ආපදාවකට ලක්වුණ පුද්ගලයකු ලෙස මනෝ චිකිත්සකයකුගේ ප්‍රතිකාර ලබා ගන්නා කාලය තුළ සිනමාපට පහක හොදම නළුවා සඳහා ඔහු නිර් දේශ වෙනවා. ද වෝටර් ෆ්රන්ට් චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් ඔහු දක්ෂතම නළුවාට හිමි සම්මානය හිමි කර ගන්නවා.ඔහු එය ගෙදර ගෙනවිත් දොරට අඩයක් ලෙස තියනවා.
මාලන් බ්රැන්ඩෝගේ චරිතාපදානය එම්. ඩී .මහින්දපාල මහතා විසින් අම්මා මට කියාදුන් ගී නමින් සිංහලයට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කළ කෘතිය 2018.01.05 වන දින ජාතික චිත්‍රපට සංස්ථා වේ තරංගනී සිනමා ශාලාවේදී එළි දැක්විණි. එහිදි ඉදිරිපත් වූ එකම ආරාධිත දේශනය මෙහි උපුටා දක්වන්නට සිතුණේ තමන්ගේ පෞද්ගලික පුරාජේරු හෝ පූර්ව ළමාවිය සංවර් ධනයෙහි වන අඩුපාඩු ලෝකයට පෙන්වීමට තැනක් ලෙස සාහිත්‍ය උත්සව වරදවා ගත් කතිකයන් නිසා විකෘතිගත වාගාලාපයන් බවට සාහිත්‍ය දේශන අර්ථකතනය වූ වකවානුවක ඉදිරිපත් කිරීමේ සංයමය, හැගීම් ප්‍රකාශ කරමින් හඩ පාලනය කිරීම, ප්‍රේක්ෂකාගාරය ග්‍රහණය කර ගැනීමේ විනය සහ දේශනයේ සාරය , අවකාශකරණය යන ලක්ෂන වලින් මෙම ආරාධිත දේශනය නොඅඩුව තිබීමයි. කිසියම් සාහිත්‍ය දේශනයකට සහභාගි ව්නනා තුළද කලා කෘතියකින් ලබන චමත්කාර රසයට සමාන ලොමු දැහැ ගැන්වීමක් , නැවුම් හැගීමක් ඇතිව දේශන ශාලාවෙන් පිටවන්නට ලැබේ නම් දේශකයා එහිදී සාර්ථකය. මේ එවන් දුලබ අවස්ථාවකි. පෙදෙව් රසහව් විදිනා දෙනෙතා ඉතා දුලබෝ මුත්, දුහුනන් දැනුම් උදෙසා එම කතාවේ සාරය මෙසේ ඉදිරිපත් කරමි.
...............................................................................................
මාලන් බ්රැන්ඩෝව දක්ෂ රංගධරයෙක් ලෙස විවිධ අවස්ථාවල හදුන්වා දී තිබෙනවා මා දැක තියෙනවා. නමුත් බ්‍රැන්ඩෝට අනුව නම් කිසියම් පුද්ගලයකු විසින් රංගය දරා සිටිනවා නම් ඔහු ඉතා දුර් වල ශිල්පියෙක්.මක් නිසාද යත් ඇට්ලස් යෝධයා විසින් ලෝක ගෝලය තමන්ගේ කර මත ඔසවා සිටින්නාක් මෙන් නලුවකු හෝ නිළියක විසින් ස්වකීය රංගනයෙහි බර මුහුණෙන් නිරූපණය කරනු ලබත් නම් එය සාර්ථක නිරූපණයක් නොවන බවයි. බ්රැන්ඩො කීවෙ රගපෑම දරා සිටීම නොවේ එය තමා තුළට ගත යුතු දෙයක් බවයි. ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම නලුවා ලෙස ඔහුව හදුන්වා දුන්නොත් වැඩියෙන්ම තරහ යන්නෙ බ්‍රැන්ඩොට.
