මෙවර Billboard's සම්මාන උළෙලේදී, Women in Music අංශයෙන් Woman of the Year සම්මානයෙන් පිදුම් ලැබුවේ මැඩෝනාය. පසුගිය දෙසැම්බර් 9 දින නිව්යෝර්ක් හි දී මෙම සම්මාන උළෙල පැවැත්වුණි. Woman of the Year සම්මානය ලබාගත් මැඩෝනා වසර 34 ක සිය සංගීත ජීවිතය සිහිපත්කරමින් සිදුකළ සංවේදී කතාව පිළිබඳ හොලිවුඩ් තරු මේ වනවිට විවිධ මත පළකරමින් සිටියි. මේ අතරින් මැඩෝනාගේ කතාව අගය කරමින් ලේඩි ගගා නිකුත්කර තිබෙන ටිව්ටර් පණිවිඩය විශේෂවේ.
Billboard's සම්මාන උළෙල අමතමින් මැඩෝනා පවසන්නේ"කලා ක්ෂේත්රය තුළ ගැහැනුන්ට හා පිරිමින්ට වෙන් වෙන් වශයෙන් සැලකීම අඛණ්ඩව සිදුවන බවත්, ක්ෂේත්රය තුළ කාන්තාවන්ට සිදුවන අයුතු බලපෑම් වැඩිවනවා මෙන්ම මෙමගින් නිර්දය දූෂණයන් සිදුවන බවත්ය. එමෙන්ම, සැබෑ ස්ත්‍රීවාදිනියකට ලිංගිකත්වයක් නැති බවත් 'මම නරක ස්ත්‍රීවාදිනියක් බවත්" ඇය මෙහිදී පැවසුවාය.
වැඩිදුරටත් අදහස් දක්වන මැඩෝනා පවසන්නේ මා ඔබ ඉදිරියට පැමිණෙන්නේ කාන්තා කලාකාරිනියක් ලෙසිනුයි. ගැහැනුන්ට හා පිරිමින්ට ක්ෂේත්රය තුළ සිදුවන වෙනස් සැලකීම් හා අඛණ්ඩව සිදුවන
"අයුතු බලපෑම් හමුවේ වසර 34 ක් පුරා මගේ දක්ෂතාවය පිළිගනිමින් මෙතෙක් දුර පැමිණීමට හැකිවීම මා ලැබූ භාග්‍යයකි."
සිය කතාව අතරතුර දී පිරිමි කලාකරුවන්ට හිමිවන අසීමිත නිදහස පිළිබඳව ද මැඩෝනා අදහස් දැක්වුවාය." ටිකක් හිතන්න, ප්‍රින්ස් පාද වලට ෆිෂ් නෙට් හා අඩි උස සපත්තු පැළඳගෙන හිටියා. ඒවගේම ඔහු ලිප්ස්ටික් තවරගෙන සිය පසුපස පෙදෙස පෙන්නගෙන හිටියා. ඔව්, ඒත් ඔහු පිරිමියෙක්".
මෙම කතාව පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලේඩි ගගා සඳහන් කරන්නේ මැඩෝනා බිල් බෝර්ඩ් සංගීත සම්මාන උළෙල අමතා ඔබ කළ කතාව හරිම නිර්භීතයි, එලෙසින් අදහස් දැක්වූවාට ස්තුතියි යන්නයි.
නිව්යෝර්ක් නුවර ගතකළ සිය මුල් කාලය පිළිබඳ අදහස් දක්වන මැඩෝනා පවසන්නේ ,
"මම තරුණියක් විදියට නිව්යෝර්ක් වලට එන කාලේදී හැමතැනම ඒඩ්ස් පැතිරී ගොස් තිබුණා. ඒ කාලේ සමලිංගිකයෙක් වීම එතරම් ආරක්ෂිත වුණේ නැහැ.සමලිංගික පිරිස් ආශ්‍රය කිරීම පවා අනතුරුදායක වුණා. 1979 දී නිව්යෝර්ක් කියන්නේ හරිම බිය උපදවන තැනක්. ඒ කාලේදී මගේ උගුරට පිහියක් තියලා මිනිහෙක් මාව අතවරයට ලක්කළා. මම ජීවත්වුණු නිවස පවා හොරු කඩදමලා තිබුණා. ඒ නිසාම මගේ කාමරය අගුලු නොදා මම එහෙ මෙහෙ ගිය වාර අනන්තයි. වසර කීපයකට පසසේ මා වටා හිටිය යාළුවෝ සියලුදෙනාම ඒඩ්ස් රෝගයට, මත්ද්‍රව්‍ය වලට හෝ වෙඩි උණ්ඩ වල ගොදුරු බවට පත්වුණා.Debbie Harry, Chrissie Hynde හා Aretha Franklin වගේ අය මගේ කලා දිවියට උත්තේජනයක් වුණත් හැබෑවටම මගේ ජීවිතයට හොඳම පාඩම් කියලා දුන්නේ David Bowie.තමන් ගැනම විශ්වාස කිරීම හැර ජීවිතයේ වෙන කිසිම ආරක්ෂාවක් නැති බව මා මෙතෙක් උගත් හොඳම පාඩමයි.David Bowie ස්ත්‍රී හා පුරුෂ සිරුර මනාව මූර්තිමත් කරනන්ට සමත්වුණු අතර ඒ ආකෘතිය මට මනාව ගැළපුණා. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කිසිදු නීතියක් නැති බව ඔහු මට කියාදුන්නා. ඒත් මට වැරදුණා. කොල්ලන්ට කිසිම නීතියක් නැහැ. ඒත්, ඔබ කෙල්ලක් නම් ඒ හැම නීතියක්ම අදාළයි."
