Naked Lunch චිත්‍රපටයට පාදක වෙන්නේ 1959 දී William S burrough ඒ නමින්ම ලියපු පොත. මේක මුලක් අගක් නැති පරිකල්පන රැසකින් සමන්විත කියවන්න අමාරුම පොතක්.
නමුත් මේ පොත නිකංම විකාරයක් කියල අහක දාන්න බැරි කාරණා කීපයක් තියනවා. අද වෙනකොට ලෝකේ ටිකක් සැරට තියන සමලිංගික සබදතා, මත්ද්‍රව්‍ය සහ sex පමණක් ජීවිතය කරගෙන ජීවත්වෙන චරිත, William S Burrough විස්තර කරන්නේ 1959 ඔහුගේ naked lunch කියන පොතේ.
Master Of Body horror කියන David Cronenberg ඉතාමත්ම අපුරුවට Burrough ගේ මේ පොත සිනමාවට නගනවා . මුලක් අගක් නැති පොතක් , රේඛිය කතාවක් ලෙස ගොඩනගලා පරිකල්පනීය සංකේත මිශ්‍ර කරලා ප්‍රේක්ෂකාගාරයට දෙන එක ලේසි වැඩක් නෙමේ. Burrough ගේ පොතේ සාරය හරියටම Cronenberg ග්‍රහණය කරගෙන තියෙනවා. මේක පොතක් සාර්ථකව චිත්‍රපටයකට නගපු අවස්ථාවක් කිව්වට වැරදි නැහැ.
Naked Lunch චිත්‍රපටයත් රස විදීම ලෙහෙසි නැහැ. ඒක එක අතකින් බැලුවොත් පුදුම විදියට අපුල පිළිකුල දනවන චිත්‍රපටයක්. ලිංගයන්, විකෘති සතුන්, අධෝ මුඛයෙන් කතා කරන සතුන් යනාදී ලෙස සකල විධ පිළිකුල් සහගත දෘෂ්‍ය රූපරාමු මේ චිත්‍රපටයේ අන්තර්ගතයි. Naked Lunch චිත්‍රපටයේ හරය මොකද්ද කියල කෙනෙක් ඇහුවොත් ඒක අමාරු ප්‍රශ්නයක්.
මේ පොත ලියපු Burrough ගේ අතින් ඇත්තටම ඔහුගේ බිරිද මිය යනවා. මේ තුවාලය හිතේ තියාගෙන බොහිමියානු ජිවිතයක් ගත කරන burrough අතින් ලියවෙන මේ පොතේ ඔහු පත්වෙලා සිටින මානසික අසමතුලිතතාව සහ මත්ද්‍රව්‍ය විසින් ඇති කරලා තියන මනෝ භ්‍රන්තිය පිලිබිබු වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් බොහෝ දුරට Burrough ගේ අධ්‍යාත්මය මියගිය ජිවිතයට සමානයි. ඔහු තමාගේ ලිංගික දිශානතිය පිළිබද විචිකිචචාවකින් පසු වෙන්නෙක්. සමලිංගික භාවය ලෝකයෙන් වසන් කරමින් ගත කරන, මතට ඇබ්බැහි වූ මිනිසෙකුගේ අභ්‍යන්තර ඛේදවාචකය Naked Lunch තුලින් සංකේත මාලාවක් භාවිතාවෙන් නිරුපණය වෙනවා කිව්වොත් වැරදි නැහැ.
මේක බොහොම ආන්දෝලනාත්මක පොතක් සහ චිත්‍රපටයක් . බලපු කෙනෙක් ඉන්නවා නම් අදහසක් කියන්න. මේ චිත්‍රපටය පිලිබදව සංවාදයක් ගොඩ නැගෙනවා නම් බොහොම වටිනවා.
දිප්පිටිගොඩ රතු මහත්තයා