ප්‍රවීන ලේඛක කේ. කේ. සමන් කුමාරගේ අලූත්ම නවකතාව ‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා’ අපේ‍්‍රල් 05 වන දින කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. මේ ඒ නිමිත්තෙන් ඔහු සමග කළ අතිශය විවාදාත්මක පිළිසඳරකි.
ඔබ ස්ත්‍රීවාදියෙක්ද? විපරීත ලිංගිකයෙක්ද?
ඒක මට තීරණය කරන්න බෑ. ඒත් මොන මොන සීමාවන් සහිතව හරි මං හිතන්නෙ මම ස්ත්රීවාදියෙක්. විපරීතත්වය පිළිබඳ මම දන්න විදිහට ෆැන්ටසිමය දේවල් යතාර්ථයක් කරන්න ගිය තැනින් මතු වෙනවා නම් මං විපරීතයෙක් නෙමේ. මගේ සංකේතීය පිළිවෙළ බිඳ වැටිලා හෝ ගොඩ නැගිලා නැතුව ඇති.
ඔබ සර්පයකු හා සටන්වැද තුළින් ඔබේ සාහිත්යාගමනය පටන් ගන්නෙම මානව ශිෂ්ටාචාරයේ ප්‍රධානතම ව්‍යභිචාරයන් දෙකෙන් එකක් බිෙ`දන තැනකින්. දැන් ‘‘මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා’’ තුළින් ඔබ මානව ශිෂ්ටාචාරයේ අතිශය ව්‍යභිචාරාත්මක දෙයකට- බෙස්ටියලිටි නැත්නම් සහමෘග කාමයට අත ගහලා. ඇයි ඔබට වෙන ප්‍රකාශන මාදිලියක් යොදාගන්න බැරි?
ඔබ ඇයි ඔය ප්‍රශ්නෙ අහන්නෙ? ඒ අහන්නෙ වික්ටෝරියානු තැනකින්. අප්‍රිකානු නැතිනම් ලතින් ඇමරිකානු කලාවන් ඇතුළෙ දේශපාලනික ප්රකාශනයක් විදිහට ඕන තරම් ලිංගිකත්වය යොදාගෙන තියනවා. එංගල්ස් කියනවා ‘සෑම සමාජ විප්ලවයකටම පෙර ලිංගික නිදහස පිළිබඳ සටන් පාඨය නොවැළැක්විය හැකි සේ පෙරට එනු දකිත හැකිය’ කියලා. අපේ රටේ කිසිම විප්ලවයක් වෙලා නෑනෙ. ඒ මදිවට අපිව යටත් කරගත්තෙ ඉංග්‍රීසීන්. වික්ටෝරියානුවාදය හැම එකක් ඇතුළෙම හූනියමක් වගේ තියනවා. මුගලන් හරහා ආපු ක්‍රිස්තියානි සදාචාරවාදය, බුද්ධඝෝෂගෙ විශුද්ධි මග්ග හරහා ආව හින්දු පිවිතුරුවාදය, දඹදෙණි කතිකාව කියන හූනියම් ඉංග්‍රීසි වික්ටෝරියානුවාදයත්, ඇමරිකානු ඕල්කට්වාදයත් මගින් ආයිත් දසදහස් වාරයක් ජප කළා. තාමත් ජප කරනවා. ඒකෙන් අපිට ගැලවිල්ලක් නෑ.
