‍රපට කරුවන් සමග යාපනය, කොළඹ, ගාල්ල, නුවර වැනි නගර වල සිනමා උත්සව පවත්වමින් යම් මෙහෙවරක් කරනවා. ඒ ගැන අපි කුහක නොවී ඇයට ප්‍රණාමය පුද කළයුතුයිනෙ.
ඒ ඇරෙන්න වෙන මොනවද වෙන්නෙ?සිනමා අධ්යක්ෂවරුන්ගෙ සංවිධානය මොනවද කරන්නෙ?කව්රුත් මොනවත් කරනවද?
2018 මොනවද ඉලක්ක? 2020 වෙනකොට මේ රටේ සිනමාවට වෙන්නෙ මොනවද?විෂන් එකක් තියෙනවද?අපි ඉද හිටක තරංගනී සිනමා ශාලාවේ හෝ තානාපති කාර්යාලයකින් සංවිධානය කරන සිනමා උළෙලක් නරඹලා ආතල් එකක් ගන්නවා ඇරෙන්න වෙන මොනවද කරන්නෙ. ලංකාවෙ දේශී්‍ය සිනමාව කියන වරහන ඇතුළෙ ප්‍රදර්ශනය වන චිත්‍රපට මේ ලෝකෙ රහක් නැහැ.
ස්පීල්බර්ග් ගෙ අලුත්ම චිත්‍රපටය ලබන මාසෙ නත්තලට ප්‍රදර්ශණය වනවා. මෙරිල් ස්ට්‍රිප් වයසට ගියත් එහි රගපානවා. ඉන්දියාවෙ ශ්‍රීදේවි රගපාන අලුත් ෆිල්ම් එකක් දැක්කා. මාම් කියලා. ශ්‍රීදේවි වයසට ගිහිල්ලත් අපූරුවට රගපානවා. ස්වර්ණා ඇගේ ඇස අග රගපෑවා.ඒත් එච්චරයි.
ලංකාවෙ සිනමාවෙ අනාගතය ගැන කතිකාවක් ඇති වෙන්න ඔිනෙ. හැබැයි සිනමාව තමන්ගෙ බූදල් කියලා හිතාගෙන ඉන්න බහිරවයො වෙනස් වෙන්නැතුව වටපිටාවක් හැදෙන්නෙ නැහැ. අපේ සිනමා අධ්යක්ෂවරු දෙකට බෙදිලා . දේශපාලනය නිසාත් දෙකට බෙදිලා. එකාට එකා නැහැ. මම මේ කියන්නේ අලුත් පරපුරේ සිනමා කරුවො ගැන නෙමේ. හතලිහ පැනපු අය ගැන. මේ අය කුහකද මන්දා.
තරුණ සිනමා අධක්‍ෂවරුන්ට හැකිනම් සංවිධාන ගත වෙලා මේ වැඩිහිටි අයට පෙන්වන්න අනාගත සිනමාව වෙනුවෙන් මෙන්න මෙහෙමයි දේවල් කරන්න ඔිනෙ කියලා ..... මේ අය තම තමන්ගෙ ගතානුගතික අදහස් වෙනස් කරගන්නත් ඉඩ තියෙනවා.
මේ විදිහට සටහනත් ලිව්වෙ ස්පිල්බර්ග් ගෙ අලුත් චිත්‍රපටයෙ තේමාව දැකලා.... මෙරිල් ස්ට්රිප්ගෙ රගපෑම දැකලා.... සිනමාවේ අපූර්වත්වය දැකලා. ඉතින් අපි....චූණ් එකේ පිල් බෙදිලා බෝල පාස් කරමු.
මනෝහාරී