මේ වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ වේදිකාව මතදී සම්මාන ලාභිනියක විසින් ආණ්ඩුවේ මානව හිමිකම් ක්‍රියාපිළිවෙතට එරෙහිව කරන ලද අනපේක්ෂිත ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඇමැතිවරයා හා අමාත්‍යාංශ නිලධාරීන් තිගැස්මකට ලක් කොට තිබේ.
ජනමාධ්‍යවේදිනියක හා ලේඛිකාවක වන දේවිකා වඩිගමංගාව වසරේ හොඳම පරිවර්තිත ළමා සාහිත්‍ය කෘතිය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූයේ, ජර්මනියේ පිටුවහල් ජීවිතයක් ගතකළ බල්ගේරියානු ලේඛක දිමිතර් ඉන්කියෝව් ගේ ‘මම යි මගේ අක්කා ක්ලාරායි’ කෘතියේ සිංහල පරිවර්තනය උදෙසා ය.
රාජ්‍ය මර්දනයට ලක්වූ සිය වෘත්තීය සගයන් වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන වේදිකාව මත ධෛර්ය සම්පන්න ලෙස නැඟී සිටි ඇය, ඔවුන්ට යුක්තිය ඉටුකිරීම නොතකා හැර සිටින ආණ්ඩුව ට දැඩි විවේචනයක් එල්ල කළා ය.
බලයේ සිටින ආණ්ඩුවක් විවේචනය කිරීම පිණිස සම්මාන ලාභියකු විසින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක් උපයෝගී කරගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
මෛත්‍රිපාල සිරිසේන ගේ නායකත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුව 2015 වසරේ බලයට පත්වූයේ දණ්ඩ මුක්තියේ රැකවරණ ලබා සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝන කළ අපරාධකරුවන්ට දඬුවම් දීමේ ප්‍රතිඥාවකින් මාධ්‍ය නිදහස හා මානව හිමිකම් රැකීම වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාධාරීන්ගේ ද සහායෙනි.
JDS 44
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සිදුකරන ලද මාධ්‍යවේදී හා මාධ්‍ය සේවක ඝාතන 44 ක් ඇතුළු ජනමාධ්‍යයට එරෙහි ප්‍රහාර පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සකස් කොට තිබෙන වාර්තාව 2015 මානව හිමිකම් දිනයේ පටන් අගමැති වරයා අත පවතී.
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳ විමර්ශන අඩපණ කිරීම හා ඒ සම්බන්ධයෙන් දුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව දේවිකා වඩිගමංගාව ගේ දැඩි විවේචනයට ලක් විය.
”මේ මරාදැමූ, බලහත්කාරී ලෙස අතුරුදහන් කළ, අතපය කැඩූ සහ යුක්තිය අහිමි කළ සියල්ලෝ දශක දෙකක් පුරා විහිදී ගිය වාත්තීය ජනමාධ්‍ය ජීවිතයක් හිමි මාගේ වෘත්තීය සගයෝ වෙති,” යි සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද සිටි සභාව අබියස ඇය ප්‍රකාශ කර සිටියා ය.
“මට මේ සම්මානය පිරිනමන්නේ දේශපාලනඥයකු නම්, ඒ ජනාධිපතිවරයා වුවත් මම එයට අත නො තබන්නෙමි. එහෙත් එය මා වෙත පිරිනැමෙන්නේ සාහිත්‍යවේදියකු අතින් වීම හේතුවෙන්, කලාකරුවන්ට කරන ගරුකිරීමක් ලෙස මම එය භාරගන්නෙමි.”
ඇය මෙම සම්මානය ලබාගත්තේ ප්‍රකට ලේඛකයකු හා සරසවි ඇදුරකු වන මහාචාර්ය සෝමරත්න බාලසූරිය අතිනි.
සිංහල බෞද්ධ බලවේග වලට පක්ෂපාතී හා මානව හිමිකම් ගරුකරන ප්‍රතිසංස්කරණ වලට එරෙහි අයකු ලෙස ප්‍රකට ඇමැති විජයදාස රාජපක්ෂ, සම්මාන ලාභී ලේඛිකාව ගේ විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටියේ ය.
ඔහු මෑතදී නවකතා, නාට්‍ය හා ගුවන් විදුලි නාට්‍ය වලට විරුද්ධව පොලිසිය යෙදවීමට වීරිය කිරීම නිසා විවේචනයට ලක්වූවෙකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පසුව සම්මාන උළෙල ඇමතී ය.
අසුව දශකය අග භාගයේ දී වෘත්තීය ජනමාධ්‍ය ජීවිකාව ඇරැඹූ දේවිකා වඩිගමංගාව, රටින් පිටවන්නට සිදුවන තුරු සිය වෘත්තීය ජීවිතය පුරා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ (SLWJA) ක්‍රියාකාරී සාමාජිකාවක ව සිටියා ය.
ජීවිතාරක්ෂාව පතා උපන් බිමෙන් පලා යන්නට බල කෙරුනු ඇයට සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ එවක සභාපති වූ ඇගේ සැමියා සනත් බාලසූරියට 2009 වසරේ සිට ජීවත් වන්නට සිදුවී ඇත්තේ පිටුවහලේය.
පසුගිය පාලන සමයේ පීඩාවට පත් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල වගකීම් සහිත කමිටුවක් පිහිටුවන බවට 2016 නොවැම්බර් 30 දින ජනාධිපතිවරයා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වැනි නියෝජිත සමුළුවේදී පොරොන්දු වූ ජනාධිපතිවරයා ඊට අවුරුද්දකට පසු කියා සිටියේ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවකටවිසඳීම් සෙවීම බාර දෙන බවයි.
උපුටා ගැනීම: RadioGagana