ලංකාවෙ වම කියන්නෙම ථෙරවාදය. මේක ලංකාවෙ ලිංගික විමුක්තිවාදයත්, ස්ත්‍රීවාදයත් ඇතුළෙත් හූනියමක් විදිහට එනවා. පිල්ලියක් වගේ. මම ලියන ඒවයින් මිනිස්සු ගන්නෙ මම විකෘති ලිංගිකත්වයක් සහිතයි කියලා වෙන්නැති. නමුත් මම ලිංගිකත්වයේදී අතිශය සුසාධිතයි. ෆ්‍රොයිඞ් වගේම වික්ටෝරියානුවාදීයි. දීප්ති සමලිංගිකත්වය ගැන ලිවුවහම, සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් පෙනී හිටියහම ඔහුට ගහන්නෙ ඔහු සමලිංගිකයෙක්, නැත්නම් ගුද සංසර්ගිකයෙක් කියලා. ගුණරත්න කියන නම ගුදරත්න කියලා විකෘති කළා. ඔහු සහමෘග කාමය ගැන මනෝ විශ්ලේෂණාත්මකව නැත්නම් දාර්ශනිකව කරපු ප්‍රකාශයක් අරන් ඔහු සතුන් සමග ලිංගිකව හැසිරෙන්නෙක් විදිහට වරක් උපහාසයට ලක් කළා. මේ කරන්නෙ ලකානියානු මනෝ විශ්ලේෂණය වෙනුවෙන් පෙනී සිටින අයමයි. මෙන්න මේක තමයි සදාචාරවාදෙයි, ලිංගික කුහකකමයි, තමන්ගෙ ලිංගික රුචි අරුචිකමුයි සතුරාට එරෙහිව යොදා ගැනීම.
තමන්ට විරුද්ධ මතවාදයක් දරන්නාට, තරඟකරුවාට එරෙහිව සදාචාරවාදය යොදා ගැනීමේදි මේ මයික්‍රො පොලිටික්ස් කරනවා කියන අයත් කරන්නෙ ජනප්‍රිය මහේක්ෂීය දේශපාලකයො කරන එකමයි. ගම්මුන්ගෙ කැලෑ පත්තර වැඬේ. මේක සදාචාරවාදියාගේ, ජාතිකවාදියාගේ සිට පශ්චාත් නූතනවාදියා, මනෝවිශ්ලේශකයා, ස්ත්‍රීවාදියා දක්වා වෙනසක් නෑ. මං ඒකයි කියන්නෙ මේක පිල්ලියක් කියලා. අපේ රටේ ස්ත්‍රීවාදය ක්‍රියාත්මක වෙන්නෙම ශුද්ධෝත්තමවාදී තැනක. ඒක වික්ටෝරියානු ස්ත්‍රීවාදයක්. මම උදාහරණයක් කියන්නම්. නදීකා බංඩාරගෙ ‘‘රතු සපත්තු’’ චිත්‍රපටයට රැඟුම් පාලක මණ්ඩලයයි, සිනමා මුදලාලිලයි, ස්ත්රීවාදියොයි හැමෝම බෙදුවෙ එකම හැන්දෙන්. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා විකල්ප අවකාශයක් ලබා දෙන්න ස්ත්රීවාදියො පෙනී සිටිය යුතු වුවත් ඒක වළක්වන්න ඔවුන් දැඩිව හිටියා. ඇගේ ‘‘දියෝනිස් දෙවොල පාමුල සිට’’ නවකතාව, ‘‘මරියාගේ රමණය’’ නාට්‍යය සම්බන්ධ ප්‍රතිචාරයත් මෙයමයි. ලිංගික අත්දැකීම් ගෑනියෙක් ලිවුවොත් වේසියෙක් වගේම තමයි පිරිමියක් ලිවුවොත් බඩුකාරයෙක්, විපරීතයෙක් වෙනවා.
මනෝ විශ්ලේශකයො, ස්ත්රීවාදියො, පශ්චාත් නූතනවාදියො, මාක්ස්වාදියෝ සේරම මෙතන තමයි වැඩ කරන්නෙ. මතවාදීව මොනවා කිව්වත්, ඔවුන් අශ්ශීල විනෝදයක් එක්ක පරිකල්පනය කරනවා. ලිංගික විමුක්තිකාමියොන්ට ඒවයි බ්ලූෆිල්මුයි අතරයි වෙනසක් නැතිවෙනවා. ගෑනියෙක් ලිංගික අත්දැකීම් ලිවුවහම ඒ ගෑනිට ගහන්න පුලූවන්ද කියන තැන තමයි ලිංගික විමුක්තියට විරුද්ධ බඩුකාරයොයි, ලිංගික විමුක්තිවාදියොයි දෙගොල්ලොම ඉන්නෙ. මේක මහ පේ‍්‍රත මානසිකත්වයක්. බඩගින්නෙ දැවෙන්නන්ගෙ විපරීත ෆැන්ටසි. කෑවත් නොකෑවා වගේ හැම වෙලාවෙම හිතෙන පේ‍්‍රතයො. මේ පේ්රතභාවයෙ මුල විශුද්ධි මග්ගය.
