The Great Gatsby කියන්නේ 1925 වර්ෂයේදී F Scott Fitzgerald නමැති ඇමරිකානු ජාතික කතුවරයා විසින් ලියන ලද අපූරු කෘතියක්.
මේ මුළු කතන්දරයම ගොඩනැගෙන්නේ ජේ ගැට්ස්බි කියන බොහොම තරුණ සහ ධනවත් තරුණයා වටා. පාඨකයාට ගැට්ස්බිගේ කතාව කියන්නේ නික් කැරවේ කියන තරුණයා.
ගැට්ස්බි කියන්නේ අදහන්න බැරි තරම් විශාල ධනයකට හිමිකම් කියන තරුණයෙක්. ඕනෑම කෙනෙකුට විවෘත වුණු මහා පරිමාණයේ සාද සම්භාෂණ හැමදාම වගේ ඔහුගේ නිවසේ පැවැත්වෙනවා. මේ අතරෙදි තමයි නික් කැරවේට ගැට්ස්බි තමන්ගේ සාදයකට එන්න කියලා ආරාධනා කරන්නේ. ඒ ආරාධනාවත් සමගම ගැට්ස්බි සහ නික් අතර යම් ආකාරයක මිතුරුකමක් ඇති වෙනවා. ඔහු ඬේසිට ආදරය කරන්නේ උමතුවෙන්. ඇමරිකානු සාහිත්‍යය තුළ හමුවන හොඳම සහ අපූරුම පේ්රමවන්තයන්ගෙන් කෙනෙක් තමයි ගැට්ස්බි කියලා පාඨකයන්ට හිතෙන තරමටම ඔහු ඬේසිට ආදරය කරනවා. ඬේසිව තමන්ට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඉතා සිත් ඇදගන්නා සුළු තරුණයෙක් වගේම මහා පරිමාණයේ ධනවතෙක්වෙලත් ඔහු ධනවතෙක් වෙන්න කලින් ආදරය කරපු තරුණියට නොනවත්වාම දැඩිව ආදරය කරනවා. ගැට්ස්බි ධනවතෙක් වෙලා ඬේසිගේ අත ගන්න හොයද්දි ඈ වංශවත් ධනවත් ටොම් සමග විවාහ වෙලා.
බොහොම සරල ආදර කතාවක් වගේ පෙනුනත් ඔය American Dream කෘතිය පුරාම ඇමරිකානු සිහිනය හඹා ගොසින් තමන්ට තමන්ව අහිමි කරගත්තු මිනිස්සුන්ගේ ඛේදවාචකයේ හරසකඩක් පාඨකයා වෙත ගෙන හැර පාන්නේ ඉතාම සියුම් ආකාරයට.American Dream එකට අනුව මිනිස්සුන්ට ඉතාම සුඛෝපභෝගී සාර්ථක ජීවිතයක් ගතකරන්න සමාජ පන්තිය හෝ පවුල් පසුබිම වැදගත් වෙන්නේ නැහැ. අතීතයක් නැති සුඛෝපභෝගී වර්තමානයක පරම හිමිකරුවන් වන ඇමරිකානු සිහිනය සැබෑ කරගත් මිනිසුන් රැුසකගේ ජීවිතයේ සියුම් තැන් මනාවට ස්පර්ශ කරන අපූරු කතාවක් තමයි මේ. ගැට්ස්බි කාගේ කවුද ඉන්නේ කොහෙද ඔහුට සල්ලි එන්නේ කියන එක ගැන කවුරුත් හරියටම දන්නේ නැහැ.ගැට්ස්බි තමන්ගේ අතීතය පිළිබඳ කරන හෙළිදරව් ඔහුගේ අතීතයත් එක්ක සංසන්දනය කරාම පරස්පරවිරෝධියි කියන එක පාඨකයාට හැෙÛනවා වගේම නික් කැරවේ පවා එය ප්‍රකාශ කරනවා. ඒක නිසාම නගරය පුරාම පැතිරෙන්නේ කටකතා. අවසානයේදී ඔහු නීති විරෝධී මත්පැන් ව්‍යාපාරයකට සම්බන්ධ තැනැත්තෙක් බවට හෙළිදරව් වෙනවා. ගැට්ස්බිට ධනවතෙක් වෙන්න ඕනේ කරන්නේ ඬේසිගේ අතගන්න ඕනේ නිසා. ඔහුගේ ආගමනයෙන් පසුත් ඬේසි කියන්නේ ඇය ගැට්ස්බි සමග ජීවත් වෙන්න සූදානම් බවයි. නමුත් ඬේසි ඔහුගේ මළගමට යන්නවත් සංවේදී වෙන්නේ නැහැ.