එක් වතාවක් රූපවාහිනී නිවේදිකාවක් බ්රැන්ඩොගෙන් අහනවා ඔබ ලෝකයේ ශ්‍රේෂ්ඨතම නලුවා නේද කියලා.එවිට රූප රාමුවට ඇතුල් වෙනවා බ්රන්ඩොගෙ ගෙදර හදන බල්ලා.එතකොට බ්රැන්ඩො කියනවා මෙන්න මෙයා තමයි ලෝකෙ ඉන්න ශ්‍රේෂ්ඨතම නළුවා.මෙයාට බඩගිනි වුණාම මට ආදරය බව පෙන්නල කෑම ඉල්ලනවා.බ්රැන්ඩො කවදාවත් තමන්ට වටිනාකමක් දීපු කෙනෙක් නෙමේ.ඔහුට තියෙනවා ටහිටි වල දූපතක්.වැල්ලෙ රෑට හෙලුවැල්ලෙන් ඔලුවට පොල් ගෙඩියක් තියන් තාරුකා දිහා බලන් ඉන්න කොට මමත් මගේ ඇගට යටවුණ වැලි කැටයක් වගේ විශ්වයේ ඉතාම කුඩා මිනිහෙක් කියා මට හිතෙනවා කියූ ඔහු කවදාවත් තමාට වටිනාකම් දීපු කෙනෙක් නෙමේ. කවුරු හරි කෙනෙක් ඔහුට ශ්‍රේෂ්ටයෙක් කියල කීව නම් බ්රැන්ඩො කියයි තමුසෙට තියෙන්නෙ ඇමරිකානු උණ කියලා.ඇමරිකන් අයට ඕන දේකට Great ඕනෙ.ඩොනල්ඩ් රොන් බලන්න.ඇමරිකාවට සහ එහි සංස්කෘතියට අවශ්‍ය වන්නේ මනුෂ්‍යයා අනෙක් අය අතරින් වෙන් කරන්න.බ්රැන්ඩො ඒ තත්වය ප්‍රශ්නයට නගනවා. මිනිසුන් එකිනෙකාට වෙනස්.ඔවුන්ගෙ වටිනාකම් වෙනස්.ඒ වටිනාකම් මත ඔවුන්ව තේරුම් ගන්න බැරිද කියන එකයි ඔහු අහන්නේ.මම ඔහු ගැන හිතන්න පහසු වෙන්න පාවිච්චි කරනවා මේ වෙලාවෙ ඔහුම කියපු දෙයක්.
මං හිතන්නෙ මගේ ජීවිතය ආදරය හොයාගෙන ගියේ.ඒ වගේම මගේ ජීවිතයට මුල් කාලයේ සිදු වෙච්ච ආපදාවන් ආවරණය කර ගන්න මාර් ගයක් හොයා ගන්නයි මට ඕන කළේ.ඒ වගේම මගේ වර්ගයාට යුතුකමක් මගෙන් ඉෂ්ඨ වෙන්න තියෙනවා නම් ඒ යුතුකම පැහැදිලි කර ගන්න මට ඕන වුණා. මෙහිදී ඔහු වර්ගයා යනුවෙන් අදහස් කළේ ඇමරිකානු වර් ගයා නොවේ. මිනිස් වර් ගයා. බ්රැන්ඩො මේ කියන ආපදාවන් වන්නේ කුඩා කාලයේ මුහුණ දුන් සිදුවීම්. ඔහුගේ මවත් බේබද්දෙක්. පියත් බේබද්දෙක්.අම්ම තැන තැන බීල වැටුණම ඔහුව උස්සගෙන ආවෙ කුඩා බ්රැන්ඩො. ඔහුගෙ තාත්තා ජීවනෝපාය ලෙස කළේ තැනින් තැනට ගිහින් කෘෂි උපකරණ විකිණීම.ඒ යන හැම තැනකම මේ තාත්තට පෙම්වතියන් හිටියා.නමුත් ඒ තාත්තා තමන් මොන දේ කළත් , තමන්ගෙ ජීවිතය කෙබදු වුවත් ඔහු බ්රැන්ඩෝගෙන් දැඩි විනයක් බලාපොරොත්තු වෙනවා.ඔහු නිතරම බ්‍රැන්ඩෝට සැර වැර කළේ දැඩි විනයානුකූල පියෙක් හැටියටයි.නමුත් බ්රැන්ඩො දන්නව තමන්ගෙ තාත්තා ගැන.එක පැත්තකින් බැලුවම මව බේබදු චරිතයක් වුණාට ඇය ප්‍රාදේශීය නිළියක්.බ්‍රැන්ඩෝට සංවේදීත්වය සහ මුදු ගුණය එන්නේ ඔහුගෙ මවගෙන්.ඔහුට පියාගෙන් ආ ගතිගුණය තමයි කිසිම ආකාරයක බලාධිකාරයක් නොඉවසීම.ඇමරිකානු රජය,ඒ වගේම ලෝකයේ කිසිම සමාජ සංස්ථාපිතයක් ඔහු පිළිගන්නෙ නැහැ.
