සුගත් මේ දවස්වල සිනමාවේ ගොඩක් කාර්යබහුලයි කියලත් ආරංචියි?
මේ දවස්වල චිත්රපට කිහිපයකම රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.
මැයි 15 වැනිදා රාග රූගත කිරීම් පටන්ගත්තා. අධ්යක්ෂණය තරිඳු ජයකොඩි. ඔහුගේ පළමු අධ්යක්ෂණය. සහය අධ්යක්ෂණයෙන් දායක වෙන්නේ ඩොනල්ඩ් ජයන්ත. ඔහු තමයි මාව අධ්යක්ෂවරයාට හඳුන්වා දෙමින් භාරත කියන චරිතයට මාව සම්බන්ධ කරගත්තේ. භාරත කියන්නේ විලන් කැරැක්ටර් එකක්.
ඊට කලින් මං වී. සිවදාසන්ගේ දූවිලි දරුවෝ සිනමාපටයට සම්බන්ධ වුණා. එහි කල්ප කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා. මේ අවුරුද්දේ මුල හරියේ අරගලයක් මැද කියන සිනමාපටයට සම්බන්ධ වුණා. ටෙවින් ගමගේගේ නිර්මාණයක්. එහි රෝයි කියන චරිතය අවසානයේ හීරෝ කෙනෙක් වෙනවා. මගේ ජීවිතේ පළමු වතාවට තමයි හීරෝ කෙනෙක් වෙන්නේ. ඒ නිසා එය මට සුවිශේෂී අවස්ථාවක්. ටෙවින් ඉන්නේ කැනඩාවේ නිසා ලංකාවට ඇවිත් රූගත කිරීම්වලට සම්බන්ධ වුණත් දෙබස් හඩකැවීම් සජිවීව පටිගත කළේ කැනඩාවේ ඉඳන්. ඒ නිසා ‘අරගලයක් මැද‘ ලාංකේය සිනමාවට අලුත් අත්දැකීමක් වේවි කියලත් හිතෙනවා.
ඊට අමතරව ‘ගගන‘ කියන චිත්රපටයටත් සම්බන්ධ වුණා. ගිය දෙසැම්බර්වල ඉඳන් මේ දක්වා ගත්තොත් චිත්රපට තුනක වැඩ ඉවර කරල තියෙනවා. ‘රාග‘ කියන්නෙ හතරවැනි එක. එහි වැඩ කරගෙන යනවා. තවත් කිහිපයකට ආරාධනා ලැබිලත් තියෙනවා. 2026 කියන්නේ මගේ සිනමා ගමනේ සාර්ථකම වසර කියලා හිතෙනවා. මේ වසර අවසාන වෙද්දී චිත්රපට දහයකට විතර සම්බන්ධ වෙන්න හැකියාව ලැබේවි කියලත් හිතනවා.
- rasaduna -