ලිංගික විමුක්තිවාදියො නෙමේ මුන් සේරම ලිංගික පුලන්නො. ඒ යට තියෙන්නෙ ත්‍රීසම්, ෆෝසම්, ඕල්සම්, සෙක්ස් ඕගි මානසිකත්වය මිසක් වෙන මුකුත් නෙමේ. ඉහළ පංතියේ තියන එවැනි දේවල්වලට යාගන්න සංස්කෘතියක් හෝ සල්ලි නැති මුන්ට ඒ වෙනුවට භාෂාවක් ලැබිලා තියනවා. එංගල්ස්ගෙ පවුල පෞද්ගලික දේපලයි, ස්ත්රීවාදෙයි, සලමොන්ගේ ගීතිකායි, ඕෂෝයි, තන්ත්රයානෙයි, වාත්සායනයි, ඇමරිකාව ප්රමුඛ රටවල සෙක්ස් රිසචුයි සේරම දේශනා කර කර.... මේ මුකුත් නොදැන කෙල්ලව කාමරේකට ගෙනිහින් සෙක්ස් කරලා නිරුවත වීඩියෝ කරන උන්ගෙ එකමයි මේ.
බ්ලූ ෆිල්ම්වලට ස්ත්රීවාදෙ අනුපාන දාලා. අනිත් අතින් අපේ ස්ත්රීවාදියො සෙක්ස් පොසිටිව් ෆෙමිනිසම් තැනකින් ආවෙ නෑ. ඔවුන් ආවෙ ඇත්තටම කාන්තා අයිතීන් තැනින්. ස්ත්‍රී දූෂණයට පොදුවේ නීතිය වගේම සමාජයත් විරුද්ධයි. ඒ වගේම අරාබි යන ගෑනුන්ගෙ මිනී එනවට කවුරුත් එකඟ නෑ. ඒවා කාන්තා විමුක්තියට අයිති ප්රජාතන්ත්රවාදී කාරණා. මූලික මානව අයිතිවාසිකම්. ස්ත්‍රීවාදය කියන්නෙ මේක නෙමේ. ඒ දෙකේ සම්බන්ධයක් තියනවා වෙන්න පුලූවන්. ඒත් ස්ත්‍රීවාදය කියන්නෙ ශරීරයත් ආත්මයත් පිළිබඳ දෘෂ්ටිවාදී අරගලයක්. පුරුෂ දැක්ම බිඳ දැමීම පිළිබඳ කාරණයක්. සමාජවාදය බිහිවුණා කියමු. ඒත් ස්ත්‍රීවාදයෙ අරගලය එතනින් ඉවර නෑ. එය ස්වභාවිකයි කියලා හැමෝම හිතන පුරුෂ දැක්මට හා ස්ත්‍රී ස්වභාවයට එරෙහි අරගලයක්. සෙක්ස් පොසිටිව් ෆෙමිනිසම් ස්ත්‍රී ව්‍යාපාරයෙදි කුරුඳුවත්තටත්, කොළඹින් පිටට කාන්තා අයිතීන් කියන සල්ලි ගරානාවටත් කේන්ද්‍ර වුණා.
දැන් කරන්නේ උතුරේ මව්වරු ගෙනත් ඉටින්දමක් පත්තු කරලා රුපියල් පන්සීයක් දීලා පොටෝ ගහලා සල්ලි ගරන එකමයි. හෙල්පින් හම්බන්තොට වගේමයි. සුද්දො මොන අරමුණකින් දුන්නත් උන් අඩුගානෙ ඒ උන්ගෙ ඒ අරමුණටවත් අවංකයි. එන්ජී ඕ කාරයන්ට හරි නං මහින්දගෙ දූෂණ කතා කරන්න කිසිම අයිතියක් නෑ.... ඉතින් මේ පැල්ම තාමත් තියනවා. ධනේශ්වර ප්රජාතන්ත්රවාදී අයිතීන්වත් ගමේ ස්ත්‍රියට ගෙනියන්න බෑ. බොහෝ විට ඔවුන්ම ඒවා ප්‍රතික්ෂේප කරනවා. මේක තමයි පොහොට්ටු මානසිකත්වය. ජවිපෙ මානසිකත්වය.
