කලා කරුවො බහුතරයක් ඉන්නේ මාලිමාවෙයි පෙරටුගාමී එකෙයි . ඉස්සර බහුතරයක් හිටියෙ මහින්ද එක්ක. පස්සෙ පොහොට්ටුව එක්ක ගෝටාබය දිනවන්න රටපුරා ගියා. මේ වෙනකොට අනුර ප්රමුඛ මාලිමාව දිනවන්න බොහෝ පිරිසක් දවසින් දවස එක් එක් ප්‍රදේශවලදි වේදිකාවට එකතුවෙනවා. ප්රවනතාව පැහැදිළියි.
අරගලයට සම්බන්ධවෙච්ච බහුතරයක් දෙනා ඒ වෙලාවෙ රට වෙනුවෙන් ගෝටා එළවන්න එකතුවුනා මිසක් කාවවත් දිනවන්න එකතුවුනේ නැහැ. හැබැයි හුගක් අය නොදන්නවා වුනාට ඵෞතිහාසික අරගලය නිර්පාක්ෂික නොවුන බව බොහෝ දෙනා දන්නවා. නමුත් එතනදි කිසිම දේශපාලනයක් නියෝජනය වන විදිහට කිසිඳු කටයුත්තක් සිදුවුනේ නැහැ. කව්රුවත් මූලිකත්වය ගන්න දැගලුවෙ නැහැ. හැබැයි පස්සේ පස්සේ අරගලේට අයිතිවාසිකම් කියන්න හුගක් අයට ඔිනෙවුනා.
ඒ අරගල භූමියේ සිදුවූ යම් යම් කාරනා නිසා දමිතා අබේරත්න ට හිරේ යන්න වුනා. ඒ වගේම තවත් ක්‍රියාකාරීන් සිරගත කළා. සමහරු බලෙන් සිර ගත්වෙන්න උත්සාහ කළා. මේකෙ යට තියෙන තිත්ත ඇත්ත ගැන කතාකරන්න ගියොත් සමහර අය මාව හිරේ දාන්න කියන මට්ටමෙන් ඉල්ලීම් කරලා තිබුනා. ඒවට විවිධ හේතු තිබුනා.
දමිතා සජබෙ වෙනුවෙන් කතාකරන වේදිකාවට නැගලා. දමිතා මහරගම නගරසභාවේ නගරාධිපති පුටුවට තරගකරනවලු. කෝනාර කියලා අරගලේ හිටපු තරුණයෙකුත් මහරගම නගර සභා මහ පුටුවට එන්න තරග කරනවලු. තව කව්රු කව්රුත් පුටුවලට තරග කරයි ද කව්ද දන්නේ. සමහර අය මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුවළින් පාර්ලිමේන්තු එයි. කලාකරුවො රැසක් මාලිමාවේ සහ පෙරටුගාමි එකේ ලිස්ට්වල ඇති. තරග කරන අයත් ඉදීවි. ඒ අයගෙ වේදිකාවල නැගලා අනිත් පක්ෂ පතුරු ගසාවි. හැමදාම ඒ ඒ පක්ෂවලට ප්රතිවරුද්ධ අදහස් ඇති අනෙක් පක්ෂ විවේචනය කිරීම සාමාන්‍යයි. අපි ජන්ද දායකයෝ හැටියට මේ හැම කෙනෙක්ම කියන කතා නිර්පාක්ෂිකව රසවිඳිනවා. බලය ගන්න සූදානම් වන විදිහ ප්‍රථිපත්ති ඒවා ක්‍රියාත්මක කරන විදිහ ගැන බලන් ඉන්නවා. විශ්වාස කරන්න පුළුවන් කාවද මේ බලය වෙනුවෙන් මඩ ගසාගන්නා ලෝකෙ.
