කෙහෙළිය රඹුක්වැල්ල නැවත නව රජය යටතේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්ව තිබේ. ඔහු මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි යුගයේ ටෙලි නාට්‍යකරුවන් ට විවිධ ආකාරයේ බලපෑම් එල්ලවූ බව නොරහසකි. ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේ ටෙලි නාට්‍යක් රජයේ රූපවාහිනී නාලිකාවකින් විකාශය කර ගැනීම සඳහා අල්ලස් ගත් බව ට ප්‍රසිද්ධ රහසක් ක්ෂෙත්රය පුරාම විය.ඔහු නමින් පදනමක් ඇති බවත් ඒ පදනමට එක් කථාංගයක් වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් ලබාගන්නා බවටත් එකළ ප්‍රසිද්ධය.
කෙහෙළිය රඹුක්වැල්ල නැවත ජනමාධ්‍ය අමාත්‍ය වරයා ලෙස දිව්රුම් දීමත් සමගම සමාජ ජාලා තුළ ඒ සම්බන්ධව විවිධ පෝස්ට් පළවී තිබේ.
ටෙලි නාට්‍ය කර්මාන්තය මේ වනවිට පත්ව ඇත්තේ ඉතාමත් පහළ මට්ටමකටය. කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කොට ඉහළ රසවින්දනයක් වෙතගෙන යාමට කිසිඳුු රජයකට අවශ්‍යතාවක් නොවුනි. මේ නිසාම වෙළඳ අනුග්රාහකයන්ගේ සහ රූපවාහිනී ආයතනවල අවශ්‍යතාවන් මත මේ මොහොතවන විට ටෙලි නාට්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබයි. මේ නිසා ටෙලි නාට්‍ය කලාව විනාශ වී කිසිඳු රසයක් අර්ථයක් නැති අවර ගනයේ ටෙලි නාට්‍ය ජනතාව වෙතට ඉදිරිපත් කරමින් ව්‍යසනකාරී සමාජ පරිසරයක් ගොඩ නගමින් සිටී.
ඉන්දියානු, කොරියානු, තුර්කි ටෙලි නාට්‍ය වළින් සියළුම නාලිකාවල ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබේ. මේ නිසා දේශීය ටෙලි නාට්‍ය නිර්මාණකරුවන්ගේ නිර්මාණ විකාශ්‍ය කර ගැනීමට අවකාශය නැතුව ගොස් ඇත්තාසේම වැඩි වියදමක් දරා නිර්මාණය කෙරෙන අර්ථ රසයක් වින්දනයක් ලැබිය හැකි නිර්මාණ සඳහා අඩු මුදලක් ගෙවීම නිසා නිෂ්පාදකවරු මෙන්ම ටෙලිනාට්‍ය නිර්මානය කරන අයද ටෙලි නාට්‍ය කලාවෙන් ඈත්ව ගොසිනි.
ටෙලි නාට්‍ය යනු මේ රටේ බහුතරයක් ජනතාවගේ රසවිදීමේ මෙවලම බවට පත්ව තිබේ. ලංකාවේ ඇති සියලුම රූපවාහිනී නාලිකා තුළින් පෙන්වන ටෙලි නාට්‍ය රසවිඳින ජනතාව එයට ඇබ්බැහිවී සිටිති. ඒ නාට්‍ය ඉන්දියානු, කොරියානු, තුර්කියානු වේවා ඔවුන් ඒවාට ඇබ්බැහි වී ඒවා තම ජීවිත තුළට පමණක් නොවේ තම පැවැත්ම උදෙසා ද ඒවායෙහි ඇති දේ එකතු කරගනිමින් තිබේ
මෙවන් වාතාවරණයක ටෙලිවිෂන් කර්මාන්තය අරඹයා සකස් වියයුතු බොහෝ දේ තිබේ.ඉන්දියානු, කොරියානු, තුර්කියානු ටෙලි නාට්‍ය මේ රටේ ටෙලිවිෂන් මගින් විකාශනය කිරීම නතර කිරීමෙන් රජයට ඉමහත් ආර්ථික අලාබයක් සිදුවන නිසා එම ටෙලි නාට්‍ය ගෙන්වීම හෝ පෙන්වීම නතර කිරීමට කිසිඳු පියවරක් නොගන්නා බව සහතිකය. විදේශිය රටක ටෙලි නාට්‍යක් වෙනුවෙන් විනාඩි 18කට රුපියල් ලක්ෂ එකහමාරක බදු මුදලක් ගෙවිය යුතුය. දිනකට ලැබෙන බදු මුදල් ආදායම ටෙලි නාට්‍ය තළින් පමණක් ලක්ෂ 15කට 20කට වැඩිය. රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ගොඩ නැගුනේද මෙම බදු මුදල් තුළිනි.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව හොදාකාරව දන්නා අයෙකි. බදු මුදල් වළින් කළ හැකි දේ බොහෝය.
