~ ලූෂන් බුලත්සිංහලයන් රූපවාහිනී සංස්ථාවේ රාජකාරි කරන මුල් වකවානුවේ එම ආයතනයේ සාංවත්සරික උත්සවයකට එවකට කොළඹ ගාලු මුවදොරට මුහුණලා පිහිටි "ආකාස කඩේ" (දැන් සෙලින්කෝ හවුස්) හෝටලයට ගොස් තිබෙනවා.
උත්සවය ඉදිරියට යන අතරවාරයේ ලූෂන් බුලත්සිංහලයන් දකිනවා එම ශාලාවේ මුල්ලකට වෙලා බොහොම ආදරයෙන් කතාබස් කරමින් ඉන්න මහළු පෙම්වතුන් යුවලක්.
මේ දර්ශනය තදින් හිතට කාවදින බුලත්සිංහලයන් එතනින් පිටත් වෙනවා පස්සේ දවසක ගුණදාස කපුගේ මහතා බුලත්සිංහලයන් හොයාගෙන ඇවිත් එතුමාගෙන් තමන්ට ගීතයක් අවශ්‍ය බව කියනවා බුලත්සිංහලයන්ට අර හෝටලයේ මහළු පෙම්වතුන් යුවල මතක් වෙනවා ඒ ආශ්රයෙන් ඉතාම සුන්දර ගීතයක් එතුමා අතින් ලියවෙනවාපසුව මේ ගීතයට මනරම් තනුවක් යොදා එය රැගෙන කපුගේයන් අමරදේවයන් සොයා ගෙන යනවා මේ ගීතය එතුමාට දී ගායනා කරවා ගන්න මුලින්ම අමරදේවයන් මේ ගීතයට අකමැති වෙනවා පසුව කපුගේයන්ගේ බලවත් ඉල්ලීම මත එතුමා මේ සුන්දර ගීතය ගායනා කරනවා පසුව එකල අමරදේවයන්ගේ කැසට් පටයකට ඇතුලත් කල මේ ගීතය එම කැසට් පටයේ ජනප්‍රියම ගීය බවට පත් වෙනවා.
.......ඒ අපූරු ගීතයයි මේ........
.......මහළු නොවනා ප්‍රේමය.....
""""""""""""""""""""""""""""""""""""""""
කොලොම්තොට නැත මහළුවී
අවන්හල නැත පැරණිවී
එදා හඳමයි අදත් යෞවනයේ
ඒත් අප දෙන්නා ...............
බලන් කැඩපත සොඳුරියේ
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුණු දෙකොපුලින් පිසදා.........
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් නැඟිලා ____
* ගායනය :- ඩබ්.ඩී. අමරදේව
* සංගීතය :- ගුණදාස කපුගේ
* ගීය පද :- ලූෂන් බුලත්සිංහල
__ ගීතය මේ ලින්ක් එකෙන් අහන්න ___
ගීතය මේ ලින්ක් එකෙන් අහන්න ___
https://youtu.be/X2q2LjGHiNM