"තරුණියක් නම් ඔබට සෙල්ලම් කරන්න වෙනවා. මොකක්ද ? ඒ සෙල්ලම ඔබට ලස්සන වෙන්න වගේම සරාගික වෙන්නත් සිද්ධවෙනවා. ඒත්, ඕනවට වැඩියෙන් රඟපාන්න එපා. ඔබ මිනිස්සුන්ගේ බැල්මට ලක්වෙන්න වගේම වෛශ්‍යාවක් වගේ අඳින්න, පළඳින්නත් වෙනවා. ඒත්, ඔබේ වෛශ්‍යාවක් ද යන්න ලෝකයාට අදාළ වෙන්නේ නැහැ. කොහොමටවත් ඔබේ ලිංගික ලාලසාවන් ලෝකය සමග බෙදාගන්නට එපා යැයි ඔබට කියන්න කැමතියි. මිනිස්සුන්ට ඕන විදියේ වැදගත් කෙනෙක් වෙන්න. අනික් මිනිස්සු සමග ගැවසෙද්දි කිසිම අපහසුවකින් තොරව ඔවුන් සමග ගනුදෙනු කරන්න. ඒත්, කවදාවත් වයසට යන්න එපා. මොකද ? වයසට යෑම වරදක්"
කඳුළු සලමින් සිය ජීවිතය තුළදී මුහුණදුන් විවිධ අත්දැකීම් පිළිබඳව ද මැඩෝනා මෙහිදී සිහිපත් කළාය.
"මුළු ලෝකයේම වෛරයට ලක්වන කෙනෙක් වගේ මා ජීවත්වුණු කාලයක් තිබුණාSean Penn ගෙන් වෙන්වෙලා හුදකලාව දිවිගෙවූ කාලයක් මට තිබුණා. ඒ කාලයේදී මම ගතකළේ ක්ෂේත්රයෙන් වෙන්වුණු විවාහ ජීවිතයෙන් මිදුණු හුදකලා ජීවිතයක්. මට එල්ල වුණු කිසිම තර්ජනයක් ගැන ඒ කාලේ මම සැලකිලිමත් වුණේ නැහැ.Erotica ගීත ඇල්බමය හා sex කෘතිය එළිදැක්වුණේ ඒ කාලයේදීයි. ඒ සමයේදී මම පුවත්පත් වල හා සඟරාවන් වල මූලික තේමාව බවට පත්වුණා. මම ගැන කියවුණේ හරිම නරක දේවල්.මට වෛශ්‍යාවක් කියන නා පවා ඒ කාලයේදී පටබැදුණා. එක පුවත්පතක මාව හඳුන්වා දී තිබුණේ 'සාතන්' යන නමිනුයි."
"ටිකක් හිතන්න ප්‍රින්ස් ගැන. ඔහු පාද වලට ෆිෂ් නෙට් දාගෙන අඩි උස සපත්තු පැළඳගෙන හිටියා.ඒවගේම ඔහු ලිප්ස්ටික් තවරගෙන පසුපස පෙදෙස පෙන්නගෙන හිටියා. ඔව්. ඒත් ඔහු පිරිමියෙක්.
පිරිමින් හා සමානව කාන්තාවන්ට නිදහසක් නැති බව පළමු වතාවට මම අවබෝධ කරගත්තේ මේ මොහොතේදීයි".
"වාදිනියක් මෙන්ම ප්‍රසිද්ධ ලේඛිකාවක් ද වුණ Camille Paglia, වගේ කාන්තාවන් වෙනුවෙන් නිරතුරුව කතාකරන කෙනෙක් මගේ මිතුරියන් අතර සිටිය යුතු යැයි මා ඒ කාලයේදී විශ්වාස කළා. ඇය වරෙක ප්‍රකාශකර සිටින්නේිකාන්තාවන්ගේ ලිංගිකත්වය නිසාවෙන්ම ඔවුන් පසුපසින් සිටිය යුතුයැයි සමාජය බලාපොරොත්තු වනවා යන්නයි. ඉතිං මේ කතාව ඇහුව මගේ අදහස වුණේ මම ස්ත්‍රීවාදිනියක් නම් මට ලිංගිකත්වයක් නොතිබිය යුතුයි. ලිංගිකත්වය ප්‍රතික්ෂේප කළයුතුයි. මම වෙනස් විදියේ ස්ත්‍රීවාදිනියක්. මම නරක ස්ත්‍රීවාදිනියක්" යන්නයි.
