lan englan tam

විශේෂාංග

ඉපැරණි සිතුවම් නිල් පැහැ ගැන්වූ-ලැපිස් ලැස්යුලි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉපැරණි සිතුවම් නිල් පැහැ ගැන්වූ-ලැපිස් ලැස්යුලි

ඉතිහාසඥ්ඥයින් විශ්වාස කරන්නේ මානවයා සහ ලැපිස් ලැස්යුලි (lapis_lazuli තේරුම: නිල් පැහැති පාෂාණ) අතර සම්බන්ධය වසර 6,500 කට වඩා වැඩි කාලයක් තිස්සේ පැවත එන බවයි.

ඉතා දීප්තිමත් නිල් පැහැයක් ගන්නා ලැපිස් ලැස්යුලි පාෂාණය, මෙසපොතේමියාව,ඊජිප්තුව,චීනය,ග්‍රීසිය හා රෝමයේ පුරාණ ශිෂ්ටාචාරයන්ගෙන් ඉතා ඉහළ වටිනාකමක් ලබනවලු.

ලැපිස් ලැස්යුලි පාෂාණය සිහින් කුඩක් බවට පත්කිරීමෙන් අල්ට්‍රාමරීන් (තේරුම: අති නීල වර්ණය) වර්ණකය ලබාගනී. ඉතා විශාල වටිනාකමක් ඇති මෙම පාෂාණය, වසර දහස් ගණනක් තිස්සේ සිට වර්තමානය දක්වාම ලබාගන්නේ ඊශානදිග ඇෆ්ගනිස්ථානයේ බදක්ශාන් ප්‍රාන්තයේ පිහිටි පතල් වලින් බවයි සදහන් වෙන්නේ.

පුණරුදය සමයේ චිත්‍රශිල්පීන් විසින් භාවිතා කරන ලද අනර්ඝතම හා වඩාත්ම මිල අධික නිල්පැහය, ලැපිස් ලැස්යුලි වලින් ලබාගත් අල්ට්‍රාමරීන් ලු. එය බොහෝ විට කන්‍යා මරියතුමියගේ සහ සුරදූතයින්ගේ ඇඟලුම් වර්ණගැන්වීම සඳහා භාවිතා කරන ලද අතර පාරිශුද්ධත්වය හා විනීතබව සංකේතවත් කිරීම සදහා එසේ භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කරනවා. ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු හා මූර්ති ශිල්පියෙකු වන මයිකල්ඇන්ජලෝ ඔහුගේ සිතුවම් සඳහා භාවිතාකළ අල්ට්‍රාමරීන් වර්ණකය නිපදවීම සඳහා ලැපිස් ලැස්යුලි යොදා ගත්ත කියලත් ලියුම්කරු ලියල තිබුනා.

මෙහ්ර්ගර්, කොකේසස් ප්‍රදේශය මෙන්ම මොරිතේනියාව වැනි ඇෆ්ගනිස්ථානයෙන් ඉතා දුර බැහැර ප්‍රදේශවලද, නියලිතික් යුගයට (එනම් ගල් යුගයේ අවසාන කාලයට) අයත් සොහොන් ගෙවල් තුල තිබී ලැපිස් ලැස්යුලි පාෂාණයෙන් නිර්මාණය කරනලද පබළු හමුවෙලා තියන වගත් වැඩිදුර ලියා තිබුනා.

ටුටන්කේමන් (ක්‍රිස්තු පූර්ව 1341-1323) ගේ මමියේ මුහුණු ආවරණය වර්ණවත් කිරීම සඳහාද භාවිතා කර ඇත්තේ මෙම ලැපිස් ලැස්යුලි පාෂාණයෙන් ලබාගත් වර්ණකය ලු.

වර්තමානයේදීද, ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ පතල් ලැපිස් ලැස්යුලි පාෂාණයේ මූලික ප්‍රභවය වෙයි. ඊට අමතරව, රුසියාවේ බයිකල් විලට බටහිර දෙසින් පිහිටි පතල් වලින්ද, චිලී හි ඇන්ඩීස් කඳුකරයේ පතල් වලින්ද සැළකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්නවලු. 

ඉතාලිය, මොන්ගෝලියාව, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල ඉතා කුඩා ප්‍රමාණයේ කැණීම් මගින් සපයාගන්නවා කියල අවසන සටහන් කර තිබුනේ.


©ඔබදුටු ලෝකයෙන් එහාට

උපුටා ගත්තකි.

View the embedded image gallery online at:
https://mirrorarts.lk/featured/4526-lapis-lazuli#sigProId81dcd3de71

Back to top
Go to bottom

Popular News