අපේ සිංහල බෞද්ධ පාසල්, දේශපාලනය සේරම පදනම් වුණේ රේන්ද ව්‍යාපාරෙයි අමද්‍යප ව්‍යාපාරෙයි දෙපැත්තෙන් දෑතින් අරන්....
ඉතින් ස්ත්රීවාදෙයි කාන්තා ව්‍යාපාරෙයි කියන්නෙ දෙකක් මිසක් එකක් නෙමේ. නමුත් සෙක්ස් පොසිටිව් ෆෙමිනිසම් කොළඹ විකල්ප අසම්මත බොහීමියානු ලිංගික විමුක්තිකාමී කොටින්ම ඊනියා ස්ත්‍රීවාදී තැන්වලට ගෙනාවත් එහෙම පෙනී හිටින ගැහැනුන්ව සලකන්නෙ හැමෝම එක්ක බුදියගන්න එවුන් හැටියට. නැත්තං මේකට ගහන්න පුලූවන් කියලා. මේක ඒ තරමටම හූනියමක්. මේකට වග කියන්න ඕනෙ බුද්ධඝෝෂ.
ඔබ කිව්වා ලිංගික විමුක්තිකාමියො ත්රීසම්කාරයො කියලා? මම දන්න මෙහෙ වුන් සේරම එහෙම්මමයි. මගේ පරම්පරාවෙ තුන්දෙනෙක් ඉන්නවා උන්ගෙන් තමයි මේ විෂබීජෙ එන්නෙ.
ඔබ කොශල්යගෙ පොතටත් ත්‍රීසම්වලට විරුද්ධ තැනකින් තමයි ලියන්නෙ. ඇයි ඔබ ත්‍රීසම්වලට විරුද්ධ?
ත්‍රීසම් හරි ඕනෙ එකක්, ලිංගික ජිවිතේ හෝ රුචි අරුචින් කියන්නෙ යමෙක්ගෙ පුද්ගලික දෙයක්. ඒකට අපිට විරුද්ධ වෙන්න බෑ. නමුත් ඒක සාහිත්‍යයට හෝ මතවාදයට ගේද්දි මානවීය විය යුතුයි. එය මානව සම්බන්ධකම් කියන තැනින් මිසක් විපරීත ෆැන්ටාස්මතික සම්බන්ධකම් හැටියට උත්තර්ශයට නැංවීමටයි මං විරුද්ධ. නැත්තං තමන්ගෙ ලිංගික අවයව තමන්ගෙ ශරීරය කොන්ත නෝනගෙ මොකක්දෝ එක කොන්ත නෝනට ඕන විදිහට කියලා පාවිච්චියට ගන්න හැමෝටම අයිතිය තියනවා. ඒක ලිංගික විමුක්තියටයි, ස්ත්‍රී විමුක්තියටයි, තන්ත්රයානෙටයි සම්බන්ධ කරන එකයි ප්‍රශ්නෙ.
ඔබට ත්‍රීසම් අත්දැකීම් නැද්ද? නෑ.
එවැනි දෙයක් ඔබට ජීවිතේදි වෙන්න බැරිද? තුන්වරක් මගෙ ජීවිතේ මට ආරාධනා ලැබිලා තියනවා.
