ප්රවීණ ගායන ශිල්පී ටී එම් ජයරත්න මෙයට දශක 4කට පමණ පෙර ගායනා කළ “පවනට සැලෙනා දොඹ මල් සුවඳින්” නම් ගීතය මේ වනවිට යූටියුබ් මාධ්ය තුළ වේගයෙන් ජනප්රිය වී තිබේ.
2025 ජනවාරි මස 18 වෙනි දින යූටියුබ් අඩවියට එක් කර ඇති එම ගීතය මේ වනවිට මිලියන 8කට ආසන්න රසික නැරඹුම් වාර ගණනක් සටහන් කර ගෙන ඇත. ධර්මසිරි බණ්ඩාරනායක පද රචනය කළ එම ගීතය ආචාර්ය ප්රේමසිරි කේමදාසගේ සංගීත නිර්මාණයකි.
තම සිඟිති පුතු ද තනි කර වෙනත් සැමියෙකුගේ සරණ ගිය බිරිඳක් සම්බන්ධයෙන් ඉහළම මානවවාදී දයාවකින් යුක්තව සන්තාපය විඳ ගන්නා පියෙකුගේ සංවේදී මනෝභාවයන් මෙම ගීතයෙන් විවරණය කෙරේ.



