දේශීය සිනමාවට 70 වසරක් සපිරෙන මේ වසරේ සිනමා කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමේ අර්බූද රැසකට මෙරට සිනමා ක්ෂෙත්රයට සම්බන්ධ බොහෝ දෙනෙකුට මුහුන පාන්නට සිදුව ඇත.
ජාතික චිත්‍රපට සංස්ථාව මෙවර 70 සමරන්නේ ආගමික කාරනා කිහිපයකට මුල් තැනක් දෙමින් බව එහි නිළධාරියෙක් මිරර් ආර්ට්ස් සමග පැවසීය. සිනමාව තුළින් පුළුල් විෂය කාරනා කතාකරන මෙවන් අවදියක චිත්‍රපට සංස්ථාව 70 සමරන්නට පිරිත් කියන්න සූදානම් වීම තරම් විහිළුවක් තිබේද? දේශීය සිනමාව තුළ සිනමා නිෂ්පාදකවරුන් රසායානාගර ශිල්පීන් කැමරා කරුවන් අධ්යක්ෂවරුන් මෙන්ම සංගීත අධ්යක්ෂවරුන් ද බොොමයක් ද්‍රවිඩ ජාතිකයින් විය. 70 සමරණ විට මේ පිරිස් අමතකකොට හෝ එක් ආගමක් පමණක් මූලිකත්වය දී ක්‍රියා කිරීම ජාතික සංහිදියාව වෙනුවෙන් කටයුුතු කරගෙන යන මොහාතක කොතරම් කාලෝචිතදැයි ප්‍රශ්නයක් නැගේ.
කෙසේවුවත් ආගමික සැමරුමක් බවට පමනක් සිනමාව ට 70වසරක් පිරීමේ සැමරුම් සිදුවූවත් මෙරට සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් යම් වැඩ පිළිවෙලක් හඳුන්වාදෙන්නට හැකියාවක් තිබුණානම් දේශීය සිනමා කර්මාන්තයේ නියුතු වූවන්ට එය සතුටක් ගෙන දෙන්නක් විය හැකිය.
එමෙන්ම ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ කාර්්යබාරය පිළිබඳවද පිරිස් සාකච්ජා කර තිබේ. මෙහිදී ජනපති පදවි ප්‍රාප්තියට චිත්‍රපට සංස්ථාව මැදිහත්විය යුත්තේ ඇයිද?මෙය විමසා බලන්න.
ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් මෙරට සිනමා කර්මාන්තයේ යම් සංවර්ධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළහැකි ව්නේනම් හොඳය. නමුත් සිදුවන්නේ මහින්ද රාජපක්ෂගේ කාලේ සිදුවූ විකාරමය.තොරන් ගැසීම ආදී ලකුණු දාගැනීමේ වැඩය.මේවා කරන්නට සූදානම් වන්නේ පාඩු ලබනවාය කියන ජාතික චිත්‍රපට සංස්ථාවය.
නමුත් එසේ නොවී කර්මාන්තයේ නියුතු වූවන් ට මුහුන පානා ගැටළු පිළිබඳ විද්වත් සාකච්ජාවක් සම්මන්ත්‍රණයක් පුහුණු වැඩ මුළු මේ වනවිට හඳුනාගෙන ඇති ගැටළු අතර නළු නිළියන් කලා අධ්යක්ෂවරුන් සහාය අධක්ෂවරුන් නිෂ්පාදන කළමනාකරුවන් වේශ නිරූපණ ශිල්පීන් ඇඳුම් හා වස්ත්‍රාභරන ශිල්පීන් ආදී වශයෙන් ගත්කළ විවිධ අංශ සඳහා ප්‍රාමාණික දැණුම සහ අධ්‍යනයකින් යුත් ශිල්පීන් නොමැතිවීමේ ගැටළු ආදී සුවහසක් ගැටළු වළින් යම් ප්‍රධාන කාරනා සම්බන්ධයෙන් හෝ ජාතික චිත්‍රපට සං්ථාව යම් මැදිහත්වීමක් කරන්නේනම් හෙට දවසේ සිනමාව වෙනුවෙන් කරන යහපතක් නොවන්නේද?
ජාතික චිත්‍රපට සංස්ථාව තුළ හෙට දවසේ සිනමාව වෙනුවෙන් කරන්නට නියමිත නිශ්චිත කාර්්යාවලියක් වගකීමක් ඇත්තේද?
ටෙලි නාට්‍ය ක්ෂෙත්රයේ රගපෑමට ආශාවෙන් එන්නා දවසකින් දෙකකින් සහාය අක්ෂ්යවරයෙක් හෝ නිෂ්පාදන කළමනාකරුවෙක් හෝ අධක්ෂවරයෙක් වෙයි. ඒ හැදෑරීමකින් තොරවය. එවන් අය ඔිනෑතරම් ක්ෂෙත්රය පුරාම සිටී. මේ පිරිස්ම අනතුරුව සිනමාවට ප්රවිශ්ට වෙයි. මේ අය ට නිසි හැදෑරීමක් නැත. සමහර අයට සිනමාව සිනමා කැමරාව පිළිබඳවත් අවබෝධයක් නැත. දැන් තත්ත්වය තවත් උග්රවනුයේ ඩිජිටල් සිනමාව සමගය. මේ අනුව ටෙලි නාට්‍ය කරන අය වහාම සිනමාවට ප්රවිශ්ටව සිනමාවේ ඇති සිනමාත්මකභාවය එහිම ආවේනික සෞන්ධර්යය අදී සිනමාත්මක බාවිතාවේ ඇති ගතිකයන් ටෙලිවිෂන් ආකෘතිය තුළින් ගෙන සියල්ල වෙනස් කරනු ඇත.
තරුණ සිනමා කරුවන් මේ ක්ෂෙත්රය තුළින් සිය නිර්මාණ ප්‍රතිභාවන් ලෝකය වෙත ගෙන යන්නට පෙරුම් පුරමින් සිටී.අනෙක් පසින් සිනමා කර්මාන්තයේ අර්බූද විවිධ ක්ෂෙත්ර තුළ පැන නැග ඒවා ඔඩු දුවමින් තිබේ. සිනමා කර්මාන්තයේ ඇති සමස්ථ අර්බූද සම්බන්ධව අමාත්‍යාංශය නිර්මාණ කරුවන් සිනමාශාලා හිමියන් චිත්‍රපට සංස්ථාව මෙන්ම ඊට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු වගකිවයුතු නිළධාරීන් සමග සිනමාවට 70 සපිරෙන මේ මොහොතේ වත් සාකච්ජාවක් කතිකාවක් සඳහා මුල පිරිය යුතුය.සිනමාවේ අර්බූද යම් මට්ටමකට හෝ විසඳා ගන්නට සිනමාවේ සිටින මෙරට ප්රමුඛ පෙලේ අයටත් උවමනාවක් නැති බව ද නැගෙන ප්‍රධන චෝදනවකි.
එලෙස නොකරන්නේනම් වර්තමාන රජයේ ප්‍රථිපත්ති අතර ඇති ලාබ නොලබන රජයේ ආයතන විවිධ රටවල හෝ මෙරට ආයෝජකයන්ට විකුනා දමනවා සේ චිත්‍රපට සංස්ථාවත් ඊට අදාළ සියළු ආයතනත් කාට හෝ විකුනා දමා උඩ බලන් සිටියානම් හොඳය.
සෙව්වන්දි හේරත්