ලංකාවේ ජනතාව නගා සිටවන්න මේ හැමෝටම ඔිනෙ. සරවපාක්ෂික හමු සහ ක්‍රමවේද අරගලය ඇතුළෙ කතාකළ දේවල්. දැන් සර්වපාක්ෂිකව එකතුවීමකින් මේ රට මේ රටේ ජනතාව ගොඩ ගන්න කාටවත් දේශපාලන දැක්මක් නැහැ. සේරටම ඔිනෙ තමන්ගෙ කොටස ...දොඩම්ගොඩ. රනිල්ගෙ පරණ බටලන්ද ගැන,ෆැසිස්ට් වාදය ගැන කතා කරනවා. රනිල් කියන්නේ එයා ඇවිත් ඉන්නෙ වැටුන ආර්ථිකය ගොඩ දාන්න කියලා. එයාගේ කාලේ මහබැංකු හොරකම සිද්ධවුනා...එයා ඒකට උත්තර හොයන්නෙ නැහැ. ඒක ගැන කතා කරන්නෙ නැහැ. මහින්දලගෙ කාලේ කරපුවා හොයන්නෙත් නැහැ. එයා හිතනවා ඇත්තේ ආර්ථිකය ගොඩ දානවා කියලා. බදු වැඩියි කියලා මිනිස්සු පාරට බහිනවා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් වෘත්තීය සමිති ව්‍යාපාර සහ වෙනත් සංවිධාන. මේ හැම එකකම අවසානයේ සිද්ධවෙන්නෙ රාජ්‍ය මර්ධනයට තල්ලුකිරීම සහ තල්ලුවීම. එහෙම නැතුව දිනාගැනීම් ලබාගන්න බැහැ. වතුර ඉල්ලුවහම වෙඩි තිබ්බෙතේ ඒකයි. අරගලේදී ගෙවල් ගිනි තියලා කට්ටිය බය කරලා ගෙදර යැව්වෙත් ඒකයි. ඔය කව්රුත් කාතකරන සියල්ල සිද්ධවුනෙත් ඒකයි උතුරෙ වුනත් දකුනෙ වුනත් සටන්වලින් උද්ඝෝෂන වළින් මිසක ජීවිත හානියකින් මිසක මේ රටේ කාවදාවත් කිසිදෙයක් දිනාගෙන නැහැ. ලේ වැගිරෙන්නම ඔිිනේ.. රාජ්‍ය මර්ධනය වෙනකොට ජන්දෙකදි ඒ ගැන කතා කරන්න පුලුවන්. රනිල්ගෙ වධකාගාර මර්ධනය ආයෙත් කියලා. ගෝටාබය හිටියනම් සිද්ධවෙන්නෙත් ඒක. කව්රු හිටියත් තත්තවෙ ඔ්ක තමා.
වැටුනු ආර්ථිකය ගොඩ ගන්න උදව්කරන්නේ ජනතාව. ජනතාව බදු ගෙවනවා. ජනතාව එකවේලක් කාලා වැඩිවෙච්ච හැම මගුලම කන් කෙඳිරි ගගා ගෙවනවා. බැරි අය කලුවරේ ඉන්නවා,හාමතේ ඉන්නවා. සිස්ටම් වෙනස් කරන්න මාලිමාවටත් ඔිනෙ සජබෙටත් ඔිනෙ. අලුතෙන් හැදුන පක්ෂවලට ඔිනෙ මොනවද කියලා ජනතාව තාම දන්නෙ නැහැ. පාටලීලා,ගම්මන්පිලලා,මහින්දලා, බැසිල්ලා , ආදී වශයෙන් වූ අය ජන්දෙ කිට්ටුවෙන කොට වළ බොර කරලා මාලු බාන්න පටන් ගනියි.
දමිතගේ දේශපාලන ආස්තානය ගැන හුගක්ම රිදිලා තියෙන්නේ වාමාංශික ව්‍යාපාරවල තරුණ සහෝදර සහෝදරියන්ට. දමිතා කියන එක ඒ තරම් ගත යුතුද? මේ රටේ දේශපාලන ඉතිහාසය නොදන්න කෙනෙක් ඉන්නවද 83 ඉඳන් ගෝටාබය ගෙදර යවනකම් වෙච්ච දේවල්. පේ්මදාසලා රනිල්ලා එකතුවෙලා කරපුවත් අනිත් ව්‍යාපාර කරපුවත් රටට දෙපාර්ශවයෙන්ම කොයිතරම් වටිනා ජීවිත සංඛ්‍යාවක් අහමිවූවාද කියලත්, කලාකරුවන් මරාදැමුවාද කියලත් මේ රටේ දේශපාලනය ගැන සවිඥ්්ඥානික අය දන්නවා. දමිතා කියන්නේ දමිතා අහලා කියවලා තියෙන දේ. තව කෙනෙක් ඒවා අත්දැකලා තියෙනවා. තව සමහරු ඒවගේ කොටස් කරුවන්.