චිත්‍රපට දෙකකින් ඔහුගෙ සත්‍ය ජීවිතය එලියට ආ අවස්ථා තියෙනවා. ඉන් පළමු වැන්න තමයි 1955 දී ඔහු විසින් රගපෑ වයිල්ඩ් වන් චිත්‍රපටය. ඔහු එහි රගපෑවෙ තරුණ බයිසිකල් ගැන්සියක නායකයෙක් ලෙසයි.මේ තරුණ ගැන්සිය නගරයට ගිහිල්ලා නගරය කිසියම් ආකාරයකට භීෂණයකට ලක් කරනවා.එතනදි ඔහුව පොලිසියකට එක්කගෙන ගිහිල්ලා පොලිස් නිළධාරීන් විසින් පහර දෙන කොට බ්රැන්ඩො කියනවා ඔහුට වඩා හොද පාරවල් මම මගේ තාත්ගෙන් කාල තියෙනවා කියලා.ඔහු ඒ දෙබස එතැනට එකතු කරන්නෙ තමන්ගෙ තාත්ත වෙනුවෙන්. ඒ වගේම 1972 දී රොනාඩෝ බර්ටඩොක්ස් විසින් අධ්‍යක්ෂණය කළ ලාස්ට් ටැන්ගො ඉන් පැරිස් චිත්‍රපටය තුළින් අධ්යක්ෂවරයා අපේක්ෂා කළේ බ්රැන්ඩොගෙ ආත්මය ඉස්මතු කිරීමටයි.එහි මරියා ස්පැන්ඩර් ට ඔශු ඔහුගෙ කතාව කියනවා.ඒ කියන්නෙ ඔහුගෙ ළමා කාලය ගැන.ඔහු බේබදු දෙමාපියන් එක්ක කෙතරම් දුක් වින්දද කියන එක එහිදී කියැවෙනවා. මේ ඵීඩාවන් වල පරිමාව කෙතෙක්ද කියනව නම් බ්රැන්ඩෝ අවුරුදු 19 දි සම්පූර් ණ වශයෙන් ස්නායු භංගත්වයට පත් වෙනවා.ඊ ළග අවුරුදු 20ක කාලය තුළ ඔහු නිතිපතා මනෝ චිකිත්සකයකුගෙන් ප්‍රතිකාර ගන්නවා.මෙන්න මේ කාලය තුළ තමයි මොහු සිනමා රංගනයේ පෙරලියක් කරන්නේ. ආපදාවකට ලක්වුණ පුද්ගලයකු ලෙස මනෝ චිකිත්සකයකුගේ ප්‍රතිකාර ලබා ගන්නා කාලය තුළ සිනමාපට පහක හොදම නළුවා සඳහා ඔහු නිර් දේශ වෙනවා. ද වෝටර් ෆ්රන්ට් චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් ඔහු දක්ෂතම නළුවාට හිමි සම්මානය හිමි කර ගන්නවා.ඔහු එය ගෙදර ගෙනවිත් දොරට අඩයක් ලෙස තියනවා.