පළවෙනි ලෝක යුද්ධෙ අවසාන වෙනවත් එක්කම ඇමරිකාවේ සිදුවුණු ආර්ථික සංවර්ධනයත් එක්කම දුප්පත් පෝසත් පරතරය වැඩි වෙනවා. ඒ එක්කම මත්පැන් ජාවාරම එවකට ඇමරිකාවේ නීතියෙන් තහනම්. 1919 සිට 1933 වර්ෂය වෙනකල්ම මත්පැන් නිෂ්පාදනය , විකිණීම, ප්‍රවාහනය යන සියල්ලම ඇමරිකාව පුරා තහනම්. ඒක නිසා මේ කතාවට පාදකවන කාල සීමාව තුළදී ධනවතුන් එම නීතිය නොතකා තමන්ට රිසි සේ ජීවත්වෙනවා දකින්න පුළුවන්.
ජේ ගැට්ස්බි එතැනදී පාඨකයට කතාව දිහා බලන්න වෙන්නේ නික් කැරවේගේ ඇහෙන් . එතැනදී නම් සමහර වෙලාවට කතාවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළු මතුවෙන වෙලාවල් තියෙනවා.
‘Whenever you feel like criticizing anyone , just remember that all the people in this world haven’t had the advantages that you’ve had’’ ’ ( තමන්ට කාව හරි විවේචනය කරන්න ඕනේ කියලා හිතුණොත් මතක තියාගන්න ලෝකේ ඉන්න හැම මිනිහටම තමන්ට ලැබුණු හැම හොඳදෙයක්ම ලැබිලා නැති බව. * මේ නික්ට ඔහුගේ පියා විසින් කියන ලද්දක්. ඒ වගේ අවවාදයක් ලැබිලා තියෙන නිසාම ඔහු මිනිසුන් දිහා විවේචනාත්මක ඇහැකින් බලන්නේ නැහැ කියලා කිව්වත් කතාව පුරාම අනිත් අයගේ චරිත හඳුන්වාදෙද්දී ඔහු විසින් භාවිතා කරන උපමා උපමේයන් අනුව ඔහු තමන්ගේ කතාව කියද්දී සමබරතාවය රැුකගන්න දැඩි උත්සාහයක යෙදෙන බව පෙනුනත් කතාව කියවද්දී ඔහු ගැට්ස්බි ගැන ඉතාම සානුකම්පිත ඇහැකින් බලන බවක් තමයි හැෙÛන්නේ. ඒ විතරක් නොවෙයි ගැට්ස්බිගේ ප්‍රතිවාදියා වන ටොම්ගේ දිහා ඔහු බලන්නෙත් නුහුරට. ..''... a cruel body ..a gruff husky tenor added to the impression of fractiousness’’
කතන්දරය පුරාම කතුවරයා විසින් ප්‍රබල ලෙස සංඛේත භාවිතා කරන බව කතාව කියවද්දී හොයාගන්න පුළුවන්. ඔහු ඒ තුළින් මතු පිටින් පෙනෙන දෙයට වඩා ගැඹුරු තේමාවක් ඔස්සේ පාඨකයාව කතාවට නතු කරගන්නවා.
ගැට්ස්බිගේ කතාව සිංහලෙන් කියවන්න කැමති පාඨකයන්ට සුබ ආරංචියක් තියෙනවා. The Great Gatsby කෘතිය සමන් නන්දලාල් මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා ‘‘ ආදරයේ කොළ එළිය දැල්වෙන තුරු ‘‘ කියන නමින් . ඒ වගේම මුල් කෘතිය පාදක කරගෙන ඒ නමින්ම චිත්‍රපටයක් පවා නිෂ්පාදනය වෙලා තියෙනවා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ලියනාඩෝ ඩි කැප්රියෝ.
-කාංචනා ප්‍රියකාන්ත -
බඹර -