ඔබ සම්බන්ධ වෙලා නෑ? නෑ. එහෙම දෙයක් අබග්ගයක් හැටියට, ආපතිකතාවක් හැටියට වෙන්න බැහැයි කියලා මම කියන්නෙ නෑ. නමුත් ත්‍රීසම් තියා ටූ සම්වත් මට ශරීර පිළිබඳ කාරණයක් නෙමෙයි. මට ආත්මීය පුද්ගල සම්බන්ධයක් හැටියට මිසක් තව කෙනෙක් එක්ක කායික සම්බන්ධයක් ගොඩ නගා ගන්න බෑ. මතවාදීව, බුද්ධිමයව සමාන බවක් මට ඒකට ඕනෙ. ඒකත් එක්කම ලාලසාවක් ඕනෙ. ලාලසාව කියන්නෙ ආශාවම නෙමේ. ‘එය නොලබා ලබන ජීවිතයට වඩා මරණය හොඳයි’ කියන එක. ආශාව මාරු වෙනවා. වෙනත් ආශා වස්තුවකට. ඒත් ලාලසාව එයත් එක්කම මිය යනවා. ඒත් මෝරන්න මෝරන්න එය නොලබා, එයින් ඈත්ව, ඒ අහිමි කරගෙන, එය විනාශ නොකර ඉන්න පුලූවන්.
ඔබ විඥනවාදී ආදරයක් ගැන නෙමේද කියන්නෙ? මිනිස් විෂයයේදී මම විඥනවාදියෙක් තමයි.
ඉතින් මේ පාරිභෝගික ලෝකෙ එවැනි දෙවල් ලබා ගන්න පුලූවන්ද? ලබා ගන්න ඕනෙ නෑ.
එතකොට ඔබ ගණිකාවන් ඇසුරු කර තියනවද? නෑ.
ඇයි? ගණිකා වෘත්තිය නීතිගත කරන්න මම පෙනී හිටිනවා. ඒත් මම කවදාවකවත්, කොච්චර ලිංගික අවශ්‍යතාවක් ඇති වුණත් ගණිකා ඇසුරකට යන්නෙ නෑ. මට යන්න බෑ. ගියොත් මං ඒ ගෑනිට ලව් කරන්නත් ගනී.
ඔබ සදාචාරවාදියෙක් කියලා කිව්වොත්? ජීවිතයේදී එහෙම වෙන්න පුලූවන්.
මේ පොතේ ත්‍රීසම් මානසිකත්වය මෙතෙක් කිසිම කෘතියකටත් වඩා තියනවා? ඔව්. නදීකා බංඩාරගෙ පසුවදනක් තියනවා. ඇය කියනවා ත්‍රීසම්වලට විරුද්ධ කොච්චර කතා තිබුණත් මේකෙ තියෙන්නෙ තී්රසම් මනෝභාවය කියලා. ඇත්ත. මටත් මනෝභාවයක් හැටියට එවැනි දේවල් ඇතිවෙලා තියනවා. ෆැන්ටසියක් හැටියට. ඒක තමයි මේකෙදි මම වර්ධනය කරන්නෙ. ෆැන්ටසි කාටත් තියනවා. ඒවා යතාර්ථයක් කරන්න ගිය ගමන් තමා විපරීත වෙන්නෙ.
මේකෙ ඇයි ත්‍රීසම් යොදා ගන්න ඕන වුණේ. ආශා වස්තුව පිළිබඳ සම්භාෂණයක් දීර්ඝ වශයෙන් මෙහි තියනවා. එතෙන්දි ආශාව හැමවිටම තුන්වැනියෙක් නිසා පවතින්නෙ. ආශා වස්තුව තනිකරම මේල් ගේස් එක, පුරුෂ දැක්ම එක්ක සම්බන්ධයි. ඒක දර්ශන කාමයක්. අනික ලංකාවෙ බුද්ධාගමයි වාම ව්‍යාපාරයයි අතර සම්බන්ධය මම දකින්නෙ ත්‍රීසම් එකක් හැටියට.... ලේඛකයො ලියන දේවලින් ඒ ගොල්ලන්ගෙ පුද්ගලිකත්වය මනින එක තමයි ලංකාවෙ කලාවට තියන ලොකුම හූනියම. ගෑනියෙක් හෙලූවෙන් රඟපෑවොත් ඒකි බඩුව. නැත්නම් වේසි. ඒ වගේ තමයි. වැඬේ තියෙන්නෙ නිළියො වගේම ලේඛකයොත් ඒකෙ ගොදුරු වෙනවා. තමන් ගොඩ නගපු චරිත බවට තමන් පත්වෙනවා. ඒක තමයි ලංකාවෙ ලිංගික පුලන්නාගේ සින්ඩ්‍රෝමය. නිදසුනකට ත්‍රීසම් ගැන ෆැන්ටසිවත් මට ඇති වෙලා තියනවා කියමුකො. ඒත් මේකෙ ගුද රමණයක් තියනවා. මම ඒක යොදන්නෙ ආගම විසින් වමේ පුකේ ඇරීම මතු කරන්න. කිසිම හැඟීමක් නැතිව රීලා වතුර ගහනවා වගේ එක වාක්‍යයකින් මම ඒක ලියලා දැම්මා. කාට හරි හිතන්න පුලූවන් සර්පයා ගුද රමණයට කැමතියි කියලා.
