Life is still beautiful when you reborn after a dramatic event ..
ඇය තමාව හඳුන්වන්නේ ලොව මුල්ම විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන කෘත්‍රිම ශරීර අවයවයක් සහිත (bionic ) නිරූපිකාව ලෙසයි.මේ වන විට 19 වියැති ඇය ඉතාලියේ මිලාන් හි ජීවත් වන චියාරා බෝඩි ය. ඉතාලියේ රූප රාජිණි ඉතිහාසයයේ අලුත් පිටුවක් පෙරළීමට චියාරා සමත් වූයේ 2018 වසරේ ඉතාලි රූ රැජිණ තරඟාවලියේ තුන් වන ස්ථානය ජයග්‍රහණය කිරීමත් සමගය.
එක් පාදයක් අහිමි බැවින් චියාරා තරඟයට සහභාගි වූයේ කෘත්‍රිම පාදයක් සහිතවය. එවනි තරඟකාරියක් රූ රැජිණ තරඟයකට සහභාගී වූ මුල් අවස්ථාව ද එය විය. අනෙකුත් තරඟකාරියන් සමග සාමාන්‍ය පරිදි තරඟ කළ ඈ Swimsuit සහ Evening gown යන අංශ වලදී වඩා කැපී පෙනෙන්නට විය. අවසානයේ ඈ 2018 ඉතාලි රූ රැජිණ තරඟයේ තුන්වන ස්ථානය දිනා ගත්තාය.
එහෙත් චියාරා ගේ ජයග්‍රහණය අනෙකුත් තරඟකාරියන්ට අසාධාරණයක් බවත් තරඟ සංවිධායකයින් ඇයට වාසි සහගත ලෙස ලකුණු ලබා දුන් බවත් බොහෝ දෙනා චෝදනා එල්ල කරන්නට පටන් ගත් අතර, ඇතැම්හු ඇයව 'කොරෙක්' ලෙස හුවා දක්වමින් පරිභව කරන්නටද විය. චියාරා තම ඉන්ස්ටග්‍රැම් පිටුවෙහි එයට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි..
"මට මාගේ පාදයක් අහිමි බව සැබෑය. එහෙත් ඔබ පෙන්නුම් කරන්නේ ඔබට හදවත් සහ මොළයක් අහිමි අය බවය.මා මෙහි පැමිණියේ තරඟය ජය ගන්නටම නොවේ. ඉතා කුරිරු අනතුරකට මුහුණ දීමෙන් පසුව යලි පණ ලැබූ ජීවිතයක් වුවද ඉතා සුන්දර බව ලොවට පෙන්වීමටයි මා මෙහි පැමිණියේ."
චියාරා ගේ සුභ වාදී චින්තනය නිසාම මේ වන විට ඈ ඉතාලියේ මුල් පෙළේ නිරූපිකාවන් අතර නමක් දිනා ගත්තාය. දැනට වසර පහකට පමණ පෙර ඈ යතුරු පැදි අනතුරකට මුහුණ දුන් අතර ඉන් ඇගේ එක් පාදයක් අහිමි විය. සුන්දර රූ සපුවක් හිමි ඇයට නිරූපණ ශිල්පිණියක වීමට අවස්ථාව ලැබුණේ Models of Diversity නම් සංවිධානය සමග සම්බන්ධ වීමත් සමගය. ඉහල පෙලේ නිරූපිකාවන්ට පමණක් සීමා වූ ඉතාලියේ නිරූපණ ශිල්පය ඇයට විවෘත වූයේ එමගිනි.
රුවල් ඔරු පැදීමෙන්, සර්ෆින් ක්‍රීඩාවෙන්, කිමිඳීමෙන් සහ කඳු නැගීමෙන් ද දස්කම් දක්වන්නට චියාර සමත්ය. පසුගිය වසරේ වැනිස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට සහභාගී වන්නටද ඇයට අවස්ථාව ලැබුණේ මේ නිසාමය.
කසුන් නදීර ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගැනුණි