දැනට තිරගත වන අමෙරිකානු ක්රියාදාම සිනමාපටයක් වන ‘සර්චිං‘ අනීෂ් චැග්නටි ගේ මංගල සිනමා අධ්යක්ෂණයයි.
සිනමා පටයේ පිටපත ද ඔහුගේමය. තාක්ෂණය අපේ ජීවිතවල කොටස් කරුවන් වී ජීවිතවලට මොනතරම් බලපෑමක් එල්ල කරනවාද, සර්චිං සිනමා පටයේ පියකු විසින් පැන ගිය සොලොස් හැවිරිදි දියණිය ඇයගේ ලැප්ටොප් ,ජංගම දුරකතන ආධාරයෙන් සොයා යන්නේ රහස් පරික්ෂක සහාය ද ඇතිවය. ඩේවිඩ් කිම් (ජෝන් චෝ) පියා ලෙස රඟන අතර, දියණිය මාගොට් ලෙස රඟන්නේ මිෂෙල් ලා ය. බිරිය (සාරා සෝන්) මිය ගිය පසු පියා හා දියණිය අතර එතරම් සමීප සබඳතාවක් නොපවතී.
එහෙත් දියණිය පැන ගිය පසු ඔහු සැබෑ පිය සෙනෙහසකින් ඇයව සොයන අතර දියණියටද පියාගේ අගය දැනේ. මෙහි ජෝං චෝ ගේ රංගනය දෙස් විදෙස් ඇගයුමට පාත්ර වී ඇත. මෙය වසරේ හොඳම ක්රියාදාම සිනමාපවලින් එකක් ලෙස සැලකේ. ක්රියාදාම සිනමා පටයක රඟ පෑ මුල්ම ආසියානු අමරිකානු නළුවා බවට මෙහි රංගනයත් සමඟ ජෝං චෝ පත් වී අවසන් ය.
සිළුමිණ