ඔබ ගුද රමණයත් ප්‍රතික්ෂේප කරනවද? මටවත් කිසිම පක්ෂෙකටවත් ආණ්ඩුවකටවත් ගුද රමණය නිර්දේශ කරන්න හෝ තහනම් කරන්න බෑනෙ. මම අකමැතියි. ඒ කියන්නෙ හරිද වැරදිද නෙමේ.
එහෙම අත්දැකීමක් ඇත්තෙන්ම නැද්ද?
නෑ. එක් සම්බන්ධයකදි ලිංගික නැවුම් බවත් එක්ක අත්හදා බැලීම් වෙද්දි එහෙම දෙයක් වෙන්න ගියත් මම අසමත් වුණා. ඒක මට ක්ෂතියක්. මට පොර්නෝ බලද්දි වුණත් ඒක ක්ෂතියක්.
-ඔබ ලිංගික අත්හදාබැලීම් කිව්වෙ?
-ඉරියව් මාරු කරන එක.
-ඔබ බබෙක්නෙ.
-වෙන්න ඇති. ෆ්‍රොයිඞ් කියන අපරිණත ළමා ශාංගාරයෙන්, ස්වයං පීඩාකාමී ස්වයං මෛථුන්‍යයෙන් මම පැනලා තියෙන්නෙ එක පියවරයි. ඒ ආදරේ කරන කෙනෙක් එක්ක විෂම ලිංගික යෝනි මාර්ගික සංසර්ගයට විතරයි.
ඔබට සමලිංගික අත්දැකීම් තියනවද?
අවස්ථා තුනක තියනවා අබග්ග හැටියට. ආපතික විදිහට කඩා පාත් වෙච්ච.
සමලිංගික පේ‍්‍රමයන්?
නෑ. මට ඒක ෆැන්ටසයිස් කරන්න බෑ. මම කොහොමටත් පිරිමි ළමයින්ට පවා අකමැතියි. ඒවා හුදු ප්‍රාථමික ආශයන් ක්‍රියාත්මක වීම්. පහ වෙච්ච ගමන් ඉවරයි. ඒත් ගෑනියෙක් එක්ක එහෙම එකක් වුණොත් මං සංසාරෙම පස්සෙන් යනවා.
-ඔබ ඒක පතිපතිනි මානසිකත්වයෙද ඉන්නෙ?
-මානසික වශයෙන්. ඒත් මතවාදීව මම එතන නෑ. පළවෙනියට ලව් කරපු කෙනා මාව දාලා ගියෙ නැත්නම් මං මැරෙනකම්ම ඉන්නවා. ඊළඟ ඒවයෙදිත් එහෙම තමා වුණේ. -ඒ අතරෙ ඔබේ වෙන සම්බන්ධතා තිබිලා නැද්ද?
-නෑ. කෙනෙක්ව දැක්කහම ඇතිවන ෆැන්ටසි ඇතිවෙලා තියනවා. අඟ පසඟ දැක්කම එන පාර්ශ්වීය ලූහුබැඳීම්.
-සමන් වික්රමාරච්චිත්, මහේෂ් හපුගොඩත් දෙන්නම ඔබේ මහිලා වංශය ගැන කියලා තිබුණා අර්චන කාමය ගැන.