පසුගිය දිනක ටෙලි වෘත්තීයවේදීන්ගේ ජාතික සංවිධානය මේ මුදල් පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසා ලිපියක්ද බාර දෙන ලදී . මේ සම්බන්ධව ජනමාධ්‍ය ලේකම්වරයා විසින් එම සංවිධානයට පිළිතුරු ලිපියකින් දන්වා ඇත්තේ විදේශීය රූපවාහිනී වැඩ සටහන් සඳහා බදු මුදල් අය කිරීමට පටන් ගන්නා ලද දින සිට මේ වනවිට ලැබී ඇති මුදල 3,087,638,740 බවත් එම මුදල් බාවිතාකරන ආකාරය පිළිබඳව අමාත්‍යාංශය නොදන්නා බවත් එම එමෙන්ම විදේශීය ටෙලි නාට්‍ය චිත්‍රපට වෙළඳ දැන්වීම සඳහා අය කරන ලද බදු මුදල් මේ වනවිට ටෙලි නාට්‍ය වලට සහ චිත්‍රපටවලට අය කිරීම නවතා ඇති බවද එම ලිපියේ සඳහන් කොට තිබේ.
එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මේ වසරේ මාර්තු මස 27 දින ගැසට් පපත්රය සංශෝධනය කොට එම අයකර ගැනීම් නවතා දමා තිබේ.
මේ හේතුවෙන් බරපතල ලෙස දේශීය ටෙලි නාට්‍ය කර්මාන්තය අනතුරට ලක්වන බව අමුතුවෙන් සඳහන් කළයුතු නැත.
මේ ආකාරයෙන් බදු මුදල් අයකිරීම නවතා දමා ඇති විටක රූපවාහිනී ආයතන ඉවක් බවක් නැතුව තම ගුවන් කාලය මෙවැනි අරුත්සුන් විදෙස් ටෙලි නාට්‍ය ගෙන්වා ප්‍රදර්ශණය කිරීම වැඩි කළ හොත් දේශීය ටෙලි නාට්‍ය කරුවන් සඳහා මේ වනවිට ලැබෙන ගුවන් කාලය තවත් සීමා සහිතවනු ඇත. මෙය විශාල අර්බූදකාරී තත්ත්වයකි. රූපවාහිනී ආයතන කොවිඩ් වසංගතය මුවාවෙන් කරගෙන ඇත්තේ බොර දියේ මාළු ඇල්ලීම ආකාරයේ කිසිසේත් පිලිගත නොහැකි වාසියකි. මේ වෙනුවෙන් සියළු ටෙලිවිෂන් වෘත්තීකයින් එක්ව හඩක් නගා බුදු මුදල් අය කරගැනීමට හෝ මේ ටෙලි නාට්‍ය නැවත්වීමට අරගල කළ යුතුය.
කලාකරුවන්ගේ සහාය ජනාධිපතිවරණයට ද මෙවර මහ මැතිවරණයටද නොඅඩුව ලැබුනි. නව ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයා ඇතුළු නව ආණ්ඩුවත් පිහිටුවා ගැනීම වෙනුවෙන් ටෙලි නාට්‍ය ක්ෂෙත්රයේ නළු නිළියන් අධ්යක්ෂවරුන් නිෂ්පාදකයින් ඇතුලු බොහෝ පිරිසක් වෙහෙස මහන්සිවිය. එවන් පසු බිමක මෙවන් තීරණයක් ගැනීමෙන් වඩාත් ආර්තික හා වෘත්තීය අර්බූදයකට ලක්වන්නේ මේ පිරිස්මය.
අර්බූදය එතැනින් පමණක් නතර නොවේ. නීතිය නමා අල්ලස් ගන්නවා යැයි ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙක් විෂය බාර අමාත්‍යවරයා ලෙස පත්වීමද අර්බූදය තව තවත් උග්‍රවන්නට හේතුවක් වනු ඇතැයි යන්න ක්ෂෙත්රයේ ස්වාධීනව කටයුතු කරනු ලබන බොහෝ දෙනකේගේ අදහසය.
මෙවන් ව්‍යසනකාරී අර්බූදකාරී වාතාවරණයක ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ටෙලි නාට්‍ය කරුවන්ගේ අප්‍රසාදයට පත් වූ අයෙකුගේ පත්වීම තුළින් ටෙලි නාට්‍ය කර්මාන්තයේ උන්නතිය අපේක්ෂා කළහැකිද යන්න විශාල ගැටළුවක් බවට පත්ව ඇති අතර ටෙලි නාට්‍ය වෘත්තීයවේදීන් සියලුම දෙනා තමන් යොමුවී සිටින ක්ෂෙත්රය තුළ ඉදිරියට ඇතිවිය හැකි අතිශය අර්බූදකාරී තත්ත්වයනට වහාම එක්සත්ව වගකීමෙන් සහ ක්රියාකළයුතුව තිබේ.