"පසුගිය දශකයේදී මියගිය පොප් තරු පිළිබඳව ද ඇය මෙහිදී අදහස් දැක්වූවාය.ිමම එකම තැනක නැවතී හිඳීම මා සිදුකළ වඩාත් ආන්දෝලනාත්මක කාර්යය ලෙසින් මා දකිනවා.Tupac, Prince, Whitney, Amy Winehouse, David Bowie මේ හැමෝම මියගියා. ඒත් මම තාම ඉන්නවා. මා හැම දිනකම මට ඉතුරුවෙලා තිබෙන වාසනාවන්ත අවස්ථාවන් ගණන් කරනවා. මම වාසනාවන්තයි".
මැඩෝනා සිය කතාවේ අවසන් භාගයේදී ඇයට වෛර කරන පිරිස් වලට ස්තුති කළ අතර සංගීත ක්ෂේත්රයේ සිටින අනෙක් කාන්තාවන්ට ද උපදෙස් දුන්නාය.
"කාන්තාවන් දිගු කාලයක සිට මිනිසුන්ගේ පීඩනයට ලක්වනවා මෙන්ම ඔවුන් මිනිසුන් කියන දේවල් එලෙසින්ම විශ්වාස කරනවා. තමන්ට නිරන්තරයෙන් මිනිස්සුන්ගේ සහය වුවමනා බව කාන්තාවන් විශ්වාස කරනවා. ඇත්තටමලසමහර පිරිමින්ගේ සහය ලබාගැනීම හරිම වටිනවා. ඒ ඔවුන් මිනිස්සු වන නිසාම විතරක් නෙමෙයි, ඔවුන් වටින නිසයි.
"කාන්තාවන් විදියට අපේ වටිනාකම හා අනෙක් කාන්තාවන්ගේ වටිනාකම් අගය කළයුතුයි. ශක්තිමත් කාන්තාවන්ගේ ඇසුර අපේ ජීවිතයට ළංකරගෙන ඒ තුළින් අපේ ජීවිත වලට ද ආලෝකය ලබාගත යුතුයි යන්න මෙතැනට එක්රැස්වී සිටින කාන්තාවන්ට කියා සිටින්නට කැමතියි".
‘
"මේ ගමන්මග පුරාවට මට ශක්තියක් වෙමින් ආදරය පළකල සියලුදෙනාම මට ලබාදුන් සහය අප්‍රමාණයි. නැවත වරක් කඳුළු සලන මැඩෝනා යළිත් හඬ අවදිකරන්නේ ඒ වගේම මම ගැන සැක පළකල මට කිසිවක් බැහැ කිව්ව සියලුදෙනාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබේ විරෝධතාවය මට ශක්තියක් වුණා. මාව තව තවත් දිරිමත් කළා. මා සටන්කරන්නෙකු බවට පත්කළේ ඔබයි. අද ඔබ හමුවේ සිටින මේ කාන්තාව නිර්මාණය කළේ ඔබයි. ඉතිං ඔබට ස්තුතියි"
සිය මිතුරන්ට මෙන්ම විරුද්ධවාදීන්ට ද ස්තුතිවන්ත වෙමින් මැඩෝනා සිය කතාව අවසන් කළාය.
Anderson Cooper මැඩෝනාව වේදිකාවට හඳුන්වාදෙමින් සිදුකළ අපූරු ප්‍රකාශය ද මෙහිදී සටහන් කළයුතුය
"මැඩෝනා මෙවර Billboard සම්මාන උළෙලේදී Woman of the Year සම්මානයෙන් පිදුම් ලැබුවත් සංගීතය, බලපෑම හා සංස්කෘතිය යන ක්ෂේත්රයන්ගෙන් ගත්කළ ඇය වසරේ කාන්තාව බවට පත්වන්නේ ඇගේ පළමු ඇල්බමය වූ 'Everybody' නිකුත් කළ 1982 වසරේදී සිටයි. එදා සිට අද දක්වාම ඇය අර්ථාන්විත නමුත් විප්ලවීය නාමයට හිමි කිරුළ දරා සිටිනවා. සමලිංගික යෞවනියක ලෙසින් ඇය හැදී වැඩුණු අයුරු, ඇගේ නිර්මාණ මෙන්ම නිර්භීතව කතාබහ කිරීම තුළින් තරුණ වියේදී සිටම ඇගේ සෘජු ගති පෙන්වූවා. සිය නිර්මාණයන් හරහා මට මෙන්ම දහස් ගණනක් වුණු තවත් යෞවන, යෞවනියන්ට සමරිසියන් ලෙස අපි තනිවී නැති බවත් පෙරට ආ යුතු බවත් ඇය පැවසුවා. අපි හැමදෙනාම එකිනෙකා හා දැඩිව බැඳී සිටිනවා".
පරිවර්ථනය වින්ද්‍යා ගම්ලත්