-ඔව්. මානසික වශයෙන් මගේ පාර්ශ්වීය ලූහුබැඳීම් තියනවා ස්වයං මෛථුනයත් එක්ක. ඒත් මම යතාර්ථමය විදියට, භෞතිකව අර්චනකාමී නෑ. උදාහරණයකට මම ස්ත්‍රී යට ඇඳුම් සම්බන්ධව පොතක් කරලා තියනවා. ඒත් මම ජංගි උස්සන්න ගිහින් නෑ.
-පාර්ශ්වීය වස්තූන් ලූහුබැඳීම මේල් ගේස් එකත් එක්ක නේද සම්බන්ධ?
-ඔව්. ඒත් ඒ පාර්ශ්වීය වස්තුව මට මනුෂ්‍යයෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට මුණ නොගැසිය යුතුයි. උදාහරණෙකට මට ඔවුන්ගෙ මුහුණවත්, ඇස්වත් නොපෙනිය යුතුයි. පුද්ගල හඳුනාගැනීමක්, හිනාවක්, කතාවක් කිසිවක් නැති පිටස්තර අය විය යුතුයි. ඔවුන් සමග කවදාවත් එවැනි පුද්ගල සම්බන්ධයක් මට ගොඩ නගා ගන්න බෑ. කායිකවවත්. මට පුද්ගල සම්බන්ධයක් කායික සම්බන්ධයක් ඇති වෙන්න ආත්මීය බැඳීමක්, ලාලසාවක් ගොඩ නැගිය යුතුයි. ඒක ආශා වස්තුවක් විතරක් වෙන්න බෑ.
- ඔබ මානසික රෝගියෙක් කියලා හිතෙන් නැද්ද?-වෙන්න ඇති.
-ඉතින් ඔබට හැමදාම ඉන්න වෙන්නෙ තනිකඩවනෙ?
-වෙන්න පුලූවන්. ආදරය, ලාලසාව මගෙ හිතේ තිබුණාවෙ. ඒක ෆැන්ටසියක්.
-එතකොට අවශ්‍යතා?
-අත තියනවා. කලින් වගේ ආයි මගෙ අත පණ නැති වෙන එකක් නෑ කියලා මට හිතෙනවා. එහෙම වුණොත් මුනින් අතට හැරිලා මේට්ටෙ අතුල්ලා ගන්නවා.
එතකොට ඒකෙන් ලිංගික අවශ්‍යතා විතරයිනෙ සම්පූර්ණ වෙන්නෙ? තනිකම එහෙම්මම තියනවා. ඒක ලිවීම ඇතුළෙ විස\ ගන්නවා.
ජීවිතේ තෘප්තියක්, ප්රමෝදයක් නැද්ද? ඇයි නැත්තෙ සිගරට්, ස්වයං මෛථුන්‍යය, ලිවීම, මිතුරො, දරුවා... හිටපු ගමන් ලේන්නු එනවා කූඩු හදන්න. උන් පැටව් දැම්මාම මං නිදියන් ඉද්දි ඇඳ උඩත් දුවනවා. මං ටයිප් කරද්දි කකුල් දෙක ළඟට ඇවිත් කතා කරනවා කාටූන්වල වගේ.
ඒ ඇතිද? මොකද කරන්නෙ වධකාර සම්බන්ධතා බැහැනෙ. නැත්තං කවුරුහරි ළඟ ඉන්න ඕනෙ තරහා වෙන්න, රංඩු වෙන්න බෙදාගන්න, අ`ඩන්න.... ඒක මංගල දැන්වීම් දාලා කරන්න පුලූවන් දෙයක් නෙමේනෙ. ලාලසාවක් ඇති වෙන්න ඕනෙ. ලාලසාවක් ඇති වුණත් එහෙටත් ලාලසාවක් ඇති වෙන්න ඕනෙ. අනික මතවාදීව, බුද්ධිමයව, කරන වැඩ ඇතුළෙ පොදු සංරචකයක් තියෙන්න ඕනෙ. ඒක කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ දෙයක්.