දැන් අපි බලමු මානව වර්ගයාට මගෙන් වෙන්න ඕන යුතුකම වශයෙන් බ්රැන්ඩෝ අදහස් කළේ කුමක්ද යන වග.ඔහු මුල් කාලයෙ පටන්ම දේශපාලන ක්‍රියාවන්ට ක්‍රියාත්මකව සහභාගී වුණා.1943 දී ඔහු යුදෙව්වන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත්වුණු රැළියකට සහභාගී වෙනවා.ඔවුන් වෙනුවෙන් මුදල් එකතු කරනවා. ඉදිරිපත් වෙනවා.ඒ වගේම 1963 දී ආචාර්ය මාටින් ලූතර් කිං කලු ජාතිකයනන්ට ඡන්ද අයිතිය ඉල්ලල පාරට බැහැල දීර්ග පාද යාත්‍රාවක නියැලෙන කොට බ්රැන්ඩෝ ඔහුට ඔහුට එකතු වෙනවා.ඔහු කලු ජාතිකයන්ගෙ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා.ඒ කලු ජාතිකයන්ට ඇමරිකාවෙ ඡන්ද හිමිකම ලබා ගැනීම වෙනුවෙන්. ආචාර්ය මාටින් ලූතර් කිං ඝාතනය කිරීමෙන් පසු බ්රැන්ඩො කලු ජාතික සංවිධානයකට උදව් කරනවා.ඒ වගේම 1972 දී ගෝඩ් ෆාදර් චිත්‍රපටය වෙනුවෙන් ඔහුට ඇකඩමි සම්මාන උලෙළේ දී හොදම නලුවාට හිමි ස්මමානය පිරි නැමූ විට ඔහු එයට යවනවා ප්‍රකාශයකුත් දී රතු ඉන්දියානු තරුණියක්. ඇගේ නම ශහී ලිට්ල් ෆෙදර්.ඇය කියවන ප්‍රකාශයෙ තියෙන්නෙ මෙන්න මෙහෙම හොලිවුඩය විසින් පසුගිය කාලය තුළ රටේ ජනතාව නිරූපණය කරන ලද නිහීන සහ ම්ලේච්ච ස්වභාවයන් ට එරෙහිවීම උදෙසා ඔහු මේ සම්මානය ප්‍රතික්ෂේප කරන බවයි.කලු ජාතිකයන්, රතු ඉන්දියානු ජාතිකයන් බොලිවුඩය තුළ නිරූපණය වුණේ මෝඩයන් හෝ දාසයන් වැනි පහත් ආකාරයටයි.නමුත් ඒ තරුණියට එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම කියවන්න එහිදී අවසර ලැබෙන්නෙ නැහැ.නමුත් බ්රැන්ඩො සිය ප්‍රකාශය තුළින් පැවසුවේ ඇමරිකානු රජය ජන ඝාතක රජයක් බවයි. රතු ඉන්දීය රජය ඇමරිකානු රජය සමග ඇති කර ගත් ගිවිසුම් 440ක් පමණ තියෙනවා.නමුත් සුළු ජාතීන්ව පසෙකට දැ තිබුණේ. බ්රැන්ඩෝ රජයට එරෙහිව මෙම ප්‍රකාශ සිදු කළේ කිසිදු ජනප්‍රියත්වයක් අපේක්ෂාවෙන් නොවේ.1963 දී ඔහු මෙම ප්‍රකාශ සිදු කරද්දි ඇතැම් ප්‍රාන්ත වල පිහිටි සිනමාශාලා වල ඔහුගේ චිත්‍රපට ප්‍රදර් ශනය තහනම් කලා. ඔහු එම අවදානම බාර ගත්තා.1988 ඔහු රගපෑ The Dry White Season චිත්‍රපටයෙන් තමාට හිමි මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන දා හතරක මුදල ඔහු පිරිනැමුවේ කළු ජාතිකයන්ගේ අයිතීන් උදෙසා වූ අරමුදලටයි.බ්රැන්ඩෝ සමාජ ජීවියෙක් ලෙස මානවයන් උදෙසා සිය යුතුකම් කොටස ඉටු කළේ මෙන්න මේ ආකාරයටයි.
සිනමාවේදී ප්‍රසන්න විතානගේ
උපේක්ෂා නුවන්ශ්රිනිගේ මුහුණුපොතෙන්