‘ගාඩි’ නුවර යුගයේ අවසන් දවස් කිහිපය (1814 කාලවකවානුව) පසුබිම් කරගත් චිත්‍රපටයක්. මෙයට ප්රස්තුත වන්නේ ඵෙතිහාසික පසුබිමක් වුවත් මගේ වෙනත් චිත්‍රපට වගේම අවධානය යොමුකර තිබෙන්නේ මානුෂීය සම්බන්ධතාවලට.
අපේ සමාජයේ මෙන්ම, මුඵ ලෝකයේම අනන්‍යතා අර්බුදයක් තිබෙනවා. ජාති, ආගම්, අනුව. අපේ ජීවිතයේ වැදගත්ම දෙය අනන්‍යතාව ද? නැත්නම් වෙනත් දෙයක්ද? ඒ ‘වෙනත් දෙය’ චිත්‍රපටය තුළ කියැවෙනවා. අපි දකින විදියට අනන්‍යතාව මත මිනිස්සු ධ්‍රැවීකරණය වෙනවා. අනන්‍යතාව මත ගොනු වන විට අප අතරින් පොදු මනුෂ්‍යත්වය ගිලිහෙනවා. ‘ගාඩි’ හදන්න මා පෙළඹවූයේ එම තත්ත්වයයි. සුචරිත ගම්ලත් මහතා කියා තිබෙනවා “ඉතිහාසය නැවත හාරා අවුස්සා ගත යුත්තේ ඒ හරහා වර්තමාන අපේ ජීවිතයට ආලෝක දහරාවක් නිකුත් කරනවා නම් පමණයි” කියලා. මේ කතා ප්‍රවෘත්තිය තුළින් එවැන්නක් සිදුවන නිසයි චිත්‍රපටය හැදුවේ. මෙහි තිර රචනය වසර ගණනාවක සිට ගොඩ නගමින් නිර්මාණය කළා. “ගාඩි” යනුවෙන් හඳුන්වන්නේ අපේ රටේ ‘අවුට් කාස්ට්’ (පිටස්තරයන්) නැත්නම් ‘කුල’ ධුරාවලියේ පහළම ගණයේ ලා සැලකෙන (නුවර යුගයේ) ‘රොඩී’ කුලයයි. රොඩී යනු ‘රොඞ්ඩා’ යන අදහස දෙනවා. එනම් මිනිස් දුහුවිලි. නමුත් රොඩීන් තමන්ව හැඳින්වූයේ ‘ගාඩි’ හෙවත් ‘හිරුදෙවියන්ගේ දරුවෝ’ ලෙසින්. “ගාඩි” චිත්‍රපටයේ තිර රචනය, මම වැඩිම කාලයක් ලියූ තිර රචනය බවට පත්වුණා. අවුරුදු 25ක පමණ කාලයක සිට, මගේ අනෙකුත් චිත්‍රපට කරන අතර තුර ඒ සඳහා සූදානම තිබුණා. “ගාඩි” කතා ප්‍රවෘත්තිය මට අසන්න ලැබුණේ පළමු චිත්‍රපටයේ වැඩ අවසන් වූ කාලයේ. දවසක් රෙජී සිරිවර්ධන මහත්මයා එක වාක්‍යයකින් කිව්වා “උඩරට දණ්ඩනයක් තිබුණා කාන්තාවන්ට පනවා තිබූ. එම දණ්ඩනය ප්‍රතික්ෂේප කළ කාන්තාවක් හිටියා...” ඔහු මට කිව්වේ එපමණයි. ඒ හේතුවෙන් මම උඩරට යුගය පිළිබඳ සෙවීමට නුවර යුගය ගැන ලියැවුණු පොතපත කියෙව්වා. ඇයි මම මේකෙන් චිත්‍රපටයක් හදන්නේ? නුවර යුගය ගැන කියන්නද?... වර්තමාන සමාජ දේශපාලනයට මෙහි අදාළත්වය කුමක්ද? ඒ සඳහා අත්දැකීම් ගොනු කිරීමට නුවර යුගයට සම්බන්ධයක් නැති සාහිත්‍ය කෘති කියවීමත් මට උපකාර වුණා. මෙම චරිතවල අන්තර් සම්බන්ධය ගොඩනැගීමේදී ඔබේ අවධානයට ලක්වුණු විශේෂ කාරණා මොනවාද? ‘ගාඩි’ මම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් විශාලතම චිත්‍රපටය. මූල්‍යමය අයෝජනයත් විශාලයි. එහි අවකාශය, එනම් පැතිරුණු භූමිතලයක දිවෙන කතාවක්. විශාල නඵ නිළි පිරිසක් රඟපානවා.
‘ගාඩි’ චිත්‍රපටයෙන් මට අවශ්‍ය වුණේ පරිසරයේ පරිමාවත්, හදවතේ පරිමාවත් දෙකම වැඩිකරන චිත්‍රපටයක් හදන්න. සත්‍යජිත් කියා තිබෙනවා “ඔබට හිතෙනවා නම් යම් චිත්‍රපටයකින් කියන්න දෙයක් තියෙනවා කියලා, ඔබ ජීවිතයේ අන් සියලු දේ අත්හැරලා ඒ වෙනුවෙන්ම කැපවෙලා. ඒ දේ කිව යුතුයි කියලා. ‘ගාඩි’ත් එහෙමයි.
- ප්‍රසන්න විතානගේ
- උපුටා ගැනීම "රාවය, 2019/11/30"
( copy)