ලංකාවේ කොයි දේශපාලන ව්‍යාපාර තුළත් කරන්නේ මඩ ගැසීම්. කව්රුවත් තාම අලුත් විදිහට දේශපාලනය කරන්න ඉගනෙ ගෙන නැහැ. ලෝකෙ අනිත් දියණු රටවල දේශපාලන වේදිකා, මැතිවරණ වේදිකා දිහා බලපුවහම අපි තාම මඩ,අවලාද දේශපාලන විවේචන සහ ක්‍රම අනුව තමයි වැඩ කරන්නේ.
සජබෙ මාලිමාවට බනිනවා. ඒ ඔවුන්ට තියෙන ප්‍රධාන අභියෝගය මාලිමාව නිසා. මාලිමාවේ කලාකරුවො ප්‍රසිද්ධියේ සජබෙට අභියෝග කරනවා කලාකරුවො 10ක්වත් ඒ වේදිකාවට ගෙන්වන්න කියලා. කලාකරුවො වේදිකාවකට ගේන්න කියන අභියෝගයට වඩා සජබෙට කරන්න අභියෝග තියෙනවා. ඔය කොයි දේශපාලන පක්ෂයක්තවත් කලාවට කරපු මගුලක් නැහැ කියලා ඔ්නෙ කෙනෙක් දන්නවා. මාලිනීලා රවීලා ඇතුලු ලංකාවේ බහුතරයක් මහින්දගේ ගෝටගේ දෑත් ශක්තිමත් කළා මිසක් ඔවුන්ව නගා සිටෙව්වා මිසක් ඒ ඒ අය ඒ ඒ විදිහට තනතුරු වරප්‍රසාද ලබාගත්ත මිසක් අද වෙනකම් මොනවද කලාව වෙනුවෙන් කරලා තියෙන්නෙ.
දමිතා වේදිකාවට නැගපු එකට ජේවීපී එකේ ඉතිහාසය ගැන කරපු ප්‍රකාශ වලට අද මුහුනු පොතේ වාද විවාද වෙනවා.සමහරු කියලා තියෙනවා දමිතා අරගලේට ආවේ දේශපාලනයට ප්රවිශ්ට වෙන්න පාර හදාගන්න කියලා. දමිතට දේශපාලනේට එන්න පාරවල් හදාගන්න දෙයක් නැහැ කියලා හිතෙන්නෙ නැදැද? ඔය කලාකරුවො කියන අයට අලුතෙන් පාරවල් හදන්න දෙයක් නැහැ. ජනදෙකාලෙ කිට්ටුවෙනකොට ඒ අයට නිකම්ම කතා කරනවා. වේදිකාවට නැගලා කතාකරන්න පෙනී හිටින්න ආදී වශයෙන්.
කලාකරුවො පෙරගමන් කරුවො කියලා කියමනක් තියෙනවා. දැන් බලනකොට ජනතාවට වඩා සමහර කලාකරුවන් රැසක් ඉන්නේ පසු පසින්. කලාකරුවො කියලා කියන්න පුලුවන් කී දෙනකේද ඉන්නෙ. අද හුගක් අය ජනතාවාදී කලාකරුවො නෙමේ. ආර්ථිකය ගැන බඩගෝස්තරය ගැන හැතන කලාකරුවො කියන අය ඉන්නෙ.
මුදල කියන්නේ අද ඉතා වැදගත් දෙයක් බවට පත්වෙලා තියෙන නිසා වේදිකාවට ගොඩ වෙන්න යම්කිසි ගාස්තුවක් මුදලින් ගෙවනවා සහ ලැයිස්තුවලට නම් දාලා පාර්ලිමේන්තු යන්න හෝ වෙනත් දේවල් වලට නම් කරනවා. එහෙම නොවන අය කීප දෙනයි ඉන්නේ.සමහර අය බොක්කෙන්ම වේදිකාවලට නැගලා ජනතාව ගැන හිතලා රට ගැන හිතලා අනාගතය ගැන හිතලා මාලිමාවට එකතුවෙනවා. සජබෙට එකතුවෙනවා ඇති. නමුත් අපි දන්නෙ නැහැ මේ අය හෙට දවසෙ රට වෙනුවෙන් මොනවා කරනවද කියලා.
දමිතා සජබෙ වේදිකාවට නැගපු එක ගැන උරණ වෙන්න දෙයක් නැහැ. ඒක එයාගෙ ප්රජාතන්ත්රවාදී අයිතිය. එයාට අයිතියක් තියෙනවා අදහස් ප්‍රකාශ කරන්න. එයා පෙනී හිටින්නේ ධනවාදය වෙනුවෙන්නම් එයා ධනවාදය වෙනුවෙන් පෙනී සිටපුවාදෙන්.මුහුනු පොතේ දමිතා පිළිබඳ සංවාදය තුළ බොහෝ අය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිදහස පිළිබඳව අදහස් ප්‍රකාශ කොට තිබුනා.ජනප්‍රිය මෙන්ම දක්ෂ නිලියක වූ දමිතා තමන් අපේක්ෂා කරනු ලබන කණ්ඩායමට එක් නොවී එම දේශපාලන මත නොදැරීම ඇයට ද්වේශ සහගත ලෙස වචන තුළින් ගැසීම කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද?කොයිතරම් දේශපාලනිකද ?
කෙසේවුව දමිතා ව විවේචනය කිරීමට දමිතා ප්‍රකාශ කරන ලද යම් කාරනා පිළිබඳ විවේචනයක් කිරීමේ අයිතිය ඔ්නෑම කෙනෙකුට ඇත. එය විවේචනයක් විචාරයක් මිස ද්වේශ සහගත පැරණි මඩ ලියවිලි නොවිය යුතුය.
අරගලයේ කැපී පෙනුන දමිතා ගැන සමහර දේශපාලන විචාරකයන්ට ඇතිව තිබූ අදහස පිළිබඳව ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම, නෙමැතිනම් දමිතාගේ සජබ ආගමනය පිළිබඳ විශ්වාස කළ නෙැහකිවීම,පසුතැවීම,කළකිරීම ආදී හැගීම් මුහුනුපොතේ දකින්නට තිබේ. තවත් සමහරු දමිතා අරගලයට පැමිණියේම මේ සඳහා යැයි සැකකළ බව සඳහන්ව තිබුනා. දමිතා උපතින්ම එජාපාක්ෂිකාවක් යැයි තව අය ලියා තිබුනා.
උපතින් බෞද්ධ ,උපතින් සිංහල,උපතින් කොළපාට,උපතින් නිල්,උපතින් රතු මේ අපේ දේශපාලන සාමාජික දෘෂ්ටියයි.උපතින් අපි සියල්ලෝම මිනිසුන් පමණක් වන්නෙමු.
දේශපාලන පක්ෂ තුළ දේශපාලන වේදිකාවලට ගොඩවන කතා පවත්වන කලාකරුවන් වෘත්තිකයින් පිළිබඳ දවසින් වස විවිධ මාතෘකා හැදෙනවා.මැතිවරණය පවත්වන දින වනවිට සිදුවීමට ඇති බොහෝ දේ පිළබඳ ඉගි බිගි පෙනේ. පෙරමග සළකුනු පෙනේ. මෙවර දේශපාලන මැතිවරණ උණුසුමට වඩා මහමැතිවරණ හෝ ජනාධිපතිවරණ වේදිකාවල දැකගනු හැකිවනු ඇත.
දමිතාගේ දේශපාලන ආගමන ය ලංකාවේ වර්තමාන දේශපාලන චින්තනය පිළිබඳ චිත්‍රයක් ඇඳගැනීමට ප්රමානවත්වීම සතුටක්ද, දුකක්ද, කනගාටුවක්ද, කළකිරීමක්ද යන්න විමසා බැලීම වටී. නැතිනම් එය සහමුලින්ම අමතක කොට විද්වත් දේශපාලන කථිකාවක් වෙනස් හැඩයකින් නිර්මාණය කරගත යුතුය.
මුහුනු පොත යනු අද එකකි හෙට තව එකකි. මුහුදු රළ මෙනි ... අහස මෙනි,සුළග මෙනි,මොහොතින් මොහෙත වෙනස් වේ. ඉතින් හෙට තවත් මාතෘකාවකි.
දේශපාලනය ද එසේමය. 69 ලක්ෂය හැරවුමකි. මාලිමාව පාර කියන්නකි. දුරකථන පොහොට්ටු හෙළිකොප්ටර් ආදී එකී මෙකී නොකී සියල්ල නියෝජනය කරන්නේ ලංකාවයි. ලංකාවට ඉහළින් ඉන්දියාව, ඇමෙරිකාව,චීනයයි. මේ සියල්ලට යටව ජනතාව කුසගින්නේ,බෙහෙත් නොමැතිව,බදු ගෙවමින්,බිල් ගෙවමින් එකිී මෙකී නොකී සියල්ලෝම නඩත්තු කරති.
අපි අහස දෙස නොව පොළව දෙස බලා සිටිමු .
නිර්පාක්ෂික පුරවැසියෙක්