ඔබ ස්වයං පීඩාකාමියෙක්ද? මං හිතන්නෙ ඔව්. හැබැයි මානසිකව. මට දැවැන්ත පිරිමි බවක්, ආත්මයක් තියන කෙනෙක් ඕනෙ. මට ගෑනු ගති තියන ලලනාවන් ගැන කිසිවක්ම හිතෙන්නෙ නෑ. මං ඔවුන්ට බයයි. පාර්ශ්වීය වස්තූන් සම්බන්ධයෙන් කැමතියි. එච්චරයි. නමුත් මට ශාරීරිකව ස්වයං පීඩාකාමී වෙන්න බෑ. මට වෛද්‍ය පරීක්ෂණයකටවත් ලේ දෙන්න බෑ. මම මලක් වගේ ශාරීරිකව. මට කටු කන්න පුලූවන්. ඒත් කවුරුහරි ඇඟේ හැප්පුණොත් දවස් දෙකක් විතර යනකන් රිදෙනවා.
ස්වයං පීඩා කාමය පරපීඩක කාමයත් එක්ක සම්බන්ධයි. -ඔව්.
ඔබ පරපීඩකකාමයටත් කැමතිද? නෑ. ශාරීරික, මානසික, වාචික තුනෙන්ම කැමති නෑ.
සමන් වික්‍රමාරච්චි කියලා තිබුණා ඔබ සාහිත්‍යය ඬේවිඞ් ලින්ච් වගේ විපරීත මාධ්‍යයක් බවට හරවනවා කියලා. මං හිතන්නෙ ඒක ඇත්ත.
ඔබ ලින්ච්ට කැමතිද? නෑ මට පේන්න බෑ. මං අකමැතිම සිනමාකරුවා.
ඇයි ඒ? දන්නෑ. මම කැමති නෑ. මට ඔහුගෙ චිත්‍රපට ක්ෂතියක්. ඔහු ගැන කියන නිසා මම අකමැති කෑමක් වමනෙ යන්න එනකොට කනවා වගේ කීපයක් බැලූවෙ. ජෝතිපාලගෙ සිංදු තරංම මං ලින්ච්ට අකමැතියි. මට ඒවයෙ කාලකණ්ණි පිරිමි ගතියක් දැනෙනවා. ඒත් මං නගීෂා ඔෂීමට, කිම් කි දුක්ට, කොටින්ම ටින්ටෝ බ්රාස්ටත් කැමතියි.
මේකෙ සත්ව කාමය යොදාගන්න එක ගැන ප්‍රමාණවත් උත්තරයක් ලැබුනෙ නෑ.
සහමෘග කාමය ඇතිවෙන්නෙ මේකෙ තියන ආශා වස්තුව පිළිබඳ පුරුෂ සංවාදය අතරෙ. ඔවුන්- හාමුදුරුවොයි විප්ලවවාදියයි බල්ලෙකුයි ඌරෙකුයි වෙනවා. පුරුෂ දැක්ම තුළින් ස්ත්‍රිය දකිද්දි පිරිමියා තනිකරම සතෙක්. බල්ලෙක්, ඌරෙක්. ප්‍රාථමික ආශයන් විපරීතයන් වෙනවා මිසක් ඒවා පේ‍්‍රරණයන් නෙමේ. එංගල්ස් කියනවා ‘ධනේශ්වරය එහි අර්බුධ අවස්ථාවලදී සත්ව රාජධානියේ නීති සොබාදහමින් උපුටා සමාජයට යොදා ගන්නවා කියලා.’ 89න් පස්සෙ පන්සලට වෙච්ච දේ. හාමුදුරුවරු ඌරො වෙලා නැවතුණේ. වම බලූ වෙලා නැවතුණේ. අද වමේ අභිමානය කියන්නෙ ඒ බලූ කමේ අභිමානය. වම බලූ වෙන්න පටන් ගත්තෙම ලිංගයෙන්. ඒක ලිංගික කුහකත්වයයි, ඉරිසියාවයි එක්ක උන්ම කරපු හූනියමක්. ඒකට පිරිමින්ට විප්ලවීය සහෝදරියන්ගෙ දායකත්වය නොමඳවම ලැබුණා.
සංවාද සටහන- උමා වික්‍රමනායක